• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රෝමය ගිනිගෙන ඇවිලෙනවා… සල්ගාදු පිටියේ වීණාව වයනවා..! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 12, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
සල්ගාදු පිටියට මහ සෙනගක්!
Share on WhatsAppShare on Facebook

“රජයේ ආර්ථික ප්‍රතිපත්ති කොතරම් මහජන අප්‍රසාදයට ලක්ව තිබුණද තවමත් රජයට මහජන සහයෝගය ඇති බවත්, එය ලෙහෙසියෙන් ලිස්සා හැරීමට නොහැකි බවත් පෙන්නුම් කිරීම සඳහා අරඹන ලද මහජන සම්බන්ධතා ව්‍යායාමයකි. දෙවැන්න කවර හේතුවක් නිසා හෝ වේවා පීඩනයට පහසුවෙන් ගොදුරු වන ප්‍රවණතාවක් දැක්වූ එ.ජා. පක්ෂයේ ඇතැම් තෝරාගත් පුද්ගලයන් වෙත එල්ල කරන ලද ව්‍යාපාරයකි. මේ පුද්ගලයන් අතරට ජේ.ආර්. ප්‍රධාන වශයෙන්ද ඔහුට දේශපාලන වශයෙන් සම්බන්ධ වෙනත් පුද්ගලයෝද අයත් වූහ.

ජේ.ආර්.ගේ ව්‍යාපාරයට හොඳම පිළිතුර දේශපාලන ව්‍යාපාරය බව ලං.ස.ස. පක්ෂය විසින් ශ්‍රීලනිපයට නිර්දේශ කරන ලද ආකාරය ල.ස.ස. පක්ෂයේ ඇතැම් සාමාජිකයෝ මතකයට නැඟූහ. මේ ව්‍යාපාරයට මහජන රැස්වීම් මාලාවක් ඇතුළත් වූ අතර එහි පළමුවැන්න මහනුවරදී පැවැත්විණි. ඉන් පෙර ඔක්තෝබර් මාසයේදී කොළඹදී පැවැත්වුණු ජේ.ආර්.ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට එක්රොක් වූ ජනකාය ඉක්මවන ජනකායක් මහනුවර රැස්වීමට සහභාගි වූහ. සති ගණනක් මුළුල්ලේ රජයේ ගුවන් විදුලියත්, රජයෙන් පාලනය වුණු ප්‍රවෘත්ති පත්‍රත් මේ රැස්වීමට මහජනයා සූදානම් කළහ. නොමිලේ නැතහොත් අඩු ගාස්තුවකට ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලැසූ රජයෙන් පාලනය වුණු ගමනාගමන මණ්ඩලයට අමතරව රැස්වීමට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා රජයේ වාහන යොදවනු ලැබීය. රජයේ පාලනය යටතේ පැවැති වෘත්තීය සමිති සාමාජිකයෝ මුළු ශක්තිය යොදා රැස්වීමට සහභාගි කරවනු ලැබූහ. මෑතකදී රජයට පවරාගනු ලැබූ වතුවල කම්කරුවන් රැස්වීමට සහභාගි වීම අනිවාර්ය කරන ලදී. ලොරිවලින් හෝ බස්වලින් ප්‍රවාහනය කරන ලද දහස් ගණන් ඉන්දියානු වතු කම්කරුවන් රජයට පක්ෂපාත සටන්පාඨ කැඩිච්ච සිංහලෙන් උච්චාරණය කරමින් ගමන් ගත් ආකාරය අරුමපුදම දර්ශනයක් විය.

නිල් ඇඳුමින්ද, නිල් තොප්පිවලින්ද සැරසුණු ශ්‍රීලනිප තරුණ සමිති සාමාජිකයෝ පාබල සේනාංකයක ශක්තිය ප්‍රධර්ශනය කරමින් ගමන් ගත්හ. පාසල් ගුරුවරු, කාර්යාල ලිපිකරුවෝ, වෘත්තීය සමිති සාමාජිකයෝ මේ ජනකාය අතර වූහ. දේශපාලන සන්දර්ශනයක් හැටියට එය ලෙහෙසියෙන් පැරදවිය නොහැකි උත්සාහයක් විය. පෑ ගණනාවක් තිස්සේ කෙළවරක් නැතිව ගැලූ ජන ගඟ නිසා මහනුවර නගරය මිනිස් හිස්, බැනර, සටන්පාඨ පුවරු ආදියෙන් වැසීගිය මුහුදක් බඳු විය. මෙසේ ඇදී ආ ජනකාය මුළුමනින්ම වාගේ පැමිණ අවසන් වූ පසු දෙසුම් පටන්ගන්නා ලදී. මහජනයාට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතාවලට සහන සලසන බවට ඇතැමෙක් ප්‍රතිඥා දුන්හ. ඔවුනට කන් දීමට එක්රොක් වූ අතිවිශාල ජනකාය ගැන බොහෝ දෙනෙක් උද්දාමයෙන් කතා කළහ. මේ ජයග්‍රාහී ස්වරයෙන්ම ඔවුන්ගේ උග්‍ර ප්‍රතිවාදීනට, විශේෂයෙන් ජේ.ආර්.ට තර්ජන ගර්ජනද එල්ල කළහ. දුර්වල අයට රජයට බැඳෙන ලෙසට ආරාධනාද කළහ. සෙනග අතර සිටි සටන්පාඨ ඝෝෂකයන්ගේ මුවින් නැවත නැවතත් පිටවුණු සටන් පාඨයක් විය. වේදිකාවේ අසුන්ගෙන සිටි නායකයන් ඉදිරියෙන් ගමන් කරද්දී හමුදාවේ පාබල සේනාංකයක ස්වරූපය ඉසුලූ ඔවුහු, 1975දී නොව 1977දී වත් මැතිවරණයක් නොපැවැත්වෙන බව ඔවුනගේ සටන් පාඨයෙන් කියැවිණි. රැස්වීම අමතා කතා කළ ඇතැම්හුද මේ සටන් පාඨයම පුනරුච්චාරණය කළහ.

සති හයක් හෝ වැඩි ගණනක් තිස්සේ දිවයිනේ බොහෝ පළාත්වල මේ රැස්වීම් පවත්වන ලදී. මේවාට සහභාගි වූ ජනකාය තීරණය වූයේ එම ස්ථානයට කොළඹ සිට තිබුණු දුර ප්‍රමාණය අනුවය. එහෙත් වඩාත් තේරුම් බේරුම් ඇති නිරීක්ෂකයන්ට රැස්වීමෙන් රැස්වීමට සෙනග ප්‍රවාහනය කරන හැටිත්, කැමැත්තෙන් හෝ බලෙන් මෙසේ රැගෙන යන පුද්ගලයන්ගෙන් රැස්වීම්වලට සහභාගි වන සංඛ්‍යාව තර කරන හැටිත් අවබෝධ කරගැනීම අපහසු නොවීය. සටන් පාඨ කියන්නවුන්ගේ නායකයන් හැම රැස්වීමකදීම පාහේ දක්නට ලැබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙසේ සෙනග ඒකරාශී කිරීමේ සාර්ථක ව්‍යායාමය පිටුපස සිටි හස්තය මාක්ස්වාදී වාමාංශිකයන්ගේ විශේෂයෙන්ම ලං.ස.ස. පක්ෂයේ බව තතු දත් නිරීක්ෂකයෝ දුටහ. හමුදාවක සේනාංකයක විලාසයෙන් වේදිකාව ඉදිරියෙන් ඇදීයන පිරිසගේ සටන් පාඨවල ස්වරයද විප්ලවවාදී ස්වරූපයක් ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

මේ පෙළපාළිවල ගමන්ගත් අතිවිශාල සංඛ්‍යාවක් ගෙන යන ලද්දේ ලං.ස.ස. පක්ෂය බවත්, ඔවුන් අතර තරුණ සමිතිවල සාමාජිකයන් සහ වෘත්තීය සමිතිවල සාමාජිකයන් සිටි බවත් ශ්‍රී ලනිපයේ ජනකාය කෙරෙන් විද්‍යාමාන නොවූ හික්මුණු සටන්කාමීත්වයක් තමන් එක්රැස් කළ ජනකාය විසින් ප්‍රකට කරන ලද බවත් 1979දී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මතකයට නැඟුවේය.

‘දේශපාලන හරවත් බවක් ශ්‍රීලනිපය කෙරෙන් විද්‍යාමාන නොවීය. එහෙයින් ඔවුනට කීමට දෙයක් නොතිබුණු තරම්ය. අනෙක් අතට අපට නිශ්චිත සටන් පාඨ තිබිණි. අපගේ අනුගාමිකයන් ගමන් කළේ ඒවා කියමිනි. කල් නොයාදීම ශ්‍රීලනිපයේ කණ්ඩායම්ද අපගේ සටන් පාඨ අනුගමනය කළහ. ‘අධිරාජ්‍යවාදයට එරෙහිව කෙළින් සිටිමු’, ‘නව අධිරාජ්‍යවාදය තුරන් කරවු’, ‘කස්ත්‍රෝ වාගේ කෙළින් ඉන්න’ මේ සටන් පාඨ විශේෂයෙන්ම අවසාන සටන් පාඨය තරුණ පිරිසගේ සිත් ගත්තේය.’

අනුරාධපුරයේ දැවැන්ත රැලියක් පැවැත්විණි. සියලු බලාපොරොත්තු ඉක්මවා යමින් අතිවිශාල ජනකායක් ඊට එක්රොක්ව සිටියහ. ලං.ස.ස. පක්ෂයේ භට හමුදාව මොළවාගත් මිටින් යුතුව නියම මාක්ස්වාදී ආචාර ක්‍රමය අනුගමනය කරමින් ගමන් ගත්හ. සුදුවතින් සැරැසුණු බණ්ඩාරනායක මහත්මිය සාම්ප්‍රදායික ආචාර ක්‍රමයට දෑත් එක්කොටගෙන සිදුවන සියලු දේ නරඹමින් වේදිකාව මත සිටගත්තාය.”

ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය

ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ මේ කොටස කියවන විට මතක් වන්නේ පසුගිය බදාදා අනුරාධපුර සල්ගාදු පිටියේ පොදුජන පෙරමුණ පැවැත්වූ රැලියය. ඒ සමග පෙරමුණු ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා මිනිසුන් වින්ද දුක් ගැහැටත්, අද පොදුජන පෙරමුණේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය නිසා මිනිසුන් විඳින දුක් ගැහැටත් සංසන්දනය කරන විට අද මිනිසුන් විඳින්නේ අපා දුකකි. සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ ගොවියන්ට අතමිට සරු විය. පොහොර ප්‍රශ්න තිබුණේ නැත. ඒ වගේම ඒ කාලයේ භාණ්ඩ මිලදී ගන්න පෝලිම් තිබුණත් භාණ්ඩ මිල ඉතා අඩු විය. මිනිසුන් භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල හිටියත් අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකි වීම මහත් සහනයක් විය. අනෙක සහල් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට සලාක ක්‍රමයකට ලැබිණි. මේ නිසා ජනතාවට අද තරම් පීඩනයක් දැනුණේ නැත. අද පෝලිමේ ඉඳලාත් භාණ්ඩ මිලදී ගන්නේ අහසට උස ජනතාවට දරාගන්න බැරි මිලකටය. ඒ මිල දවසින් දවස වෙනස් වේ. 1970-1977 සමගි පෙරමුණු ආණ්ඩුව මිල තීරණය කළේ ආණ්ඩුවමය. අද මිල තීරණය කරන්නේ ව්‍යෘපාරිකයන්ය. එදා සමගි පෙරමුණු ආණ්ඩුවේ මහජන රැස්වීම්වල පෙළපාළිවල කිය කියා ගියේ අපූරු සටන් පාඨය.

‘සිරිමා මැතිනි සීදේවී
සීනි නැතිව තේ දේවී…’
‘සීනි නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපට කියනව නම්
පිදුරු වුණත් අපි කන්නම්…’

එදා සමගි පෙරමුණු පාක්ෂිකයන් මෙවැනි සටන් පාඨ කියන විට අගමැතිනි බණ්ඩාරනායක මැතිනියද ඇතුළු නායකයන් උද්දාමයට පත්වුවත් සාමාන්‍ය ජනතාව තුළ හටගත්තේ දැඩි කේන්තියකි. වෛරයකි. තමන් විඳින දහදුක අනුමත කරන මේ පාක්ෂිකයන්ව විපක්ෂයේ ජනතාව මැදහත් ජනතාව පමණක් නොව සමගි පෙරමුණට ඡන්දය දුන්න ජනතාවත් පිළිකුල් කළහ.

එදා අද වගේ ආර්ථික අර්බුදයක් තිබුණේ නැත. ඩොලර් හිඟයක් හෝ ණය අර්බුදයක් විදේශ සංචිත ප්‍රශ්නයක් තිබුණේ නැත. එදා රටේ පෝලිම් යුගයක් ඇති වුණේ සමගි පෙරමුණු ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසාය. සමාජවාදයට බර සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය රටට හොඳ යැයි ඔවුන් සිතූහ.

අද වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්තියක් නැත. එහි ප්‍රතිඵලය අද රට වැටිලා තියෙන තත්ත්වයය. පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට ආ විගස යහපාලන ආණ්ඩුව සුපිරි ධනවතුන්ට පනවා තිබූ බදු ඉවත් කළේය. යහපාලන ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබූ එකඟතා කඩකර මූල්‍ය අරමුදලට ගෙදර පලයන් කීවේය. ධනපතියන්ට පනවා තිබූ බදු ඉවත් කිරීම නිසා රජයට සිදුවූ පාඩුව බිලියන ගණනකි. විදේශ ණය ගෙවමින් රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා කඩකිරීමෙන් ආර්ථික වශයෙන් රට වල්මත් විය.

තමන් කරගත් වැරැද්ද නිසා රට අවුල් ජාලයක් වී ඇති බව පොදුජන පෙරමුණු ආණ්ඩුව තේරුම්ගෙන ඇත. ඒත් ඒ අවුල් ජාලය ලිහන්නේ නැතිව තම දේශපාලන හයිය පෙන්වීම සඳහා ආණ්ඩුව මහජන රැස්වීම් සන්දර්ශන පෙන්වන්න පටන් ගෙන තිබේ.

‘රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වැයුවා’ සේ ආණ්ඩුව රාජපක්ෂ වීණාව වයන්න පටන්ගෙන තිබේ.

‘මිනිස්සු මේ වීණාවට වශී වෙයිද?’

ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම දේශපාලනය මිනිසුන්ට අතුරු මාතෘකාවකි. එය ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඡන්ද කාලයේදී පමණය. ඡන්ද කාලයෙන් එපිට මිනිසුන්ට දේශපාලනය ප්‍රධාන මාතෘකාවක් වන්නේ දේශපාලනය මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන විටදීය. දේශපාලනය මිනිසුන්ගේ බඩට ගහන විටදීය. 1970-1977 යුගයේ සිදුවූයේ එයය. 2001 ආර්ථිකය ඍණ වූ විටදී සිදුවූයේත් එයමය. අද සිදුවන්නේත් ඒකමය. මිනිසුන්ගේ බඩ පපුව දන්න ගත්ත විට මිනිසුන් ඡන්දයක් නොතිබුණත් දේශපාලනය කතා කරන්න පටන් ගනී. මේ මිනිසුන් දේශපාලනය ගැන කතාකරන එක නතර කරන්න මිනිසුන් ඉන්නේ තමන් සමග බව පෙන්නන්න ආණ්ඩුව රැස්වීම්වල සෙනග පෙන්වන්න පටන්ගෙන තිබේ.

ජේ.ආර්. විධායක ජනාධිපති ක්‍රමය දහල විධායක ජනාධිපති වූ දින සිට ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්වන විට විපක්ෂය දුර්වල කරන්න කළේ ඡන්ද තියන එකය. ජේ.ආර්. කළේ අතුරු මැතිවරණ පවත්වා ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමය. 88-89 භීෂණය නිසා ප්‍රේමදාස ආණ්ඩුව අප්‍රසාදයට පත්වී ඇතැයි විපක්ෂය සිතුවත් ප්‍රේමදාස ආණ්ඩුව 1991 පළාත් පාලන ඡන්දය තියා දිනල පෙන්නුවේය. 1995 ජනාධිපති වූ චන්ද්‍රිකාත් කඩින් කඩ පළාත් සභා ඡන්ද තියමින් පළාත් පාලන ඡන්ද තියමින් සිය ශක්තිය පෙන්නුවාය. 2005 ජනාධිපති වූ මහින්ද 2015 තෙක් කළේත් පළාත් සභා පමණක් නොව පළාත් පාලන ඡන්දද කඩින් කඩ තියා හයිය පෙන්වීමය.

‘ඉතින් ඇයි රාජපක්ෂලාට අද ඒක කරන්න බැරි…?’

මේ වෙනකොට පළාත් සභා පමණක් නොව පළාත් පාලන ඡන්දද කල්දමා තිබේ. එයින් පේන්නේ අද රාජපක්ෂවරු ඡන්දවලට පුදුම බයක් දක්වන බවය. ඡන්දවලින් ගන්න හයිය මහජන රැස්වීම්වලින් ගන්න බැරිය. 2019 ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ගෙන සජිත් ප්‍රේමදාස ගෝල්ෆේස් පිටියට මහා ජන ගඟක් ගෙන ආවේය. ඒ සෙනග දැකල රාජපක්ෂලාත් බිය විය. ඒත් ගෝඨාභය අතිවිශිෂ්ට ජයක් ලැබීය. ආණ්ඩුවකට එරෙහිව විපක්ෂයකට සෙනග පෙන්වන්න පුළුවන් නම් එය අතිසාර්ථකය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ජනබල මෙහෙයුම සේම, මෛත්‍රි-රනිල් ආණ්ඩුවට එරෙහිව රාජපක්ෂලාගේ ගෝල්ෆේස් වික්‍රමය කියන්නේ ඒ කතාවය. ආණ්ඩුවක් සිය රාජ්‍ය බලය යොදවා විපක්ෂයට එරෙහිව සෙනග පෙන්වීම කෘත්‍රිමය. 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ සිට 2019 සජිත්ගේ ගෝල්ෆේස් රැලියත් කියන්නේ ඒ කතාවමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අවුරුදු කන්න බැසිල්ගෙන් ඕන තරම් බඩු! ඩොලර් ප්‍රශ්නයටත් විසඳුමක්! (VIDEO & PHOTOS)

Next Post

විපක්ෂය දෙවන වරටත් රහසේ රැස්වෙයි! මේ පාර ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුත් එක්වෙයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.