මින් ඉදිරියට කිසිදු රාජ්‍ය ආයතනයක සිය ජායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
ඒ වෙනුවට සෑම රාජ්‍ය ආයතනයකම රාජ්‍ය ලාංජනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙසට ඒ මහතා උපදෙස් ලබා දී තිබේ.
මෙය ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද පළමු නියෝගය ලෙස සැලකේ.
විධායක ජනාධිපති ධූරය 1977දී රටට හදුන්වා දීමෙන් පසු බිහිවූ සෑම ජනාධිපතිවරයකුම සිය ජායාරූපය සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණ. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ජායාරූපයද ඒ පසෙකින් ඔසවා තිබිණ.
කෙසේවෙතත් එම සම්ප්‍රදාය වෙනස් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග දී ඇත්තේ කිසිදු අවස්ථාවක තම ජායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසටය.










