• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම බේරාගන්නට පැමිණි ඉංග්‍රීසි භූතයෙක්…

February 6, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ගම බේරාගන්නට පැමිණි ඉංග්‍රීසි භූතයෙක්…
Share on WhatsAppShare on Facebook

මාටින් ජීවිකාව උදෙසා කළේ සුළු සුළු කම්කරු රැකියාවන්ය. හරි හමන් අධ්‍යාපනයක් ලබන්නට පවා වත්කමක් නොවූ හෙයින් දෙක වසර පන්තියේදී ඉගෙනීම නතර කළ ඔහු, ඉන් පසු සිය පියා සමග ගොවිතැන් කටයුතුවලට සම්බන්ධ වූයේ එවකට සම්ප්‍රදාය එය වූ නිසාම නොවේ. ගමේ හැදී වැඩුණු බොහොමයක් දෙනා ගොවිතැන් කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් සේම උනන්දුවක්ද දැක්වූ අතර මාටින්ද ගොවිතැන් කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වීය.

එම ප්‍රදේශයේ සිටි ධනවත්ම හා කුලවත්ම පුද්ගලයා වූ පොඩි රාළහාමි නමැත්තාගේ ඉඩකඩම් වැඩි ප්‍රමාණයක් බලාකියා ගත්තේ මාටින්ගේ පියාය. එහෙයින් එම ඉඩකඩම්වල වගා කටයුතු කරගැනීමට ඔවුන්ට නිදහස තිබුණේ එවකට පොඩි රාළහාමි මාටින්ගේ පියාට හිතවත්ව සිටි නිසාමය. එහෙත් පසුකාලීනව මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට පටන්ගන්නේ පොඩි රාළහාමිගේ එකම දියණිය කොළඹ පාසලක අධ්‍යාපනය ලබා ගමට පැමිණි පසුවය. ඇය නිතර කතාබහ කළේ ඉංග්‍රීසි බසිනි. මංගලිකා නම් වූ ඇයත් මාටිනුත් එකම කාලයේ උපන් බැවින් දෙදෙනාගේම විවාහ කටයුතුද නිසි වයසේදී සුදුසු අය සොයා සිදුකෙරුණු අතර මාටින්ට පුතුන් දෙදෙනෙකි. මංගලිකාට දියණියන් දෙදෙනෙකි.

කල් යත්ම නිතර නිතර මේ පවුල් අතර සම්බන්ධය අඩු වුවද මංගලිකාත් ඇගේ දියණියනුත් නිතරම මාටින්ගේ පවුල අපහසුතාවට පත් කරන්නට උත්සාහ කළේ තම ධනයෙන් බලයෙන් හිස උදුම්මා ගනිමිනි.

පිරිසක් එක් රැස්වූ පසු මාටින්ගේ පවුල අපහසුතාවට පත් කිරීමේ අමුතු මානසිකත්වයකින් පෙළුණු මංගලිකාත් දියණියනුත් ඉංග්‍රීසි බස අනවශ්‍ය ලෙස භාවිත කරමින් ඔවුන්ගේ අඩුපාඩු අන් අය සමග කියන්නට කටයුතු කරන්නීය.

මේ අතරේ ගමේ පන්සලේ උත්සවයකට මංගලිකාගේ කොළඹ මිතුරියකද පැමිණියේ විශේෂ ආරාධිත අමුත්තියක ලෙසිනි. මාටින්ගේ පුතුන්ද පන්සලේ ක්‍රියාකාරී තරුණයන්ය. ඔවුන්ට දෙවැනි වන්නට අකැමැති නිසාම මංගලිකාගේ දියණියන්ද හරි හරියට ඊට සම්බන්ධ වන්නීය. එහෙත් ඉඩක් ලද විගස පිරිස ඉදිරියේ මාටින්ගේ පුතුන් දෙදෙනාව අපහසුතාවට පත්කරන්නට මාන බැලීම ඔවුන්ගේ සිරිතය.

එදින උත්සව අවස්ථාව උදාවූයේ සවස් කාලයේය. සියලු දෙනා ප්‍රධාන ශාලාවට රැස්ව සිටියහ. මංගලිකා සිය කොළඹ මිතුරියට කලින්ම උගන්වා තිබුණේ මාටින්ගේ පුතුන් දෙදෙනාව ලජ්ජාවට පත්කර ගමේ ඔවුන්ට ඇති තැන අහිමි කර දෙන ලෙසය. ඒ අනුව ඇය පිරිස ඉදිරියේ මාටින්ගේ පුතුන් දෙදෙනා හා කතාවට වැටී විටින් විට ඉංග්‍රීසි ප්‍රශ්න අසමින් ඔවුන්ව යම් අපහසුතාවකට පත් කළාය. මේ සිදුවීම මාටින්ද දුටු අතර ඔහු සිටියේ තරමක කේන්තියෙනි. එහෙත් වැඩි වේලාවක් යන්නට පෙරම මාටින් වෙනදා නැති ජවයකින් නැගී සිටියේය. ඔහු මංගලිකාගේ මිතුරිය අසලට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන් වචන කිහිපයක් කතා කොට ඇය හා කතාවට වැටුණාය. මංගලිකාට මෙය හාස්‍යයට කරුණක් වූයෙන් ඇය මිතුරියට ඇසකින් ඉඟි කළේ කතාව දිගටම කර මාටින්ව අපහසුතාවට පත්කරන්න කියාය. එහෙත් කිසිවකුට සිතාගත නොහැකි ලෙස මාටින් වතුර බොන්නා වගේ ඉංග්‍රීසි භාෂාවෙන් කතාව කරගෙන ගියේය. පිරිස සිටියේ විමතියෙනි. කොළඹ කාන්තාවද අන්දමන්ද වූවාය. ඇය මංගලිකා අසලට ආවේ කේන්තියෙනි.

‘උඹ හැදුවේ ඒ මිනිස්සු නෝන්ඩි කරන්න නෙවේ, මාව නෝන්ඩි කරන්න…’ ඇය එසේ කියා යන්නට ගියා ගියාමය. යළි ආවේ නැත.

ගමේ කවුරුත් සිටියේ මවිතයෙනි. පුතුන් දෙදෙනාද සිය පියා ගැන මවිතයට පත්විය. මාටින් එදා සිට දිගින් දිගටම ඉංග්‍රීසි භාෂාව හැසිරවූයේ පළපුදුරුදුකාරයකු විලසිනි.

ඔය අතරේ ඔහු සිය පුතුන් දෙදෙනාට රහසක් පැවසුවේය. තමන්ට ලැබිය හැකි ධනයක් කැලෑව තුළ සඟවා ඇති බවත්, එය ගන්නට යෑමටත් යෝජනා කර ගත්තේය. අවසානයේ කාටත් රහසින් කැලය තුළ ගල් තලාවක සඟවා තිබූ ඉංග්‍රීසි පාලන සමයේ සැඟවූ වස්තුවක් මාටින් ලබාගත් බවද ගම පුරා කනින් කන පැතිර ගියේය. කෙසේ නමුත් ඔහු ධනවතකු වූයේ බලාසිටියදීය. පසුකාලීනව පොඩි රාළහාමි සතු දේපළක්ද මිලට ගන්නට ඔහුට හැකියාව ලැබුණේය.

බොහෝ කලකට පසු මාටින් මියගියේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයකු ලෙසිනි. එහෙත් ඔහුට එම දැනුම ලැබුණු ආකාරය කාටත් විමතියට හේතු විය. ‘මාටින්ට සුද්දෙක් වැහිලා’ ගම්මු බොහෝ දෙනෙක් එසේ පැවැසූහ. එවැනි ආත්ම යම් කෙනකුට මෙවැනි බලපෑම් ඇතිකරන්නට හැකියාව ඇති බව ගමේ කට්ටඬි ගුරුන්නාන්සේද පිළිගෙන තිබිණි.

සත්‍ය කතාවකි. නම් ගම් මනඃකල්පිතයි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

වැලන්ටයින් දවසට පෙර පෙම්වන්තියන්ට රහසක්…

Next Post

සම්බන්ධන් කල් තියාම ජිනීවාවලදී ලංකාවට උගුලක් අටවයි! සියලු සාමාජික රටවල්වලට ලියුමක් යවයි!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.