නැවත ආරම්භ කළ හිගුරාන සීනි සමාගම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා විසින් විනාශ කරන බවට චෝදනා කරමින් අද දින හිගුරානේ ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
ඊට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ඇතුලු 10,000කට ආසන්න පිරිසක් එක්ව සිටිනු දැකගත හැකිවිය.
ගල්ඔය වැවිලි සමාගම රජයට පවරා ගන්නා බවට වක්කුඹුර අමාත්‍යවරයා කළ ප්‍රකාශයට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණ.










