සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව ලබන මාර්තු මස 09 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කළේය.
ඒස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ඒ. එස්. එම්. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (24) සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විය.
ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව පණවා තිබූ දෙවැනි නඩුව මෙය වෙයි.
නඩුවට මුහුණ දීම සදහා රන්ජන් රාමනායක මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.










