දෙදින නිල සංචාරයක නියුතු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටියද මෙතෙක් එම හමුව ඉන්දියාව පාර්ශ්වයෙන් තහවුරු කොට නොමැති බව වාර්තා වේ.
ඉන්දීය ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් යන මහත්වරුන්ගේ හමුවීම් පමණක් මේ වනවිට තහවුරු කොට ඇති බවකි.










