රටේ ආර්ථිකය බරපතල අර්බුදකාරි තත්ත්වයක පවතින බැවින් මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමේ කිසිදු වරදක් නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
එසේ වුවද මූල්‍ය අරමුදල දමන සියලූ කොන්දේසි පිළිගත යුතු නැති බවත් එම අරමුදලේ සහය පැතීම හෝ වෙනත් මිත‍්‍ර රටක සහයෝගය ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් කී අමාත්‍යවරයා මේ වනවිට ශ්‍රී ලංකාව ඩොලර් පිළිබඳ ගැටළුවකට මුහුණ දී සිටින්නේ යැයි ද කීය.
පසුගිය කාලයේ් පැවැති රජයයන් බොහොමයක් අර්බුදකාරි අවස්ථාවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත් බවත් එහි දී පිළිගත හැකි කොන්දේසි පිළිගත්තා සේම ඉටු නොකල හැකි ඒවා ප‍්‍රතික්ෂේප කළේයැයි ද පැවසීය.
කෙසේවෙතත් පසුගිය දිනෙක වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියේ ආණ්ඩුව කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නොයා යුතු බවත්, එසේ ගියහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බවත්ය.