• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

කව්ද මේ සුසිල්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 8, 2022
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
කව්ද මේ සුසිල්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1991 පුංචි ඡන්දය පැවැත්වූයේ ජවිපෙ භීෂණයට පසුවය. එවකට ජනාධිපති ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ මර්දනය කළ ආකාරයට විරෝධය පා විපක්ෂය වූ ශ්‍රීලනිපයට ඡන්දය දෙයි කියා ශ්‍රීලනිපය සිතූහ. 1991 පුංචි ඡන්දයට චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් බහුජන නිදහස් පෙරමුණත් ශ්‍රීලනිපය සමග එක්ව තරග කළේය. ඒත් ශ්‍රීලනිපය අන්ත පරාජයකට පත්විය. නිල් බළකොටු හේදී යද්දී ශ්‍රීලනිපයට ජයග්‍රහණයක් පෙන්විය හැකි වූයේ කෝට්ටේ නගර සභාවෙනි. යූ.ඇන්.පී. බළකොටුවක් වූ කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ නගර සභාව ශ්‍රීලනිපය ජයග්‍රහණය කිරීම ප්‍රේමදාස ආණ්ඩුවත් තිගැස්මකට ලක්කරන්න සමත් විය. කෝට්ටේ නගරාධිපති වූයේ චන්ද්‍රා ද සිල්වාය. ඔහු නීතිඥයකු විය. ඔහුත් සමග කෝට්ටේ නගර සභාවට තරග කළ තවත් නීතිඥයකු වූ සුසිල් ප්‍රේමජයන්ත් උපනගරාධිපති ධුරයට පත්විය. 1991 පුංචි ඡන්දයට පසු අළු යට ගිනි පුපුරු මෙන් වූ බණ්ඩාරනායක පවුලේ අවුල දරුණු වෙන්න පටන්ගෙන තිබිණි. චන්ද්‍රිකා යළි ශ්‍රීලනිපයට එක් කරගැනීමට අනුර එළිපිටම එරෙහි වූයේය. මේ අනුව ශ්‍රීලනිපය තුළ චන්ද්‍රිකා සහ අනුර පිල යනුවෙන් පිල් දෙකක් විය. කෝට්ටේ නගර සභාවත් මේ පිල් දෙකට මැදි විය. එකල කෝට්ටේ සංවිධායක සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී වූ ජිනදාස නියතපාල සිටියේ අනුර පිලෙහිය. මේ නිසාම ජිනදාස නියතපාලගේ ගෝලයකු වූ කෝට්ටේ නගරාධිපති චන්ද්‍රා ද සිල්වාද අනුරගේ පැත්ත ගත්තේය. සුසිල් ද නියතපාලගේ නියෝජිතයකු වුවත් ඔහු දේශපාලනය දුටුවේ ටිකක් වෙනස් විදියකටය. ශ්‍රීලනිපයට යළි බලයට එන්න නම් වාමාංශික පක්ෂ සමග සන්ධානගත විය යුතුය යන චන්ද්‍රිකාගේ මතයත් එක්ක ඔහුත් හිටගත්තේය. නියතපාල පරණ යූ.ඇන්.පී.කාරයකි. චන්ද්‍රා ද සිල්වා නියතපාලගේ විශ්වාසවන්ත සගයකු විය. ඒත් සුසිල් නියම ශ්‍රී ලංකාකාරයකු ලෙස සිතන්න පටන්ගත්තේය. චන්ද්‍රිකා ශ්‍රීලනිපයට පැමිණ පොදු පෙරමුණ පිහිටුවන්න වැඩකරනු ලැබීය. ඇය 1993 බස්නාහිර පළාත් සභාවට තරග කරන විට කොළඹින් ඇයට විශ්වාසදායක ටීම් එකකට නාමයෝජනා දුන්නාය. කෝට්ටේ උපනගරාධිපති සුසිල් ප්‍රේම්ජයන්ත් බස්නාහිර පළාත් සභාවට තරග කළේ චන්ද්‍රිකාගේ තේරීමකින්ය. චන්ද්‍රිකා මහඇමැති වූවාය. සුසිල් පළාත් සභා මන්ත්‍රී විය. 1994 අනුර චන්ද්‍රිකාට එරෙහිව යූ.ඇන්.පී.යට යද්දී නියතපාලත් යූ.ඇන්.පී.යට එක්විය. චන්ද්‍රිකාට කෝට්ටේ හයිය වූයේ සුසිල්ය.

1994 චන්ද්‍රිකා වසර 17කට පසු යළි ශ්‍රීලනිපයට බලය අරන්දී අගමැති වී ජනාධිපති වූවාය. ඇය මහඇමැති ධුරයෙන් ඉවත් වූ පසු මහඇමැති ධුරයට පත්කළේ මොරිස් රාජපක්ෂවය. සුසිල්ට ඇමැති ධුරයක් හිමිවිය. 1995 චන්ද්‍රිකා සුසිල්ව මහ ඇමැති ධුරයට පත්කරනු ලැබුවාය. මේ වන විට කොළඹ සහ නගර කේන්ද්‍ර කරගෙන මහත්මා දේශපාලනයක් ගැන කතාකරන කාලයක් උදාවිය. යූ.ඇන්.පී.ය මහත්මා දේශපාලනයේ සංකේතය බවට කරු ජයසූරිය පත්කර ගත්තේය. 1997 කොළඹ නගර සභාව දිනා කරු 1999 බස්නාහිර පළාත් සභා ඡන්දයට යූ.ඇන්.පී. මහඇමැති අපේක්ෂක ලෙස නම්කරනු ලැබීය. චන්ද්‍රිකා ඔහුව මහඇමැති අපේක්ෂක ලෙස නම්කිරීම ඉවසුවේ නැත. ඇය කරුට බියවූවාය. ඇයත් කොළඹට සහ මහඇමැති අපේක්ෂකත්වයට මහත්මයෙක් හෙව්වේය. ඇය සුසිල්ව මහඇමැති අපේක්ෂක ලෙස නම්කළේ කරුගේ මහත්මා දේශපාලනයට අභියෝග කරන්නටය. සුසිල් මහඇමැති විය. චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය දිනා 2000 මහ ඡන්දයට යන විටත් ඇයට කරු ජයසූරිය කරදරයක් වූයේ කරුත් ඇගේ මල්ලී අනුර බණ්ඩාරනායකත් ගම්පහින් තරග කළ නිසාය. ඒ, යූ.ඇන්.පී.යෙන් බණ්ඩාරනායක කෙනෙක් තරග කළ පළමු අවස්ථාව විය. එමෙන්ම ශ්‍රීලනිපයෙන් බන්ඩාරනායක කෙනෙක් තරග නොකළ ප්‍රථම අවස්ථාවද විය. චන්ද්‍රිකා හොඳටම බිය වූවාය. කරුටත් අනුරටත් මුහුණ දීමට ඇයට බණ්ඩාරනායක කෙනකු සිටියේ නැත. ඇය මහත්මා දේශපාලනයේ සංකේතය වූ කරුටත් බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා වූ අනුරටත් මුහුණ දෙන්න සුසිල්ව ගම්පහට දැම්මේ සුසිල්, බණ්ඩාරනායකවරුන්ගේ නියෝජිතයා ලෙස පත්වෙමිනි. සුසිල්, ගම්පහ දිනවා පෙන්නුවේය. ඔහු අනුරට වඩා මනාපත් ගත්තේය. චන්ද්‍රිකා, සුසිල්ව පක්ෂයේත් ආණ්ඩුවෙත් ප්‍රබල චරිතයක් බවට පත්කළාය. ඇයගේ කැමැතිම විෂය වූ අධ්‍යාපන ඇමැති ධුරය ඇය සුසිල්ට දුන්නාය. 2001 ඇයගේ ආණ්ඩුව පරාජයවී ජවිපෙ සමග සන්ධානයකට යන විට ඇය ලේකම් ධුරයට සුසිල්ව පත්කර ගත්තේ ඇය ඒ වෙලාවෙ තමාගේ අගසව් වූ මංගලටත් වඩා සුසිල්ව විශ්වාස කළ නිසාය. ඒත් 2004 මහ මැතිවරණය ජයගෙන අගමැති තෝරන්න කමිටුවක් පත්කොට චන්ද්‍රිකා ඒ කමිටුවට සුසිල්වද නම්කළ විට සුසිල් මහින්දව අගමැති ධුරයට පත්කරන්න අත එසවූයේ චන්ද්‍රිකාට වඩා ශ්‍රීලනිපය ගැන හිතමින්ය. 2005 ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ අනුරද, මහින්දද යන ප්‍රශ්නය මතුවූ විට සන්ධානයේ ලේකම් ලෙස සුසිල් මහින්දගේ පැත්ත ගත්තේ චන්ද්‍රිකාව අමනාප කරගනිමින්ය. සුසිල් කීවේ දිනන්න නම් මහින්ද දැමිය යුතුය කියාය.

මහින්ද 2005 තරග කරන විටත් 2010 තරග කරන විටත් නාමයෝජනා අස්සන් කළේ සුසිල්ය. ඒත් 2010න් පසු මහින්ද පවුලේ බලපෑම මත වෙනස් වෙනු සුසිල් දුටුවේය. 2011 කොළොන්නාව නගර සභා ඡන්දයේදී මෛත්‍රිපාල, සුසිල්, නිමල් සිරිපාල වැනි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් භාරත ලක්ෂ්මන්ගේ පැත්ත ගනිද්දී මහින්ද සහ රාජපක්ෂ පවුල ගත්තේ දුමින්ද සිල්වාගේ පැත්තය. මේ බෙදීම ඉරිතළා ගොස් මෛත්‍රි විපක්ෂයේ පොදු අපේක්ෂකයා විය. ඒත් සුසිල් මහින්දගේ නාමයෝජනා පත්‍රයට අස්සන් කොට මහින්ද දිනවන්න වැඩ කළේ මහින්ද සුසිල්ව තෙල් ඇමැති ධුරයෙන් ඉවත් කොට විiා තාක්ෂණ ඇමැති ධුරයට පත්කොට තටු කපා තිබියදීය.

2015 මහින්ද පරාජය විය. මෛත්‍රිපාල ශ්‍රීලනිප නායකයා විය. සුසිල් පක්ෂ නායකයා ලෙස මෛත්‍රිපාල කියන විදියට වැඩ කළත් 2015 මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂට නාමයෝජනා දී අගමැති අපේක්ෂක කළ යුතුය යන මතයේ තදින් සිටියේය. මෛත්‍රි දින 100න් මහ ඡන්දයට යන්න යූ.ඇන්.පී.යට පොරොන්දු වී සිටියත් මහ ඡන්දය පමාකරන්න මෛත්‍රිට උපදෙස් දුන් අය අතර සුසිල් පෙරමුණේ සිටියේය. මේ කාලයේ මෛත්‍රි සහ මහින්ද එකතු කරන්න දරදිය ඇද්ද අය අතරද සුසිල් පෙරමුණේ විය. මෛත්‍රි පාර්ලිමේන්තුව විසිරපු විගස මහින්දට නාමයෝජනා දෙන බව සුසිල් 2015 ජූලි 09 වැනි දින මාධ්‍යයට කීවේය. මහින්දට නාමයෝජනා දෙන බවට තමා කියන දේ ජූලි 13 සත්‍යයක් බව ඔප්පු වේයැයි ඔහු දැඩි ස්ථාවරයකින් කීවේය. එයට මාසයකට කලින් 2015 ජුනි 21 සුසිල් ඩේලි මිරර් පුවත්පතට කීවේ මහින්ද අගමැති අපේක්ෂක විය යුතු බවය. මහින්දට නාමයෝජනා ලබාදීමෙන් පසු සුසිල්ගේ ගෙදරට බැසිල් පැමිණ සාකච්ඡාවක් පැවැත්විණි. පළමුව මහින්දවත් දෙවැනුව බැසිල්වත් ශ්‍රීලනිප මූලස්ථානයට අරගෙන ගියේ සුසිල්ය. මහින්ද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී සුසිල් මෙහෙම කීවේය.

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු මහලේකම් ලෙස මම අද කියනවා චන්ද්‍රිකා මහින්දට ජනාධිපති අපේක්ෂකකම ගන්න උදව් කළෙත් නැහැ. ජනාධිපතිවරණය දිනන්න උදව් කළෙත් නැහැ. ශත පහකින් උදව් කළේ නැහැ. පක්ෂ කාර්යාලය දුන්නෙත් නැහැ. මම දන්නෙ නැහැ ඇයි ඇය මහින්දට මෙච්චර වෛර කරන්නේ කියලා. මේ වෛරය ගිය ආත්මෙක ඉඳලා එනවා ඇති…’

සුසිල්ව දේශපාලනයේ ප්‍රබල චරිතයක් කළ චන්ද්‍රිකා ගැන සුසිල් එහෙම කීවේ මහින්දව ආරක්ෂා කොට දිනවන්නටය. 2015 මහ ඡන්දය කට ළඟ තිබියදී ජනාධිපති මෛත්‍රිපාල ශ්‍රීලනිප නායකයා ලෙස මහින්දට ලියුමක් ලියමින් ඔහු මහින්දව අගමැති නොකරන බවත්, අගමැති ධුරයට සුදුසු අය පක්ෂයේ ඉන්න බවත් සඳහන් කරමින් නම් කිහිපයක් හෙළිදරව් කළේය. සුසිල් ඒ අතරින් එක් නමකි. ඒත් පසු දින සුසිල් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තමාට අගමැති ධුරය එපා කියා මහින්ද අගමැති කළ යුතු යැයි ප්‍රසිද්ධියේ කීවේය. පසු දින සුසිල්වත් ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශනවත් මෛත්‍රි ලේකම් ධුරවලින් නෙරපනු ලැබීය. ඒත් සුසිල් සහ අනුර මහින්දව අතහැරියේ නැත.
2015 මහ මැතිවරණයට පසු සුසිල් මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ ඇමැති ධුරයක් භාරගත්තේය. ඒත් ඔහු ඇමැති මණ්ඩලය තුළ සිට කළේ මෛත්‍රි සහ යූ.ඇන්.පී.ය අතර ගැටුම් හැදීමය. ඔහුගේ උපාය සාර්ථක විය. අවසානයේ මෛත්‍රි රනිල්ව පන්නා මහින්දව අගමැති කළේ. එය අසාර්ථක වූ විට සුසිල් ඇමැති ධුර අතහැරීය.

2015 සුසිල් නොසිටින්න මහින්දට නාමයෝජනා ලැබෙන්නේ නැත. එහෙනම් අද ගෝඨාභය කෙනෙක් නැත. එදා මෛත්‍රි මහින්දට නාමයෝජනා නොදුන්නා නම් එක්කෝ මහින්ද තරග කරන්නේ නැත. නැතිනම් මහින්ද වෙනම තරග කොට යූ.ඇන්.පී.ය විශාල බලයක් දිනාගනු ඇත. හේතුව 2015 තිබුණේ 2018 තත්ත්වය නොවේ. එහෙම වුණා නම් අද ඉන්නේ යූ.ඇන්.පී. ජනාධිපති කෙනෙක්ය. ලියැවෙන්න තිබූ මේ ඉතිහාසය වෙනස් කොට යළි මහින්දව අගමැති කොට රාජපක්ෂ කෙනෙක් ජනාධිපති වුණේ සුසිල්ලා මෛත්‍රි ලවා ඉතිහාසය වෙනස් කොට ලියවපු නිසාය. සුසිල්ලාගේ කර පිටින් රජ ගෙදරට ගිය රාජපක්ෂලා අද සුසිල්ව රාජ්‍ය ඇමැති ධුරයෙනුත් ඉවත් කොට ඇත.
සුසිල් කියන්නේ චන්ද්‍රිකාට පසු පක්ෂ නායකත්වයට පත්වීමට තරම් ප්‍රබල චරිතයකි. ඒත් සුසිල්ලා ඒ අවස්ථාව මහින්දට දුන්නේය. මෛත්‍රි පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසුවත් සුසිල්ට පක්ෂ නායකත්වයට ඒමට හැකියාව තිබිණි. ඒ අවස්ථාවත් සුසිල් රාජපක්ෂ පවුලටම දුන්නේය. ඔහු රාජපක්ෂලාගේ ඉතිහාසය ලියපු අයෙකි. ඒ ඉතිහාසය වෙනස් කොට අලුතින් ඉතිහාසයක් ලියන්න අදටත් සුසිල්ගේ දේශපාලන පදනමට හයියක් තිබේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහබැංකුව රන් සංචිතයෙනුත් භාගයක් හොරරහසේම විකුණලා! ඩොලර් මිලියන 382ට තිබ්බ සංචිතය 175ට බහී!

Next Post

ඔබේ අනාගතය සහ ග්‍රහ බලය…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.