පාස්කු ප්‍රහාරය සිදුවී දින 1000ක් ගතවීම නිමිති කොට ගෙන කොළඹ අගරදගුරු නිලනිවෙසින් විශේෂ පණිවුඩයක් නිකුත් කොට ඇත.
ඒ අනුව එළඹෙන 14 වැනිදා සියලුම දේවස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කිරීමට පියවර ගෙන තිබේ.
පසුගියදා කාදිනල් හිමියන් යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමග පැවැත්වූ සූම් සාකච්ජාවකදී කියා සිටියේ මැතිවරණ ජයග්‍රහණය සදහා පාස්කු ප්‍රහාරය එල්ල වන තෙක් ඇතැමුන් බලා සිටියාද යන්න සැක මතු වන බවකි.










