හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද පැවති නගර සභා රැස්වීමේදී ඔහු මේ බව දැනුම් දි ඇත.
පසුගිය දිනවල හම්බන්තොට ලුණුලේවායේ සභාපතිවරයා සමග බරපතළ ගැටුමක නිරත වී සිටි එරාජ් ප්‍රනාන්දු මහතා ඔහු තනතුරෙන් ඉවත් කරන තෙක් උපවාස කරන බවද කියා සිටියේය.
නමුත් ලුණු ලේවායේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් වූයේ නැත.










