අනුරාධපුරයේ අද (18) පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට තීන්දු කර ඇත.
එම උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග අගමැතිවරයා තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවේදී ආණ්ඩුව සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට සැලසුම් සකස් කර ඇති බවද දැනගන්නට ඇත.










