අද ආශ්චර්යයට කණකොකා හදා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මන්දපෝෂණය පැතිර ගිය රටක් මේ වන විට නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අඩු බර උපත් ඇති දරුවන් වැඩි ප්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී ඇතැයි ද පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” හතරවෙනි දිනය ආරම්භ කළේ සූරියවැව නගරයේ ජනතාව හමුවට යමිනි.
ඒ සමගම, සුරියවැව ප්‍රාදේශීය සභා විපක්ෂනායක හා සමඟි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සුභක ප්‍රදීප් මහතාගේ සූරියවැව තරුණ බලවේග කාර්යාලය විවෘත කිරීමද විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.
මේ ආණ්ඩුව ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් සහ මුසාවාදයෙන් ජයගත් බවත් කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වයක් නිර්මාණය කොට, සිංහල බෞද්ධකම තුට්ටු දෙකට දමා ජාතිවාදය ආගම්වාදය අන්තවාදය සහ මුසාවාදය ව්‍යාප්ත කළේ මේ ආණ්ඩුව බවද ඒ මහතා කීය. අවුරුදු දෙකක කාලයක් තුළ ආණ්ඩුව අපේ රට එක් අතකින් කඳුළු සලන පාරාදීසයක් කොට ඇති බවත් තවත් අතකින් අඳුරු පාරාදීසයක් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එපමණක් නොව අද මේ රට කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත්කොට ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.










