ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමු වතාවට සජිත් ප්‍රේමදාස මහතා එජාප පක්ෂ මූලස්ථානයේදී පාක්ෂිකයන් ආමන්ත්‍රණය කිරීමට අද (21) දිනයේ සූදානමින් සිටියද ඒ සදහා සිරිකොත පක්ෂ මූලස්ථානය ලබා දිය නොහැකි බව පක්ෂය විසින් දැනුම් දීමක් කර ඇත.
ඒ අනුව ප්‍රේමදාස මහතා මැතිවරණ ව්‍යාපාරය ගෙනගිය වොක්ෂෝල් වීදියේ කාර්යාලයම ඒ සදහා යොදා ගැනීමට ප්‍රේමදාස මහතාට සිදුව තිබේ.
පක්ෂය විසින් මැතිවරණ කටයුතු මෙහෙයවීම සදහා සිරිකොත පක්ෂ මූලස්ථානය යොදාගන්නා ලෙසට දැනුම් දීමක් කර තිබුණද ඒ අවස්ථාවේ ප්‍රේමදාස මහතා එම උපදෙසට පිටින් යමින් වොක්ෂෝල් වීදියේ කාර්යාලයක් විවෘත කර එහි සිට තම කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබිණ.










