බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ අත්බෝ්ම්බයක් තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අසත්‍ය කතාවක් ගොතා ඇති බවට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අද මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේය.
අදාළ සිදුවීමේ සීසීටීවී දර්ශන මාධ්‍යට මුදාහරිමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේය.
එහිදී පොලිසිය සදහන් කර ඇත්තේ සවස 3 සිට පසුවට සීසීටීවී දර්ශන නරඹන ලෙසටය.
නමුත් පියතුමන්ලා උදෑසන සිටම සීසීටීවී දර්ශන නරඹා ඇති අතර එහිදී පෙරවරු 9.52ට යම් පුද්ගලයකු පැමිණ යමක් තබා යන සිදුවීමක් දැකගත හැකිව තිබේ.
මෙය කුමන්ත්‍රණයක් බවත්, පොලිසිය දේශපාලකයන් මෙන් වංකව කටයුතු කළ යුතු නැති බවත්, එසේ කරනවා නම් නිල ඇදුම් ගලවා දමන ලෙසත් උන්වහන්සේ කියා සිටියහ.









