මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීමක් සිදුව ඇති බව වාර්තා වන අතර කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මෙම විදුලි විසන්ධි වීම සිදුව ඇති බව විදුලි පාරිභෝගිකයින් සඳහන් කර සිටී.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කර සිටියේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලි උත්පාදනය කිරීමට නොහැකිවී ඇති බවයි.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෝට් 300ක හිඟකමක් ඇතිවී තිබෙන නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණ හිටිමකට ලක්ව ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදෙන තෙක් මෙලෙස විදුලි විසන්ධි සිදුකිරීමට සිදුවන බවටද ඔහු ප්‍රකාශ කර සිටියේය.










