හදිසි මහමැතිවරණයක් පැවැත්වීම සදහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (17) පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක හමුවේදී මේ බව යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
19 වැනි සංශේධනයට අනුව වසර හතරහමාරක් යනතුරු ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරිය නොහැකි අතර එසේ ආණ්ඩුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යය.
ඒ අනුව ආණ්ඩුවේ සහ විපක්ෂයේ සහාය ඇතිව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හදිසි මහමැතිවරණයකට යාමට ආණ්ඩුව තීන්දු කර ඇත.










