පසුගිය කාලයේදී ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නමක් දිනාගත් ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඊට අදාළ ලිපිය පසුගිය සදුදා භානුක රාජපක්ෂ විසින් ක්‍රිකට් ආයතනය වෙත යොමු කොට ඇති බව දැනගන්නට ඇත.
මෑතකදී ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දි ඇති නව ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමග තමන්ට තවදුරටත් ක්‍රීඩා කළ නොහැකි බව සිය ඉල්ලා අස්වීමේ ලිපියේ භානුක රාජපක්ෂ විසින් සදහන් කොට ඇති බවද දැනගන්නට තිබේ.










