ගෑස් සිලින්ඩරවල වෑල් මාරු කිරීම හේතුවෙන් නියමිත පරිදි ගෑස් ලබා දීම සදහා තවත් සති 3ක් පමණ ගතවනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
මීට පෙර වසරක කාලය තුළදී දිනකට ගෑස් වෑල් 300 ක් පමණ මාරු කර ඇති බවත් වර්තමානයේ දිනකට වෑල් 3000 ක් පමණ මාරු කරන බවත් වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බවත් ඒ මහතා කීය.
ජනතාවට පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තව සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ද අලුතින් හඳුන්වාදුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් කාලයක් ගතවීම නිසාත් යන්ත්‍රසූත්‍ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නිසාත් යම්කිසි ප්‍රමාදයක් පවතින බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීය.










