• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ගේ ගමනේදී ඉන්දියාව ඇත්තටම ලංකාවෙන් ඉල්ලපු දේ සහ ඉස්සරහට කරන්න යන දේ ඉන්දීය හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් විග්‍රහ කරයි!

December 29, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
බැසිල්ගේ ගමනේදී ඉන්දියාව ඇත්තටම ලංකාවෙන් ඉල්ලපු දේ සහ ඉස්සරහට කරන්න යන දේ ඉන්දීය හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් විග්‍රහ කරයි!
Share on WhatsAppShare on Facebook

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දෙදිනක සංචාරයක් සඳහා පසුගිය පළමුවැනිදා නවදිල්ලියට (ඉන්දියාව) ගියේය. එසේ ගියේ ඉදිරි වර්ෂයේ (2022) විසර්ජන පනත (අයවැය ලේඛනය) පාර්ලිමේන්තුවේ විවාද වන අතරතුරේදීම වීම විශේෂත්වයකි.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා හදිසියේ නවදිල්ලියට ගියේ…? යන ප්‍රශ්නය බොහෝ දෙනකු තුළ කුකුසක් ඇති කෙළේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ අවඥාසහගතව වාග් ප්‍රහාරයක් පාර්ලිමේන්තුවේදී එල්ල කෙළේය.

“මුදල් ඇමැතිවරුන් වශයෙන් බොහෝ දෙනකු පසුගිය සමයේ කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අයවැය විවාද පැවැති සෑම අවස්ථාවකදීම ඔවුන්ද සහභාගි වුණා. මූල්‍යමය කරුණු පිළිබඳ සාකච්ඡා කරෙන තීරණාත්මක අවස්ථාවලදී කිසිම මුදල් ඇමැතිවරයෙක් මේ අන්දමින් රට හැර ගිය බවක් අප කිසිදා දැක නෑ. අපේ මුදල් ඇමැතිවරයා ඉන්දියාවට ගියා. ගිය පයින්ම ආපහු ආවා. අප දන්නෙ නෑ ඔහු ගියේ හිඟමන් ඉල්ලන්නද කියලා

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට වහා ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව සූදානමක් නැද්ද? ඉන්දියාවට සල්ලි තිබේ. රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා චීනයට පක්‍ෂපාතිත්වය දැක්වවීමේ හේතුවෙන් මූල්‍ය ආධාර සැපයීම් සඳහා ඉදිරිපත්වීමේ නැමියාවක් නැත්තේද?

බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයාට මේ අවස්ථාව වන විට ඉන්දියාවට අතපානවාට වඩා වෙනත් විකල්පයක් නැති තරම්ය.

අපේ විදේශ විනිමය සංචිතය බිලියන එකයි දශම දෙක දක්වා පහළ වැටී ඇත. ඒ ප්‍රමාණය මාසයක ආනයනයකට පමණක් සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයකි. ඖෂධ, ධාන්‍ය වර්ග පමණක් නොව සහල් සහ එළවළු වැනි අත්‍යාවශ්‍ය ආහාර වර්ගද වෙළෙඳපොළේ නැත. මේ නිසා රටේ මහජනතාව ප්‍රකෝපකාරී අන්දමින් නොසන්සුන්ව සිටිති.
මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විශාල අපේක්‍ෂා රැසක් පොදි බැඳගෙන ගියේය. ඉන්දියාව මීට පෙර අවස්ථා ගණනාවකදීම අපේ අහාර අහේනිවලට පමණක් නොව ණය වාරික ගෙවීමට පවා පිහිටට සිටියේය.

චීනය ඇතැම් අවස්ථාවල ලංකාව කෙරෙහි වන සිය අප්‍රසාදය පළකළත් ඉන්දියාව එසේ කළේ නැත. ඇතැම් රාජ්‍යතාන්ත්‍රික කරුණු සම්බන්ධයෙන් රාජපක්‍ෂ ආණ්ඩුව ඉන්දියාව සමග එතරම් හිතෛෂී අන්දමකින් ක්‍රියා නොකිරීම ගැන අගමැති නරේන්ද්‍ර මෝදි එතරම් තැකීමක් නොකර නොඅඟවා කටයුතු කෙළේය.

ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති එස්. ජයශංකර් සහ නිර්මලා සීතාරාමන් දෙදෙනා බැසිල් රාජපක්‍ෂ සමග සාකච්ඡා වට දෙකක් පැවැත්වූහ. මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එම දෙදින සංචාරයේදී භාරත අගමැති නරේන්ද්‍ර මෝදි හමුවන බව මෙරට (ශ්‍රී ලංකාවේ) මාධ්‍ය විස්තර කළත් එසේ හමුවීමක් නොවිණි. ඊට හේතුව ඒ වන විටත් භාරත අගමැතිවරයා දේශපාලන සහ පුණ්‍යාධාර බෙදාහැරීමේ වැඩසටහන් ගණනාවක් යොදාගෙන තිබූ හෙයිනි. කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේදී කෙටි, මධ්‍ය වාරික සහයෝගිතා වශයෙන් කුලුනු හතරක් පිළිබඳ සාකච්ඡා කළ බව ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක සඳහන් විණි. සහයෝගිතාවේ සිවු කුලුනු ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රගමනය උදෙසා බවට සඳහන් විය. සිවු කුලුනු එකට බැඳුණු ධාරා හතරකි. ඉන් පළමුවැන්න ආහාර සහ දෙවැන්න සෞඛ්‍ය සුරක්‍ෂිතතාවයි. තුන්වැන්න ශක්ති සුරක්‍ෂිතතාවයි. සිවුවැන්න දිවයිනේ විවිධ පළාත්වල කෙරෙන යටිතල පහසුකම් සංවර්ධනයේ ආයෝජනයි. මේ සිවු ධාරාවටම මූල්‍ය අනුග්‍රහය සහ ආයෝජන ඉන්දියාවෙනි. සිවු ධාරාවේ ප්‍රමුඛතා හිමි ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ධාරාව උදෙසා ණය පහසුකම් තවදුරටත් වැඩි කෙරේ.
ශක්ති සුරක්‍ෂිතතා පැකේජය වනාහි මේ වන විට ලංකාවේ සිඳී ගොස් ඇති ඉන්ධන තොග සම්බන්ධව ආරම්භ කෙරෙන්නකි. එය ඉන්දියාව ආකර්ෂණයට පත්වන එකකි. ඒ ණය පහසුකම් මත එරටින් ඉන්ධන සැපයීමය.

එම පැකේජය ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණයද ඈඳුණු එකකි. ඉන්දියාව මේ යෝජනාව බොහෝ කාලයකට පෙර ඉදිරිපත් කළ එකක් වුවද කාලයත් සමග යම් යම් හේතූන් නිසා අමතකව ගොස් තිබුණි. එහෙත් එය ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී යළි නවීකරණයවී තිබේ.

සිවුවැනි පැකේජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා විවිධ අංශ සඳහා කෙරෙන ඉන්දියානු ආයෝජන වේ. මේ කරුණු සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාත් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති එස්. ජයශංකර් සහ නිර්මලා සීතාරාමන් යන තිදෙනා එකඟතාවකට පත්වූ බව මාධ්‍ය මගින් ප්‍රකාශ කෙරිණි. ඒ අනුව “බැසිල්ගේ නවදිල්ලි දූත මෙහෙවර වර්ක්ස් ඉන් ප්‍රෝග්‍රෙස් ලෙසින් හැඳින්විය හැකි බව පැවසේ’

ශ්‍රී ලංකාව මේ වන විට චීනයට ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් (5,000,000,000) ණයවී ඇත්තේය. ඇමෙරිකානු ඩොලර් මිලියන හතළිස් අටක් (48,000,000) වටිනා චීන කාබනික පොහොර ආනයනය කිරීමේ ගනුදෙනුවේදී ලංකාව පොරොන්දු කඩකළ බව කියන චෝදනාවට අනුව දෙපාර්ශ්වය අතර පවත්නා තත්ත්වය යටතේ ලංකාවට චීනය තහනම් ප්‍රදේශයක්වී තිබේ.

රාජපක්‍ෂ ආණ්ඩුව මේ අතර ඉන්දියාවෙන් නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීම දෙරට අතර පවත්නා අමනාපය තවත් දිගුදුර යාමක්වී තිබේ. එමතුද නොව ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ‘හයිබි්‍රඩ් එනර්ජි’ පද්ධතිය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ‘සිනෙ සෝලා’ හයිබි්‍රඩ් ටෙක්නොලොජි ආයතනයට පවරා දීමද අමනාපය තවත් වර්ධනය කරන්නක්වී ඇත. ඉන්දියාවට අවශ්‍ය නම් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට උදව් කළ හැකිය. ඒ සඳහා ඉන්දියාවට අවශ්‍ය තරම් මුදල්ද තිබේ. කොරෝනා වසංගත සමයේදී වුවද ඉන්දියාවේ විදේශ සංචිතය ඉහළ ගොස් ඇත.

ඇමෙරිකානු ඩොලර් බිලියන හාරසිය හැත්තෑ අටක් (478) වූ එරට විදේශ සංචිතය මේ වසරේදී පන්සිය හැත්තෑ හතක (577) වර්ධන අගයක් දක්වයි. මේ ජයග්‍රහණයට හේතුව ප්‍රශංසාත්මක මූල්‍ය කළමනාකරණයයි.

මේ අනුව ඉන්දියාවට මුදල් ඇත. එහෙත් ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉදිරිපත් වීමේ නැමියාවක් ඇත්ද යන්න සැකයට කරුණකි. ඊට හේතුවක්ද තිබේ. ගතවූ කාල පරාසය තුළ රාජපක්‍ෂ ආණ්ඩුව චීන ගැතිභාවය පුන පුනා ප්‍රදර්ශනය කර ඇති හෙයිනි. ඒ නිසා තම අසල්වැසියාගේ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාරයක් දැක්වීමට ඉන්දියාව සූදානම් නොවන්නේද යන ප්‍රශ්නයද මතුවේ. මේ කරුණු පිළිබඳ ඉන්දියාව දෙවරක් සිතන්නේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ 2017දී ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් අස්සන් කෙළේය. ඒ ගිවිසුමට කොළඹ, ත්‍රිකුණාමලය සහ උතුරේද සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අඩංගුවී තිබුණේය.

මෙග වොට් පන්සියයක (500) ධාරිතාවකින් යුත් සෝලා පවර් (සූර්යතාප) බලශක්ති ව්‍යාපෘතියක් සාම්පූර් ප්‍රදේශයටද, උතුරු පළාතට මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්ද නියමිත විය. එම ව්‍යාපෘතියට මන්නාරම සිට යාපනය දක්වාත්, මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වාත්, ත්‍රිකුණාමලය සිට දඹුල්ල දක්වාත්, අධිවේගී මාර්ග ඉදිකිරීමටත් කෙරවලපිටියේ එල්.එන්.ජී. බලාගාරයත් ත්‍රිකුණාමලයේ එල්.එන්.ජී පර්යන්තයකුත් ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් ඒ ගිවිසුම අස්සන් තැබිණි.

මේ සියල්ල ඉන්දීය ආයෝජන වූවේය. විශේෂයෙන් උතුරේ මාර්ග සංවර්ධන (අධිවේගී) ව්‍යාපෘතිය සමස්ත ඉන්දීය ආයෝජනයක්ම වූවේය. එහෙත් මේ ව්‍යාපෘති පසු කලෙක වෙනත් පාර්ශ්වවලට හිමිවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිම ප්‍රභවයවූ සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගත මාරයා ගිලගනු ලැබුවේය. ඔමික්‍රෝන් මාරයාද එහෙන් මෙහෙන් සිස ඔසවයි. විදේශගත ශ්‍රම බළකායෙන් එවුණු විනිමයද අඩුවී ගොසිනි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අනුයාත පාලනයෙන් ලැබුණේ ඌන ආර්ථිකයකි. කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොර ස්වයංපෝෂිත ආහාර රටාවකට හුරු කිරීමේ මාහැඟි සංකල්පය නිසා වී ගොවිතැන, එළවළු වගාව පමණක් නොව තේ කර්මාන්තයද ආබාධිත වී සියලු නිෂ්පාදන බිඳවැටුණේය. එමගින් ආර්ථිකය බින්දුවට බැස්සේය. මේ වාතාවරණය යටතේ චීනය ශ්‍රී ලංකාවට ආයෝජනය කිරීමට හෝ උදව් කිරීමට හෝ එන්නේද යන්න සැක සහිතය.

‘සියලු අභියෝග ජයගත හැකි සමෘද්ධිමත් මාතෘ භූමියක්’ යන්න 2022 පෙබරවාරි 04 වැනි දින එළඹෙන 74 වැනි නිදහස් දින අපේ මුඛ්‍ය පාඨය වියයුතු බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ඒ ප්‍රකාශය යථාර්ථයක් කරගැනීමට නම් භාරතීය සහයෝගය නැතිවම බැරිය. තිස් අවුරුදු යුද්ධය නිමාකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ සියලු ජාතීන්ගේ හිත් සැනසීමට දහතුන් වැනි ව්‍යවස්ථාවේ වගන්ති ක්‍රියාත්මක කළ යුතු බවයි.

“ලොකු මාළුවාගේ ගොදුර කුඩා එකාය” යන ශ්‍රේෂ්ඨ කියමන දාහත්වැනි සියවසේ විසූ ලන්දේසි ජාතික “ස්පිනොක්සා”ගේය.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අදත් සජිත් මිනිස්සු ළඟට යයි! මිනිස්සු සජිත්ට දුක කියයි! (VIDEO)

Next Post

සුපිරි වෙළෙදසැල්වල රාක්කවලට ආ අලුත්ම සුපිරි බඩුව!

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.