ඈත ඉතිහාසයේ පටන් දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ වෙහෙර විහාර සිද්ධස්ථාන රාශියකි. එම සිද්ධස්ථාන අතරින්ද ලොව පුරා බෞද්ධයන් අසීමිතව ගෞරව දක්වන ස්ථාන කිහිපය අතරින් කන්ද උඩරට පිහිටි මහනුවර දළදා මාලිගාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. දළදා මාලිගාව එකී වන්දනාමානයට පාත්‍රවීමට තවත් සුවිශේෂ කරුණු රාශියක් ප්‍රධාන වෙයි. ඒ අතර බෞද්ධයන්ට වන්දනීය ස්ථාන සේ සැලකෙන ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ස්ථාන තුනෙන්ම සමන්විත මේ පින් බිම මෙරට තුළ විශේෂත්වයක් හිමිවන තැනකි. ඊට රාජ්‍ය පාලකයන්ගේ සිට බොහෝ අංශ බැඳී පවතින අතර බොහොමයක් ස්වභාවික හා අනෙකුත් විපත් කරදර ආදියේදී රටත් ජනතාවත් බේරාගෙන පිහිට ආරක්ෂාව සැපයීමේ උතුම් බලයක් දළදා වහන්සේ සතු බව දෙස් විදෙස් බෞද්ධයන් හදවතින්ම විශ්වාස කරයි. මේ විශ්වාසය නිසාම දෙස් විදෙස් බෞද්ධයන්ගේ ප්‍රධාන පුරුද්දක් ලෙස වසරක් පාසා දළදා වහන්සේ වන්දනාමාන කිරීම හැඳින්විය හැකිය. ඔවුහු කෙසේ හෝ සෑම වසරකම දළදා මාලිගාවට ගොස් තම අභිමතාර්ථය ඉටුකර ගන්නේ යහපත් චේතනාවෙනි. එයින් තමාගේ ජීවිතවලට සිදුවූ යහපත විශාල බව ඒ සියල්ලෝම විශ්වාස කරති.
කෙසේ නමුදු දළදා මාලිගාව යනු සුවිශේෂ පූජනීය ස්ථානයක් සේම රාජ්‍ය පාලනය බුද්ධ ශාසනයක් හා බැඳුණු විශේෂිත සාධකයකි. ඒ හා බැඳුණු චාරිත්‍ර විධි නීතිරීතිද රාශියකි. ඒ අතර කිසිවකු නොදන්නා ඉපරැණි චාරිත්‍රද රැසක් ඇති අතර බොහෝ දෙනකු සිතා සිටින්නේ මාලිගාවේ දොරවල් විවෘත කරනුයේ ජනතාවගේ වන්දනාමානයට යනුවෙන් වුවද එය එසේ නොවන බව දන්නේ සුළු පිරිසකි. එදා මෙදාතුර ඉතිහාසයේ සිදුවන චාරිත්‍ර අනුව දළදා මාලිගාවේ දොරටු දිනකට තුන්වරක් විවෘත කරන අතර එසේ කරනුයේ දිනකට අදාළ තේවා කටයුතු වෙනුවෙනි. එසේ තේවා කටයුතු වෙනුවෙන් දොරටු විවෘත කෙරෙන අවස්ථා දළදා වහන්දනාව සඳහා අවස්ථාවක් කරගන්නට එදා මෙදාතුර බෞද්ධ සැදැහැවතුන් හුරුවී සිටියද ඒ ඕනෑම මොහොතක තේවාව භාර නායක ස්වාමින්වහන්සේට දළදා මාලිගාවට පැමිණෙන පිරිස් නතර කිරීමේ බලය තිබෙන බවයි පැවසෙන්නේ. එවැනි බලයක් උන්වහන්සේට ලැබෙන්නට හේතු සාධක වූ කාරණාද රාශියකි.
දළදා මාලිගය යනු සියලු පූජාවන් සියලු චාරිත්‍ර නිසි වෙලාවකට සිදුකෙරෙන ස්ථානයකි. දළදා මාලිගාවේ බුද්ධ පූජාව තේවාව ආරම්භය අවසානය මෙන්ම සතර දේවාල ආශ්‍රිතවද විශේෂ චාරිත්‍ර සිදුකෙරෙන අතර එකී රාජකාරි හා බැඳුණු පිරිස විශාල ප්‍රමාණයකි. එහෙයින් නියමිත වේලාවට මේ සියල්ලන්ම තම තමන්ගේ වගකීම ඉටුකිරීමට බැඳී සිටිති. මේ නිසාම තේවාව භාර නායක හිමියන් සතුව අසීමිත වගකීම් සමුදායක් ඇති නිසාම තේවාව නිසි පරිදි කරගැනීම උදෙසා ඕනෑම වේලාවක මාලිගාවට පැමිණෙන පිරිස් නතර කිරීමේ බලය හෙළ රජ දවස පටන් ලැබුණක් බවයි පැවැසෙන්නේ.
එහෙත් එදා සිට අදටත් හෙටත් මතුවටත් මේ සියලු චාරිත්‍රයන්ට ගෞරව දක්වන්නට දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාව තුළ ඇති අසීමිත කැමැත්ත නිසාම එදා මෙදාතුර ඉතිහාසයේ කිසිදු පූජාවකට කිසිදු චාරිත්‍රයකට බාධාවක් නොවුණා සේම මතුවටද එය එසේම වනු ඇත. ඒ සියලු බෞද්ධයන් තම දිවි දෙවැනි කොට දළදා වහන්සේ සුරැකීම වෙනුවෙන් කැපවන නිසාමය.
කුමාර රත්නායක










