මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියෝ පැවැසූහ.
අද (19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ, ‘සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියා මිත්‍යා මතයක් තිබුණා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ එය මිත්‍යාවක් බවට පත්වුණා. දැන් හොඳ නායකත්වයත් තියෙනවා. මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ සංවිධානය විසුරුවා හරිනවා” යැයි කියාය.










