කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය අති භයානක බවත් එය වැලදී සුව වූ අයට දරුණු දිගුකාලීන රෝගාබාධ ඇති වන බවත්, අමතක වීම, රස සුවඳ නැති වී යාම ඒ අතර වන බවත් ජෝන් හොප්කින්සන් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසයි.
ඒ හේතුවෙන් එන්නත ලබා ගත යුතුම බවද පවසන ඔහු එන්නතට එරෙහි වන්නන් සන්ධානාත්මක කුමන්ත්‍රණකරුවන් බවද හෙතෙම කියා සිටී.
ලංකාවේ එන්නත් විරෝධී ව්‍යාපාර රාජ්‍ය නොවන සංවිධාන විසින් සල්ලිවලට කරන වැඩක් බවද ඒ මහතා කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.










