ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ රන්ණය අංශය මගින් “Gold Plan” නමින් නව්‍ය මූල්‍ය සේවාවක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනික ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති චාම් උත්සවයකදී පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.
දිනෙන් දින ඉහළ යන රන් භාණ්ඩ වෙළෙදපොළ තුළ අද පවතින මිලට රන් භාණ්ඩයක් එකවර මිලදී ගැනීම පාරිභෝගිකයින් බොහෝ දෙනකුට සිහිනයක් වී ඇත. එවන් කාලවකවානුවක HNB FINANCE මගින් පාරිභෝගික අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ඔවුන්ගේ සිත්ගත් රන් භාණ්ඩ වෙළෙඳපොළේ අද පවතින මිලට මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම HNB FINANCE “Gold Plan” සේවාවෙහි අරමුණ වෙයි. ඊට අමතරව රන් සඳහා වන ඉල්ලුම සහ වටිනාකම දිනෙන් දින වර්ධනය වන බැවින් ඇතැම් පුද්ගලයන් ආයෝජනයක් ලෙස ද රන් මිලදී ගනී. HNB FINANCE විසින් හඳුන්වාදෙන මෙම “Gold Plan” මූල්‍ය පහසුකම එවන් පාරිභෝගිකයින් සඳහාද වඩාත් ප්‍රශස්තම මාර්ගය වනු ඇත.











