දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පුරෝගාමී කුකුළු මස් නිෂ්පාදනයේ නියැළී සිටින බයිරහ ෆාම්ස් සමාගම(Bairaha Farms PLC), 2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිසරික, සමාජ සහ පරිපාලනමය අංශයේ ව්‍යාපෘතියේ නියමුවා ජයග්‍රහණය කරමින්FMCG Asia සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර විය. ඒ, ශ්‍රී ලංකාවේ ජීවත් වන දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට තමන්ට තේරෙන ආකාරයෙන් කියවීමට සහ ඉවුම් පිහුම් කිරීමට රුචිකත්වයක් ලබාදීම සඳහා ප්‍රථම වරට බ්‍රේල් ක්‍රමයට ලියන ලද කුකුළු මස්වලින් පිළියෙල කළ හැකි ඉවුම් පිහුම් වට්ටෝරු පොතක් මෙරටට හඳුන්වා දීම වෙනුවෙනි. මේ තුළින් බයිරහ ෆාම්ස් සමාගම ඔවුන්ගේ පොත ප්‍රවර්ධනය කිරීමෙන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයන් හට මෙම පොත ලබාදීමෙන් විශිෂ්ට සමාජීය කර්තව්‍යයකට මුලපිරීය. රට තුළ දියත්කරන ලද පළමු බ්‍රේල් වට්ටෝරු පොත වීමට අමතරව, දිවයින පුරා ඇති දෘශ්‍යෘබාධිත පාසල් 18ටම බ්‍රේල් පොත් පරිත්‍යාග කරමින් මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරන ලදී.











