බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ කාලබෝම්බයක් ආකාරයට සකසන ලද අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දේවස්ථානයේ සේවකයෙකු ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවා සිටී.
කාදිනල් හිමියන් එහි පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් ඒ අවට සිටින ආකාරයක් ද දක්නට ලැබුණි.










