• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මෛත්‍රිගේ විස්මිත අවසානය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 15, 2022
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
මෛත්‍රිගේ විස්මිත අවසානය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මම ජනාධිපතිවරණය දිනල සිරිකොතට ගිහින් යූ.ඇන්.පී. සාමාජිකත්වය ඉල්ලුවා නම් මොකද වෙන්නේ…?’

මේ, මෛත්‍රි ජනාධිපති වූ අලුත එක දවසක කොක්හඬලා සිනාහවෙමින් මාධ්‍යවේදීන් කිහිප දෙනකු වට කරගෙන අහපු ප්‍රශ්නයකි.

‘මොනව වෙන්නද? සාමාජිකත්වය ගත්ත හැටියේ ඔබතුමා පක්ෂයේ නායකයානේ…’

එතැන සිටි මාධ්‍යවේදියෙක් කීවේ යූ.ඇන්.පී. ව්‍යවස්ථාවට අනුව යූ.ඇන්.පී. සාමාජිකයෙක් ජනාධිපති වුවහොත් අනිවාර්යයෙන්ම පක්ෂයේ නායකයා වන වගන්තිය මතක් කරමිනි.

‘ඇත්තටම යූ.ඇන්.පී. නායකයා වෙන්න මෛත්‍රිගේ හිතේ තිබුණාද?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මෛත්‍රි දිනපු වෙලාවේ යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය මෛත්‍රිට පක්ෂ සාමාජිකත්වයදී නායකයා කරගත්තා නම් අද බේතකටවත් රාජපක්ෂ කෙනෙක් හොයන්න බැරි වෙනවාය. එහෙනම් අදත් රට පාලනය කරන්නේ යූ.ඇන්.පී.යය.

මේක දැන් කාටත් වඩා හොඳින් දැන සිටියේ රනිල්ය. මේ නිසා ඔහුට ඕනෑ වූයේ මෛත්‍රි සහ යූ.ඇන්.පී.ය වෙන්කර තබන්නටය.

2015 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වී මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට මහින්දට නාමයෝජනා දෙන්න තීරණය කළ බව එවකට අගමැති රනිල්ට දැනගන්නට ලැබුණේ මහ මැතිවරණ ප්‍රචාරක කමිටුවේ සාකච්ඡාවක් අතරතුරදීය. ඒ වෙලාවේ ප්‍රචාරක කමිටුවේ හැමෝම මවිතයට පත්වී මෛත්‍රිට අම්මා මතක් කරලා බණිද්දී රනිල් අපූරු කතාවක් කීවේය.

‘මහින්දට අරලියගහ මන්දිරයෙන් යන්න පහසුකම් හදන්න මම මහින්ද හමුවෙන්න ගියාම මහින්ද මට කිව්වා මෛත්‍රිව ශත පහකට විශ්වාස කරන්න එපා, එයා මට කළ දේම ඔයාටත් නොකරයි කියල හිතන්න එපා කියලා…’

රනිල් මේ කතාව කිව්වේ මහින්ද එදා තමන්ට දුන් උපදෙස ටක්කෙටම හරි බව කියාපාමින්ය. රනිල් එතැන් සිට මෛත්‍රි දිහා බැලුවේ මහින්දගේ උපදෙස ඔළුවේ තියාගෙනය. මහින්ද රනිල්ගේ ඔළුවට දැම්මේ මගේ ජනාධිපති ධුරයට කෙළියා වගේ මෛත්‍රි රනිල්ගේ පක්ෂ නායකත්වයට කෙළියි කියලාය. රනිල් බයවුණේ ඒකටය.

2015 ජනාධිපති වීමෙන් පසු මෛත්‍රි ශ්‍රීලනිප නායකත්වයට පත්වූ විට රනිල් සැනසුම් සුසුම් හෙළුවේ මෛත්‍රි ශ්‍රීලනිප නායකයා වී ශ්‍රීලනිප මන්ත්‍රී බහුතරයේ සහාය අරගෙන තමාව අගමැති කරයි කියන හේතුව නිසාම නොව මෛත්‍රි යූ.ඇන්.පී. නායකයා වීමේ අන්තිම චාන්ස් එකත් ඉවරයි කියලා හිත හදාගෙනය.

මෛත්‍රි යූ.ඇන්.පී.යට කිට්ටු වෙනවාට බය දෙන්නෙක් සිටියේය. එක්කෙනෙක් මහින්දය. මෛත්‍රි යූ.ඇන්.පී.යට සෙට් වුණොත් රාජපක්ෂලාව ඉවර කරන බව මහින්ද දැන සිටියේය. මෛත්‍රි යූ.ඇන්.පී. නායකයා වුණොත් තමා ඉවර යැයි රනිල් දැන සිටියේය. ඒ වගේම මෛත්‍රි ශ්‍රීලනිප නායකයා වී ශ්‍රීලනිප බලය අතට ගන්නවාට බයවෙලා හිටියෙත් මහින්ද සහ රනිල්ය. මහින්ද ශ්‍රීලනිපයයේ මන්ත්‍රී බලය අල්ලුවොත් රාජපක්ෂලා කපෝති යැයි මහින්ද ගණන් හැදීය. මෛත්‍රි ශ්‍රීලනිපයේ බලය ඇල්ලුවොත් තමාව පන්නා මෛත්‍රි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදයි යැයි රනිල් බය විය. මේ නිසා මහින්ද මෛත්‍රිට ශ්‍රීලනිපයේ බලය අල්ලන්න ඉඩ නොදී ඒකාබද්ධ විපක්ෂයක් අටවාගත්තේය. රනිල් මෛත්‍රිට යූ.ඇන්.පී. බලය අහිමි කොට ශ්‍රීලනිප බලය අල්ලන්න ඉඩ නොදී මහින්දගේ ඒකාබද්ධ විපක්ෂයට උදව් කළේය.

මහින්ද සහ රනිල් එකට එකතුවී ගහන මේ ගේම මෛත්‍රි හොඳින් දැන සිටියේය. මෛත්‍රි ඉස්සෙල්ලාම මේ ගේමෙන් මහින්දව අවුට් කරන්න රාජපක්ෂලාටත් මහින්ද එක්ක නැගිටින්න හදන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ටත් දුවන්න ගැහුවේය. මෛත්‍රිගේ ඒ ගේම සාර්ථක වුවහොත් මෛත්‍රි ශ්‍රීලනිපයේ බලය අල්ලයි කියල බයේ රනිල් රාජපක්ෂලාවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්වත් බේරාගත්තේය. ගහල ගහල හති වැටුණාම මෛත්‍රි ඒ ගේම නතර කළේය.

‘මම හිතුවේ යූ.ඇන්.පී.ය කියන්නේ දැවැන්ත පක්ෂයක් කියලා. ඉස්සර ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ කාලයේ අපි ගමේ රැස්වීමක් තියන්නෙත් බයේ. කෝ ඒ දැවැන්ත පක්ෂය? ඉස්සර යූ.ඇන්.පී.යට තිබුණේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයක්. ඒ යාන්ත්‍රණය ශ්‍රීලනිපය බින්දුවට බැස්සුවා. කෝ ඒ ප්‍රචාරක යාන්ත්‍රණය…?

වරක් මෛත්‍රි යූ.ඇන්.පී.යේ නායකයන්ගෙන් ඇහුවේ ඇස් ලොකු කරගෙනය. ඔහු ඒ ප්‍රශ්නය ඇසුවේ මහින්ද සහ රනිල් තමන්ට හොඳ මූණ පෙන්නා ගහන ගේමෙන් මහින්ද තමාව පමණක් නොව රනිල්වත් අවුට් කරන බව තේරුම් ගෙනය. මහින්දව අවුට් කිරීම දුෂ්කර බව දැන ඔහු රනිල්ව අවුට් කරන ගේමට බැස්සේ නව නායකත්වයක් යටතේ යූ.ඇන්.පී.ය යළිත් දැවැන්ත පක්ෂයක්වී රාජපක්ෂලා ඉවර කරයි කියල හිතාගෙනය. ඒත් රනිල් යූ.ඇන්.පී.යට පෙන්නුවේ මෛත්‍රි ගහන්නේ තමන්ට නොව පක්ෂයට කියාය. මෛත්‍රිපාල කිහිප වතාවක්ම එවකට කතානායක කරු ජයසූරියටත් යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසටත් අගමැති ධුරය භාරගන්න ආරාධනා කළේ යූ.ඇන්.පී.ය වෙනස් කොට ශක්තිමත් පක්ෂයක් බවට පත්කර රාජපක්ෂලා ඉවර කරන්නටය. මෛත්‍රි රනිල්ගේ යූ.ඇන්.පී.ය ගැන කියපු දේ හරි කියා තේරෙන්නේ 2020 මහ ඡන්දයේ ප්‍රතිඵල දිහා බලන විටදීය. යූ.ඇන්.පී.කාරයිනුත් රනිල්ගේ යූ.ඇන්.පී.ය ගැන හිතන දේ මෛත්‍රි 2020ට බොහෝ කලකට කලින් දුටුවේය.

‘හොඳයි ඒ වෙලාවේ කරු හරි සජිත් හරි අගමැති ධුරය භාරගත්තා නම් මොකද වෙන්නේ?’

එහෙනම් අදත් තියෙන්නේ යූ.ඇන්.පී. ආණ්ඩුවකි. එක්කෝ යළි මෛත්‍රි ජනාධිපති වී කරු හරි සජිත් හරි අගමැති වෙයි. නැත්නම් කරු හරි සජිත් හරි ජනාධිපති වී මෛත්‍රී අගමැති වෙයි. එහෙනම් රාජපක්ෂලා එක්කෝ විපක්ෂයේය. නැත්නම් ගෙදරය.

මෛත්‍රිගේ මේ උපායත් හොඳින් තේරුම් ගෙන සිටියේ මහින්දය. 2018 මෛත්‍රි රනිල්ව ඉවත් කොට මහින්දව අගමැති කළ දිනට පසු දින ගෝඨාභය ගොස් රනිල් හමුවිය. ඔහු රනිල්ට කීවේ මොනවා දැයි කවුරුත් දන්නේ නැත. නමුත් තමන් කරුට හෝ සජිත්ට අගමැති ධුරය දී ඉවත් නොවන බව නම් මහින්ද රනිල්ට දැනුම් දෙන්න ඇත.
2018 කුමන්ත්‍රණයෙන් මහින්ද පීචං වුණාට මහින්දට අගමැති ධුරයට වඩා වටිනා දෙයක් ලැබිණි. එනම් මෛත්‍රි සහ යූ.ඇන්.පී.ය අතර දීගය නැත්තටම නැතිකොට යූ.ඇන්.පී.යේ වෙන නායකයකුටත් මෛත්‍රි සමග ගනුදෙනු කිරීමට තියෙන අවස්ථාව නැතිකිරීමය.

දැන් මහින්ද නොව තමන් යූ.ඇන්.පී.යේ පොදු හතුරා බව මෛත්‍රිට තේරිණි. පාස්කු බෝම්බයට පසු තමාට ඊළඟ ජනාධිපතිවරණයට තරග කිරීම ගැන හිතන්නවත් බැරි බව ඔහුට තේරිණි. යූ.ඇන්.පී.ය සජිත් නොව ඩී.ඇස්.ව වළෙන් නැගිට්ටුවල ගෙනාවත් දිනවන්න බැරි බව ඔහුට තේරිණි. ඒත් ඔහු රාජපක්ෂලාට ජනාධිපතිවරණය ජය ගන්න අවශ්‍ය 50% ගන්න ශ්‍රීලනිපයේ සහාය අවශ්‍ය බව දැන සිටියේය. ඒ වගේම තමා සතු ජනාධිපති බලය ජනාධිපතිවරණයේදී නිෂ්ක්‍රීය කර තබන්නටත් රාජපක්ෂලාට අවශ්‍ය බව ඔහු දැන සිටියේය. ඔහු රාජපක්ෂලාට මේ දෙකම කේවල් කොට පාර්ලිමේන්තුවට රිංගාගත්තේය. එලෙස රිංගා ගන්න අවශ්‍ය පසුබිම සකස් කරගෙන ගෝඨා ජනාධිපති වී වැඩි දවසක් යන්න කලින් තම මුහුණු පොතෙහි අපූරු සටහනක් තැබුවේය.

‘අරමුණු ජයග්‍රහණය කිරීමට ඉවසීමෙන් නිසි වේලාව එනතුරු බලා සිටිය යුතුය…’
මෛත්‍රිපාල සිරිසේන
මුහුණු පොත
2019.12.07

ඔහු මේ සටහන දැම්මේ කොවිඩ් එන්නත් පෙරය.

‘මේ ආණ්ඩුව මේ විදියට පස්ස බිම ඇනගන්නා බව මෛත්‍රි කලින් දැන සිටියේ කොහොමද?’

ජනාධිපති වූ අලුතම තමන්ට යූ.ඇන්.පී.යේ හව්හරණක් නැති බව මෛත්‍රි දැන සිටියේය. ඔහු යූ.ඇන්.පී. ආණ්ඩුවක නායකයාව සිටිමින් ශ්‍රීලනිප ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න රනිල් සහ යූ.ඇන්.පී.ය සමග මාරාන්තික සටනක් කළේ තමාට හිමි තැන තියෙන්නේ ශ්‍රීලනිපයේ බව තේරුම් ගෙනය. රනිල් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යද්දී ඔහු ඒ කැබිනට් පත්‍රිකාව වීසි කළේය. රනිල්ගේ ආණ්ඩුව ත්‍රිකුණාමල තෙල් ටැංකි ශ්‍රී ලංකා – ඉන්දියා හවුල් ව්‍යාපාරයක් යටතේ පාලනය කරන යෝජනාව ගෙන එද්දී ඔහු එයට එරෙහිව හඬ නඟා යෝජනාව හකුළාගන්නා ලෙස නියෝග කළේය. ඔහු මේ හැම දෙයක්ම කළේ රාජ්‍ය දේපළ විකිණීම ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය නොවේ යැයි කියමින්ය. අද ගෝඨාගේ ආණ්ඩුව රාජ්‍ය දේපළ වෙන්දේසියේ තබා තිබේ. කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවට විකුණා තිබේ. ත්‍රිකුණාමල තෙල් ටැංකි පිළිබඳ රනිල්ගේ ආණ්ඩුව ගෙන ආ යෝජනාවටත් එහා යමින් තෙල් ටැංකි පාලනය ඉන්දියාවට වාසිදායක ලෙස ලබාදී තිබේ. මේ ආණ්ඩුව ශ්‍රීලනිප ආණ්ඩුවක් නොව යූ.ඇන්.පී. ප්‍රතිපත්ති රකින ආණ්ඩුවකි. මේ නිසාම පොදුජන පෙරමුණ වටා ගොනුවූ ශ්‍රීලනිප පාක්ෂිකයෝ අතරමංවී සිටිති.

‘මෛත්‍රි ඔවුන්ට නායකත්වය දෙයිද?’

පොහොට්ටුවට රැල්ල ගහපු 2018 පුංචි ඡන්දයේදීත් ශ්‍රීලනිපය පාවා දුන්නා කී මෛත්‍රිගේ ශ්‍රීලනිපය ලක්ෂ 12ක් ඡන්ද ගත්තේය. අද රාජපක්ෂලා ඇමෙරිකා-ඉන්දියානු වන්දනාවේ යද්දී ඒ ඡන්ද ලක්ෂ 12 වැඩි කරගැනීම මහ ලොකු කජ්ජක් නොවේ.

රාජපක්ෂලා මේක දනී. රාජපක්ෂලා මෛත්‍රිට ගහන්න බය ශ්‍රීලනිපයේ ඇට්ටකුණා වෙච්ච පාක්ෂිකයන් ඔහු සමග සිටිනා බවත් තම ආණ්ඩුව රාජ්‍ය දේපළ විකිණීමට එරෙහි වාමවාදී ශ්‍රීලනිප පාක්ෂිකයන් මෛත්‍රි වටා එකතු වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවත් දැනගෙනය. රාජපක්ෂලා යූ.ඇන්.පී.ය ලවා මෛත්‍රිට ගස්සවන්නේ මෛත්‍රි රාජපක්ෂ විරෝධී සන්ධානයකට ශ්‍රීලනිප පාක්ෂිකයන් අරගෙන යයි කියන බයෙන්ය.

ලංකාවේ පළමු මහ මැතිවරණය වූ 1947 සිට 2005 දක්වා මෙරට තිබුණේ යූ.ඇන්.පී. සහ යූ.ඇන්.පී. විරෝධී දේශපාලනයකි. 2005න් පසුව එය රාජපක්ෂලා සහ රාජපක්ෂලා විරෝධී දේශපාලනයක් බවට පත්වූයේ යූ.ඇන්.පී.ය නායයෑමත්, මහින්ද යුද්ධය දිනීමත් නිසාය. මේ රාජපක්ෂ විරෝධී දේශපාලනයේ නිර්මාතෘ මෛත්‍රිය. 2015 ඔහු දින්නේ පක්ෂ, පාට, ජාති, ආගම් භේද නැති රාජපක්ෂ විරෝධී දේශපාලනය කරළියට ගෙනැවිත්ය.

ඒ රාජපක්ෂ විරෝධී දේශපාලනය යළිත් කරළියට පැමිණ තිබේ. ඒ, ස්වභාවධර්මයාගේ විපරීතයකින් සහ රාජපක්ෂවරුන්ගේ රාජ්‍ය පාලනයේ දුර්වලතා නිසාය. 2015 තමන් නිර්මාණය කරපු රාජපක්ෂ විරෝධී රැල්ල 2018 ආපිට ගොස් යළි මතු වීමෙන් මෛත්‍රි චූන්වී තිබේ. මහන්සි වීමෙන් වැඩකිරීමෙන් පසු එහි අග්‍රඵලය ලබන්න ඉවසීමෙන් සිටිය යුතු යැයි ඔහු යළිත් වතාවක් මුහුණු පොතෙහි සටහනක් තැබුවේ මීට කලකට ඉහතදීය. ඔහු ශ්‍රීලනිපය හරහා පොදුජන පෙරමුණට රිංගා 2019 ඒ මහා ජයග්‍රහණයට දායක විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපතිද විය. ඔහු දැන් හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපය වෙන්කර ගනිමින් තිබේ.

‘සමහර පරිච්ඡේද දුක්බරය. තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකය. අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ. පරිණත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනු ඇත. පරිණත ලේඛකයකුගේ අවසන් පරිච්ඡේදය විස්මිතය.’

මේ, මෛත්‍රි 2021 අගෝස්තු මාසයේ මුහුණු පොතේ තබපු සටහනය. මේ පටන්ගෙන තිබෙන්නේ මෛත්‍රිගේ විස්මිත අවසන් පරිච්ඡේදයද කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොලිස් ඇමැතිතුමා වැල්වටාරම් කියවනවා! මෙහෙම අයගෙන් සාධාරණත්වයක් ඉටුවෙන්නෙ නෑ! කාදිනල් හිමි සරත් වීරසේකරගේ පතුරු යවයි!

Next Post

දවසට වේලක් ආහාර ගෙන වසර 120ක් ජීවත් වීමේ රහස මොකක්ද?

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.