• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකපාරක් තිස්ස වැව හෑරුවා යෝධ මැෂිමක් ලංකාවට අරන් ඇවිත් චීනා මේ පාර හාරන්න යන්නේ මොනවාද?

January 20, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
එකපාරක් තිස්ස වැව හෑරුවා යෝධ මැෂිමක් ලංකාවට අරන් ඇවිත් චීනා මේ පාර හාරන්න යන්නේ මොනවාද?
Share on WhatsAppShare on Facebook

අපේ සංස්කෘතියද ආප්තෝපදේශවලින් බොහෝ සේ ආඪ්‍යය. වැඩි කොටසක් අපටම ආවේණික ඒවාය.

“බෙදන්නට ගිය එකා පත් කොළේ එළාගත්තා වගෙයි” යන්න ඉන් එක් කියමනකි. “නංගි පෙන්නා අක්කා දීම” තවත් කියමනකි.

එහෙත් මේ කලියුගයේ අපේ රටේ කියන කෙරෙන දේ අනුව “පත් කොළේ එළාගන්නට නංගි පෙන්නා අක්කා නොව නැන්දම්මාගේ අම්මාම දුන්නා” යන සේ ඒ කියමන් මොඩිෆයි” කළ යුතුව ඇත්තේය.

යහපත් අපේක්‍ෂාවෙන් ස්ථාපනය කෙරුණු ඇතැම් ආයතනවලට මේ වන අධිගෘහිත ඇතැම් ගෙවලයන්ගේ මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් ආප්තෝප සංශෝධනය සඳහා දියයුතු හොඳම උපහැරණ වන්නේය.

පළමුවැන්න අපට කරන්න යන දේශපාලනඥයන්ගේ “කෙරුම් පොජ්ජම” පෙන්නා දීම වටී.

මෙසේ දීමේ කප් එක අත්පත් කරගෙන ඇත්තේ චීනාය. ඒ පරිත්‍යාගවන්තයා අපේ රිස්ස යන්න හොස්ස පමණක් නොව පස්සද එක විටම බිම ඇන ඇත්තේය. ඒ බව තේරුම් ගැනීමට සාමාන්‍ය මහජනතාවට හැකිවුවද රටකරවන ඇත්තන්ට නම් “තම්බිට (මල්ලිට) ග්‍රීක්” වගේය.

දැන් උහු තෙමේ (ඒ තෙමේ) අපට වැඩ සදන්නට උමං විදින යෝධ යන්ත්‍ර රාජයකුද පිරිනමන්නට සැදීපැහැදී ඇත්තේය. ඒ කිලෝ මීටර් විසිඅටක් දිග උමං මාර්ගයක් කැණීමටය.

උතුරු මැද වාරි ඇළ (NCP) ව්‍යාපෘතිය නමින් හැඳින්වෙන කටයුත්තේ වැයබර රුපියල් බිලියන එකසිය විස්සක් හෙවත් කෝටි fදාළොස් දහසකි. ඒ චීන ණයකටය.

චීනය මීට මාස හතකට පමණ පෙර පසුගිය වසරේ මැයි මාසයේදී තරම මේ අන්දමින්ම ආරම්භ කළ කැණීමේ හෙවත් හෑරීමේ ව්‍යාපෘතියට රටේ හැම පැත්තකින්ම නැඟුණු විරෝධය නිසා එය අතරමග නැවතී ගියා සේය.

ඒ චීන ශ්‍රී ලංකා හවුල්කාර සමාගමක් පටන්ගත් තිස්සමහාරාමයේ තිස්සවැව හෑරීමේ කර්තව්‍යයය. ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අපේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු විදේශිකයන් වැව හෑරීමේ කටයුතු කරන බව එම විරෝධතාවේ පළමු ඉලක්කය වූවේය. (මෙරට හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසීම නීතියෙන් තහනම් බව එවකට සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද කීවේය.)

තිස්ස වැවේ වැව් බැම්ම මායිමේ ක්‍රිස්තු පූර්ව දෙසීයටත් (200) තුන් සියයටත් (300) අතර අතීතයක නටබුන් ඇති බව ප්‍රකට කරුණකි.

එමෙන්ම අදින් වර්ෂ දෙදහස් තුන්සියයකට පෙර පැවැති මාගම රාජධානියේ ඇතුළු නුවර පිහිටි බවද පුරාවිදාඥයන්ගේ තීරණය වේ.

වැවේ එක් මායිමක මෙරට පැරණි ලෝහ තාක්‍ෂණය සහ වෙළෙඳ කටයුතු පිළිබඳ සාධක පවත්නා බව එම ස්ථානයේ (1992) කැණීම් හා සම්බන්ධව සිටි ජර්මන් ජාතික ආචාර්ය හාන්ස් ජෝකිම් වයිසාර් මහතා කියයි.

එම ස්ථානයේ කැණීම්වලින් ගජ ලක්‍ෂමී කාසි හත්සියයක ප්‍රමාණයෙන්ද, පබළු මාලවලින්ද ඒවා ක්‍රි.ව. සිව්වැනි සියවස තරම් කාලයට අයත් බවද තීරණය කෙරී තිබේ.

වැව් බැම්ම ආසන්නයේම තිබී හමුවූ ගඩොල්, ගඩොලින් බැඳි ගොඩනැගිල්ලක බිත්ති, මහා ප්‍රමාණයේ සහ විවිධ හැඩැති ඇඹරුම් ගල් මැටි භාජන ආදී භාණ්ඩ ඇතුළු නානා මාදිලියේ උපකරණ කරණකොට ගෙන ඒ ස්ථානයේ කැණීම් භාරව සිටි නිලධාරියා වූ ඩබ්ලිව්.කේ. සනත් මහතා ප්‍රකාශ කළේ ස්ථානයේ ඖෂධ නිෂ්පාදනාගාරයක් පිහිටා තිබුණු බවයි.

අතීත මාගම රාජධානියේ අගනුවර පිහිටියේ යැයි කියන ඉසව්වේ කෙරුණු හානිය පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා කීවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇගයීමේ වාර්තාවක් මත මෙවන් කටයුතු ආරම්භ කළ යුතු වුවත් වාරිමාර්ග ව්‍යාපෘති සඳහා එවන් ක්‍රියාමාර්ග නොගැනෙන බවයි. ඓතිහාසික වටිනාකම රැක ගැනීම උදෙස තමා මේ හෑරීමේ ව්‍යාපෘතිය නැවැත් වූ බවයි.

කූඩැල්ලා එක තැනක් අතහරින්නේ තවත් තැනක් අල්ලා ගන්නා සේම චීනයද තිස්සවැව අත්හැර ඇත්තේ ඊට නොදෙවැනි තවත් එකක් කරේ ගසාගෙන බව පැහැදිලිය.

ඒ උතුරුමැද වාරි ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමටය.

එම ව්‍යාපෘතිය යටතේ කළුගඟ සහ මොරගහකන්ද ජලාශය අතර උමඟක් සහ එම ජලාශය (මොරගහකන්ද) සහ යකල්ල අතර කිලෝ මීටර් විසිඅටක් දිග උමං මාර්ගයක්ද කැණිය යුතු වේ. එය ලංකාවේ දිගම උමං මාර්ග පද්ධතියද වේ. කාර්යභාරය ඉක්මන් කිරීම උදෙසා රජය කඩිනම් තීරණයක් ගෙන ඇති බවද පැවසේ.

“චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ටි්‍ර කෝපරේෂන් ආයතනය විසින්” විෂ්කම්භය මීටර් හතයි දශම හතක් (7.7) හෙවත් අඩි විසිපහකට ආසන්න යෝධ විදුම් යන්ත්‍ර රාජයා නිපදවනු ලැබ ඇත්තේද ඒ අනුවය.

මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවල ජලය ඉහළ ඇලහැර වාරි ඇළ ඔස්සේ මහකනදරාව වැවට ගෙනයාම සැලැස්මේ එක කොටසකි. ඒ දුර කිලෝමීටර් හැටහයකි. අනතුරුව එතැනින් මාන්නකට්ටියේ (මානම්කට්ටිය) සිට වෙන්මඩුවැව (වෙන්මඩුකුලම) දක්වා ජලය ගෙන යනු ලැබේ. ඒ වෙනුවෙන් ඉදිකෙරෙන ඇළේ දිග කිලෝ මීටර් අනූපහකි (95). එම වෙන්මඩුකුලම වැවේ සිට ජලය අනතුරුව ඉරණමඩු වැවටත් එතැන් සිට යාපනය අර්ධද්වීපයටත් ජලය ගෙන යාමේ සැලැස්මයි. දුර ප්‍රමාණය කනිලෝ මීටර් දෙසීයකි (200).

යාපනය අර්ධද්වීපයට දියවර ගෙනයාමට සමගාමීව රන්දෙණිගල ජලාශයේ ජලය කළුගඟ සහ මොරගහකන්ද යන ජලාශ දෙකට ගෙනයාම ද තවත් කාර්යයකි. ඒ දුර ප්‍රමාණය කිලෝ මීටර් පනස් දෙකකි (52).

කාලිංගනුවර ප්‍රදේශයේදී මහවැලි ගඟ හරස්කර අංගංමැඬිල්ලට යැවෙන ජලය එතැන ඉදිකෙරෙන වේල්ල ඔස්සේ මින්නේරි ජලාශයට පොම්පකර යැවීමත් තවත් අංගයකි.

රාජ්‍ය ආරංචිවලින් පැවසෙන අන්දමට ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වයඹ සහ උතුරු මැද යන දෙපළාතේ ජල හිඟයෙන් පීඩා විඳින මහජනයාට ඒ සඳහා පිළිසරණ වීමටය.

එහෙත් ඒ අරමුණ පෙරදැරිව කෙරෙන්නේ බහු ජාතික සමාගම් යටතේ ඒ පළාත්වල ප්‍රවර්ධනය කෙරෙන වාණිජ භෝග වගා ව්‍යාපෘතිවලට අවශ්‍ය ජලසම්පාදනය කිරීම බව තවත් මතයකි.

කෙසේ වෙතදු මේවන විට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස fදාළහක සහ වයඹ පළාතේ ප්‍රදේශ කීපයක ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් රජයට පවරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රටේ සැබෑ උගතුන් පිරිසක් එළියට එයි! රටේ ආර්ථික අර්බූදය ගැන ඇත්ත ප්‍රශ්නෙ රටට කියයි! (VIDEO)

Next Post

ජනපති දෙමළ ඩයස්පෝරාව සමග කතා කරන්න සූදානම්! සාකච්ජාවක් ලෑස්ති කරන්නැයි අහමඩ් සාමිගෙන් ඉල්ලයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.