ගෝලීය ස්මාර්ට් තාක්ෂණ සමාගම වන OPPO, සිය වාර්ෂික OPPO INNO DAY ප්‍රදර්ශනයේදී සිය පළමු foldable ස්මාර්ට් ජංගම දුරකතනය වන OPPO Find N හඳුන්වා දුන්නේය.
වසර හතරක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සහ නිෂ්පාදන ශ්‍රේණි හයක ආකෘතිවල ප්‍රතිඵලයක් ලෙස, OPPO Find N විසින් foldable ජංගම දුරකතන ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක් ගෙන එන අතර, මීට පෙර foldable දුරකතන භාවිත කළ පුද්ගලයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද නවමු අත්දැකීමක් ලබා දෙයි.
Oppo Find N දුරකතනය වෙනත් කිසිදු foldable ජංගම දුරකතනයක දක්නට නොලැබෙන දර්ශන තිරයක් ලබාදෙයි. සාමාන්‍ය තත්ත්වවලදී අඟල් 7.1ක දර්ශන තිරයක් සහ නැමූ විට අඟල් 5.49 තිරයකුත් දිස්වන නිසා පාරිභෝගිකයන්ට ප්‍රමාණය හෝ අවශ්‍ය ප්‍රයෝජනවල කිසිදු අඩුවක් නොමැතිව ඉතාම හොඳ ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් ලබාගත හැකිවේ.
OPPO Find N හි ඇතිFlexion Hinge මගින් 0.01 mm දක්වා වූ අතිශය නිරවද්‍යතාවකින් යුතුව එහි ඇති කොටස් 136ක් එකට ගෙන එමින්, මිනිස් සිරුරේ සන්ධි මෙන් ඉතා සුමටව ක්‍රියාකරන බව සහතික කරයි. OPPOහි අද්විතීය water-drop hinge සැලසුම මගින් දුරකතනය නැමීම්වලදී සිදුවිය හැකි හිරවීම් සහ කැඩීයාම් පාලනය කරමින් මෙම නැමීම් අනෙකුත් උපාංගවලට වඩා 80%ක අඩු ප්‍රමාණයක පාලනය කරන බව TUV මගින්ද තහවුරු කර තිබේ. මෙම නිර්මාණ සැලසුම මගින් උපාංගය නැමුණු විට display අතර පරතරය ප්‍රායෝගිකව ඉවත් කර වඩාත් යහපත් පෙනුමක් ලබාදෙමින්inner display එක සීරීම් සහ පලුදුවීම්වලින් වඩා හොඳින් ආරක්ෂා කරයි.











