• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියේ ඇතුළෙදිම පොලිසියේ 4කට සැරයන් වෙඩි තියලා මැරුවේ නිවාඩු නොදුන්නාටද? ස්ට්‍රෙස් එකටද? සල්ලි එකතු කළාටද? පාටියක් දාපු එකේ තරහටද?

January 5, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
පොලිසියේ ඇතුළෙදිම පොලිසියේ 4කට සැරයන් වෙඩි තියලා මැරුවේ නිවාඩු නොදුන්නාටද? ස්ට්‍රෙස් එකටද? සල්ලි එකතු කළාටද? පාටියක් දාපු එකේ තරහටද?
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්නේ තිරුක්කෝවිල් පොලිසියේ සිදුවීම ගැනය. තිරුක්කෝවිල් පොලිසියේ සිදුවීම ගැන මේ වන විට බොහෝ ලිපි, බොහෝ කතන්දර ඔබ අසා ඇත. බොහෝ විට කියවා ඇත. නමුත් මේ සම්බන්ධව අප විසින්ද ලිපියක් ලිවිය යුතු නිසාම මේ කාරණාව තව වතාවක් කතාකරන්නට සිදුව තිබේ. සමහර විට මේ කතාවේ ඔබ දන්නා දේට වඩා නොදන්නා දේවල් වැඩි විය හැකිය. නමුත් දන්නා දේවලුත්, නොදන්නා දේවලුත් අතර බොහෝ දේ ඇති නිසා මේ කතාව යළි ලියන්නට තීරණය කළෙමු.
මේ පිළිබඳ පොලිස් වාර්තාව නිකුත් වී තිබුණේ මේ ආකාරයටය.

‘2021.12.24 දින 23.40 පැයට පමණ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සැරයන්වරයකු විසින් සිදුකරන ලද වෙඩිතැබීමේදී පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස්, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු තුන්දෙනකු තුවාල ලබා කල්මුලේ අෂ්රොෆ් රෝහලේ සහ අක්කරපත්තුව රෝහලේ ප්‍රතිකාර ලබයි. වෙඩිතැබීම සිදුකරන ලද සැරයන්වරයා ටී 56 ගිනි අවි දෙකක් සහ මැගසින් 18ක් සමග ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී ඇත.’

ඒ පළමු නිල නිවේදනයයි. ඉන් පසුව දෙවැනි නිල නිවේදනය නිකුත් වන්නේ මේ ආකාරයටයි.

‘අම්පාර පොලිස් කොට්ඨාසයේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් 406/85 වනසිංහ මුදියන්සේලාගේ දිනේෂ් රවීන්ද්‍ර කුමාර විසින් 2021.12.24 දින පැය 22.30ත් පැය 23.00ත් අතර කාලයේදී තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියාගේ ගිනි අවිය උදුරාගෙන කරන ලද සාහසික වෙඩිතැබීමකින් නිලධාරීන් සිවුදෙනකු මියගොස් ඇති අතර, නිලධාරීන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබයි. වෙඩිතැබීම හේතුවෙන් මියගිය නිලධාරීන්ගේ විස්තර.

  1. පො.කො. 78857
    කලාබණ්ඩාරලාගේ
    කසුන් ප්‍රබුද්ධ ගුණසේකර
    වයස – අවුරුදු 35
    පිටකුඹුර, සේනව, බිබිල.
    පොලිස් වසම – බිබිල
  2. පො.කො. 8861
    අලගරත්නම් නවීනන්
    වයස – අවුරුදු 30
    පිල්ලෙයාර් කෝවිල පාර, පාණ්ඩිරිප්පු.
    පොලිස් වසම – කල්මුණේ
  3. පො.සැ. 44132
    කලන්දාර ලෙබ්බේ මොහොමඩ් අබ්දුල් කාදර්
    වයස – අවුරුදු 53
    නො. 173, තේතාවඩි පාර,
    ඔළුවිල් 6.
    පොලිස් වසම – අක්කරේපත්තු
  4. පො.කො. 17382
    දිසානායක මුදියන්සේලාගේ
    තුෂාර හේමන්ත පුෂ්පකුමාර
    වයස – අවුරුදු 32
    එකේ කණුව, ගඟ පාර, සියඹලාණ්ඩුව.
    පොලිස් වසම – සියඹලාණ්ඩුව.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති නිලධාරීන්ගේ විස්තර.

  1. ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක,
    දෙහිගමරාළලාගේ අරුණ ජගත් බණ්ඩාර දෙහිගම.
    කල්මුණේ මහ රෝහල
  2. පොලිස් සැරයන් 44386
    වෛරමුත්තු කන්දසාමි
    තිරුක්කෝවිල් රෝහල
  3. පො.සැ. 14787
    කෝනාර මුදියන්සේලාගේ
    ප්‍රියන්ත ගුණවර්ධන
    අක්කරේපත්තු රෝහල
  4. පො.කො. රියැදුරු 89730
    රාජපක්ෂ පතිරණලාගේ
    සත්‍යරාජ් කුමාර
    අක්කරේපත්තු රෝහල

සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින අතර විස්තරාත්මක පණිවුඩයක් පසුව ලබාදීමට කටයුතු කරන බවට කාරුණිකව ඔබතුමා වෙත වාර්තා කරමි.’ කියලා මේ සම්බන්ධ වාර්තා වී තිබුණේය.

කෙසේ නමුත් මේ සිදුවීම මේ වන විට ඉතාම ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇති අතර, දැනගන්නට ඇති පරිදි තිරුක්කෝවිල් පොලිසියේ සේවය කළ නිලධාරීන් සියලු දෙනාටම හදිසි ස්ථාන මාරුවීම්ද ලබාදී තිබේ. නමුත් මේ වෙඩිතැබීම සිදුකළ නිලධාරියා මේ වන විට සිය වරද සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරමින් තිබේ.

ජීවිත හතරක් අහිමිවී ගොස් ඇති අතර ඒ මියගිය සිවුදෙනාටම උසස්වීම් ලබාදීමටද පොලිසිය කටයුතු කළේය. නමුත් මෙසේ වෙඩිතැබීමක් සිදුවීමේ ප්‍රථම අවස්ථාව මෙය වන අතර බොහෝ තැන්වලදී මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ. ඒ වාර්තාවීම් අතරදී කියැවුණේද නිවාඩු සම්බන්ධ සිදුවීම්, ඒ වගේම පොලිසිය තුළ ඇති බරපතළ පීඩනය, සිය සේවයට ඇගයීම් නොලැබීම, එසේම නිවැරැදි උසස්වීම් නොලැබීම වැනි වූ කාරණාය. ඇත්තටම ලංකාවේ පොලිසිය බරපතළ පීඩනයක් සහිත ආයතනයකි. ඒ ගැන අටුවා, ටීකා, ටිප්පනි අවශ්‍ය නැත. පොලිස් නිලධාරීන් කරන රාජකාරියේ ප්‍රමාණයට ඔවුන්ට නිසි වැටුපක් ලැබෙන්නේද යන්න පිළිබඳ ප්‍රශ්න තිබේ. බොහෝ පොලිස් නිලධාරීන් අද ඉන්නේ හිතේ කනස්සල්ලෙනි. විශේෂයෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, නැතහොත් තරු තුනේ නිලධාරීන්ට සිය නිසි සේවා ඇගයීමක් ලෙස ලැබෙන උසස්වීම් සිහිනයක් බවට පත්ව තිබේ. ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඒ.එස්.පී. තනතුර දක්වා වූ උසස්වීම්ය. ඒවා දෙන ආකාරයක් හෝ ලැබෙන ආකාරයක් තේරුම්ගැනීමට තබා හිතාගන්නටවත් බැරිය. ඒ තරමටම ඔවුන් අසරණය. බොහෝ නිලධාරීන් අද ඉන්නේ පොලිස් සේවය ගැන බරපතළ කනස්සල්ලෙනි. එහෙම නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ඔබට අවශ්‍ය නම් එය සකසා දීමට අප සූදානම්ය. නැත්නම් පොලිසියේ බරපතළ පීඩනය ගැන වෙනම ලිපියක් ලියන්නට අවශ්‍ය බව අපට ඉහළ පොලිස් නිලධාරීන් පවාදැනුම් දුන් නිසා එය ඉතා ඉක්මනින් කරන්නට අප සූදානම්ය. කෙසේ නමුත් තිරුක්කෝවිල් සිද්ධිය ගැන කතා කළ යුතුය.

තිරුක්කෝවිල් පොලිස් නිලධාරියා සම්බන්ධව විවිධ කතන්දර පැතිරෙමින් තිබේ. දැනගන්නට ඇති පරිදි මේ නිලධාරියාට යම් සේවා අපහසුතා සේම ශාරීරික අපහසුතාද තිබී ඇතැයි කියයි. ඔහු පොලිස් සේවයට එක්වුණේ කෙසේද යන්න ගැන අප දන්නේ නැත. නමුත් මේ නිලධාරියා සාමාන්‍යයෙන් රෝගී වීම නිසා නිල ඇඳුම් ඇඳීමෙන් වැළකී සිටින, පොලිසියේ සුළු රාජකාරිවල නියැළීම සඳහා නිවැරැදි අවසරය ලබාගත් නිලධාරියකු විය යුතුය. එවැනි නිලධාරීන් සාමාන්‍යයෙන් පොලිසිවල සිටියි. ඔවුන් රෝගී තත්ත්වයන් හෝ යුද්ධයේදී ආබාධිත වීම නිසා හෝ හදිසි අනතුරුවලට මුහුණ දීම නිසා යම් යම් ආබාධ තත්ත්වයන්ට මුහුණ දුන් අයය. එසේ ආබාධ තත්ත්වයන්ට මුහුණ දුන් නිලධාරීන්ට පොලිසියේ සාමාන්‍ය පරිපාලන රාජකාරි පවරා පැමිණිලි ලියාගැනීම වැනි ඒවා ඔවුන්ට ක්‍රියාත්මක කරගන්නට ඉඩ දී අනෙක් අය පොලිසියේ නිසි රාජකාරිවල නියැළීම සාමාන්‍ය සිරිතයි. එවැනි නිලධාරීන් උතුරේ පොලිසිවල සේම දකුණේ පොලිසිවලද අපට නිතරම මුණගැසෙයි. ඔවුන් අතර පොලිස් නිලධාරීන් සහ ඔවුන් අතර ගැටුමක් ඇතිදැයි අප දන්නේ නැත. එසේම ඔවුන් හාස්‍යයට ලක්කිරීමේ සිරිතක්ද සාමාන්‍යයෙන් පොලිසියේ නැත.

මේ නිලධාරියාගේ පෞද්ගලිකත්වය හාරා අවුස්සා බැලීම එතරම් වැදගත් නැතත්, ඔහු ගැන පොලිසිය ඇතුළෙන්ම දැනගන්නට ලැබෙන්නේ අමුතු ආරංචි ටිකකි. ඒවා මනුෂ්‍යයකු ලෙස අමුතු නැතිමුත්, පොලිසියට අනුව අමුතු යැයි ඔවුන්ම කියයි. මේ නිලධාරියා සාමාන්‍යයෙන් මත්පැන් බොන්නේ නැත. මත්ද්‍රව්‍යයෙන් සුරාවෙන් සූදුවෙන් තොර පොලිස් නිලධාරීන් නැතැයි අපි නොකියනාමුත් පොලිසියට එහෙම නිලධාරියකු ඉන්නා එක ටිකක් අමුතු බව මේ උසස් පොලිස් නිලධාරීන් සමග කළ කතාබහේදී පවා අපට වැටහුණි. ඔහුගේ එක ලක්ෂණයක් වූයේ බොහෝ කරුණුවලට මුදල් එකතු කිරීම්, ප්‍රිය සාද පැවැත්වීම් වැනි දේට ඔහුගේ තිබූ දැඩි විරෝධයයි. ඒ විරෝධය මේ වෙඩිතැබීමටද හේතු වූවාදැයි අප දන්නේ නැත. කෙසේ නමුත් නිල නොවන ආරංචිවලින් දැනගන්නට ඇත්තේ මේ සිදුවීම සිදුවූ දාද පොලිසිය හෝ පොලිසියේ නිලධාරීන් විසින් යම් ප්‍රිය සාදයක් පවත්වා ඇති බවය. එය පවත්වා ඇත්තේ පොලිසිය ආසන්නයේ තැනක බවද දැනගන්නට තිබේ. මේ සාදය සඳහා නිලධාරීන් කිහිප දෙනකු සහභාගි වී ඇති අතර, එසේ සහභාගි නොවූ නිලධාරීන්ද සිටින බව පැහැදිලිය. නමුත් මේ වෙඩිතැබීමට ලක්වන්නේ එසේ ප්‍රිය සාදයට ගිය අයද, එසේත් නැතිනම් නොගිය අයද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරක් නැත. ජීප් රථයෙන් ආපසු පැමිණෙන්නේත්, යතුරුපැදියකින් පැමිණෙන නිලධාරියාත්, එසේම මේ ජීප් රථයට සහ යතුරුපැදියට පසු තවත් වාහනයක පැමිණෙන පොලිස් නිලධාරීන්ද මේ ප්‍රිය සාදයට සහභාගි වූ බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

මෙවැනි ප්‍රිය සාද සඳහා පොලිසියේ මුදල් එකතු කිරීම සිදුවූ බවත්, ඒවාට මේ නිලධාරියා දැඩි සේ විරෝධය දැක්වූ බවත් නිල නොවන ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබිණි. කෙසේ නමුත් සාමාන්‍ය සිදුවීම දෙස පිටින් බලා සිටින විට දැනගන්නට තියෙන කාරණය වන්නේ නිවාඩු නොලැබීම නිසා බරපතළ පීඩනයට පත්වූ නිලධාරියා මෙසේ තමන්ගේ ඉහළ නිලධාරීන්ට වෙඩිතබා ඝාතනය කළ බවය. නමුත් මේ මියගිය කිසිදු නිලධාරියකු ඔහුට වඩා ඉහළ නිලයක් දරන්නෙකු නොවේ. එසේම මේ මියගිය කිසිදු නිලධාරියකු හෝ වෙඩි වැදුණු නිලධාරීන් අතර සිටින ස්ථානාධිපතිවරයා හැරුණු විට අනෙක් සියලු නිලධාරීන් ඔහුගේ මට්ටමේ හෝ ඔහුට වඩා පහත් මට්ටමේ නිලධාරීන්ය. මෙසේ පොලිසිය තුළ තමන්ගේ සහෝදර නිලධාරීන්ගෙන් තමන්ට සිදුවූ අසාධාරණය නිවාඩු ලබා නොදීමේ අසාධාරණය නොවන බව ඉතා පැහැදිලිව තේරුම්ගත හැකිය. එක්කෝ ඔහු තමන්ගේ තරහකරුවකු හඳුනාගෙන නිශ්චිතව වෙඩිතැබුවා විය යුතුය. එසේත් නැතිනම් තුවක්කුව ලබාගෙන දුවන්නන් පසුපස පන්නමින් ඔහේ වෙඩිතැබුවා විය හැකිය. එසේ නම් ඔහු ‘සීරියල් කිලර්’වරයෙකි. සීරියල් කිලර්ලා ඉන්නේ පිටරට චිත්‍රපටවලය. මේ ඝාතනය මීට වඩා වෙනස් ආකාරයක පීඩනය පිටවීමක්ද, නැත්නම් වෙනත් බරපතළ ප්‍රශ්නයක ප්‍රතිඵලයක්ද යන්න දන්නේ පොලිස් නිලධාරීන්ම පමණි.

මේ නිලධාරියාට නිවාඩු ලබාදීම සම්බන්ධව වගකියන නිලධාරියාගෙන් සොයා බැලූ විට අපට දැනගන්නට ලැබෙන්නේ මේ පොලිස් නිලධාරියාට නිවාඩු නොලැබීමේ ප්‍රශ්නයක් තිබුණු බවක් පැහැදිලි නැති බවය. ඔහුට පහුගිය මාසයේත් නිවාඩු කිහිපයක් ලබාදුන් බවත්, ඒ නිවාඩුවලින් ඔහු ගමේ නිවෙසට ගොස් පැමිණි බවත් පොලිසියේ නිල නොවන ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබිණි. එසේම මේ නිලධාරියා විවාහකයකු නොවන බව දැනගන්නට තිබේ. මේ පුද්ගලයාගේ මව කීප වතාවක් රූපවාහිනිය ආදී තැන්වල කතා කරනවා අප දුටුවෙමු. ඇයට අනුව මේ පුත්‍රයා සාමාන්‍ය කලබලකාරියකු නොවන අතර, ඔහු කලහකාරී ලෙස හැසිරෙන සාමාන්‍ය සටන්කාමී පුද්ගලයකු නොවන බවද ඉතා පැහැදිලිව දැනගන්නට තිබේ. එවැනි පුද්ගලයකු මනුෂ්‍ය ඝාතකයකු වන්නේ කෙසේද යන්න දන්නේ මේ පොලිසියේ ඒ වෙලාවේ සිටි නිලධාරීනුත්, මේ සිදුවීම ඇසින් දුටු අයත් පමණි. නැත්නම් ඔහුම පමණි. කෙසේ නමුත් මේ වන විට ජීවිත හතරක් මේ සම්බන්ධ වන්දි ගෙවා අවසානය.

පොලිසි දෙපාර්තමේන්තුවද මේ සිදුවීම දෙස මීට වඩා විවෘතව බැලිය යුතුය. මෙවැනි සිදුවීම් මීට පෙර වාර්තා නොවී තිබුණා නම් ඒ සම්බන්ධව විවෘතව නොබැලුවාට ප්‍රශ්නයක් නැත. නමුත් පොලිසියට යම් පීඩනයක් ඇති බව නම් හොඳටම පැහැදිලිය. පොලිසියෙන් දැනගන්නට ලැබෙන ආකාරයට ඔවුන් රාත්‍රියේ යම් කිසි සාදයක් අවසන් කොට පොලිසියට පැමිණෙන විට හදිසියේම මේ වෙඩිතැබීම සිදුවී තිබේ. වෙඩිතැබීමට පැමිණි පුද්ගලයා තමන්ගේ සහෝදර නිලධාරීන්ගේ අතේ තිබූ තුවක්කුවක් උදුරාගෙන ආගිය අතේ වෙඩි තැබූ බව ඇසින් දුටු අය කියන කතාවයි. පළමු ජිප් රථයට වෙඩිතැබීමත්, ඉන් පසුව පැමිණි යතුරුපැදියට වෙඩිතැබීමත් සිදුවී ඇති අතර, අනතුරුව ඔහු පුද්ගලයන් සොයා තුවක්කු රැගෙන ගිය බව නිල නොවන ආරංචියකින් දැනගන්නට ලැබිණි. පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණි ජීප් රථය ගැන දැන් පැවැසෙනමුත්, මුලින් මේ කතන්දරය කියැවුණේ ඔහු යතුරුපැදියක පැමිණි බවයි. ජීප් රථයටද, යතුරුපැදියට සේම පොලිසියේ ඒ වෙලාවේ රැඳී සිටි නිලධාරීන්ටද වෙඩිතැබූ බව මේ කාරණාවේදී පැහැදිලිව පෙනෙන දෙයකි. පොලිසියේ අටදෙනකුට ඔහු වෙඩිතැබුවේය. මියගියේ ඉන් හතරදෙනකු පමණි. නමුත් තවත් හතර දෙනකු තුවාල ලැබීය. දැන් ඔවුහු සුවය ලබමින් සිටිති. කාරණය ඉතා බරපතළය. හඳුනාගත යුත්තේ වෙඩිතැබූ පුද්ගලයා නොව වෙඩිතැබීමට හේතුවයි. වෙඩිතැබීම් සිදුවන්නේ ඇයි කියන හේතුවයි. මිනිසුන් ඉන්නේ ජීවන බර අත දරාගෙනය. ප්‍රශ්න හැමෝටම තිබේ. මේ ප්‍රශ්නවලින් පුපුරා යන්නේ අවි ආයුධ අත දරන්නවුන්ගේ පීඩනය පමණි. අවි අත නොදරන්නන්ට වෙඩි තබන්නට හෝ මිනිසුන් මරා දමන්නට නොහැකි නිසා ඔවුන් සිය පීඩනය ඉවසා සිටිනවා නම් එය තවත් වරක් කියවාගත යුතුය. පොලිසියට දැන් අලුතින් හිතන්නට යමක් ඉතිරිවී තිබේ. තිරුක්කෝවිල් ඝාතනය ඒ මතක් කිරීමට තව පණිවුඩයකි.

අපි පොලිසියේ පීඩනය ගැන තව වතාවක් ඔබට ලියන්නට සූදානම් අතර, සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබට පීඩනයක් ඇත්නම්, තුවක්කුවක් ගෙන වෙඩි තබනවා වෙනුවට ඒ පීඩනය තවත් කෙනකුට කියන්නට අප අවස්ථාව ලබාදෙන්නට සූදානම් බවය. ඔබට උසස්වීම් සම්බන්ධ ප්‍රශ්න, නිවාඩු සම්බන්ධ ප්‍රශ්න කුමක් හෝ ඇත්නම් ඔබ අප සමග කියන්න.

අප ඒ සඳහා විශේෂ ඉඩක් වෙන්කරන අතර, ලබන සතියේ හෝ නුදුරේදීම ඒ වෙනුවෙන් විශේෂ ලිපියක් පළකරන්නටද අප සූදානම්ය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාරක් විවෘත කරන්න ආපු වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිට තරුණයෝ පිරිසක් පහර දීලා! ගැහුවා කියලා පැමිණිලි කර පස්සේ අස්කරගෙන!

Next Post

සෙල්ලම් දෙයක් නෙමෙයි! යුද්දෙ කාලෙවත් වුණේ නැති වැඩක්! දවස් 8ට ජීවිත 98ක් පාරෙදි නැතිවෙලා!

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනට අවුරුදු 2ක සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනට අවුරුදු 2ක සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.