ඉකුත් දින 8 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 98 දෙනෙක් මියගොස් ඇති බව පොලිස් වාර්තා තහවුරු කරයි.
මෙම වසරේ පළමු දින 3 තුළ වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
එමෙන්ම පසුගිය වසරේ අවසන් දින 5 තුළ ද රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කර සිටියේය.
රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය අනතුරුවලට හේතුවී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.










