• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇහේ කටු ඇනෙනවා වගේ කියපු නංගි බබා හෙව්වා හම්බ වුණේ නෑ! කෝ මේ පෑඩ් ගැනයි පාස්කු ප්‍රහාරය ගැනයි කියපු සංජීවනී වීරසිංහ! අපිත් හොයනවා අනේ එන්නකෝ එළියට…!

December 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇහේ කටු ඇනෙනවා වගේ කියපු නංගි බබා හෙව්වා හම්බ වුණේ නෑ! කෝ මේ පෑඩ් ගැනයි පාස්කු ප්‍රහාරය ගැනයි කියපු සංජීවනී වීරසිංහ! අපිත් හොයනවා අනේ එන්නකෝ එළියට…!
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්න හේතු වූණේ සංජීවනී වීරසිංහ නෝනා පහුගිය ජනාධිපතිවරණයේදී කරපු ඇඟ හිරිවැටෙන කතන්දර අහලා. ඒවා අහලා ඊට පස්සේ වෙලාවක දැන් එයා ඉන්නේ ඇමෙරිකාවෙ කියලත් දැක්කා. ඇමෙරිකාවේ කැලිෆෝනියාවල සැපෙන් සනීපෙන් ඉන්නවා. කීප වතාවක්ම ලංකාවට ආවා ගියා, දැන් අපට හොඳයි කියලා එතුමිය කිව්වට පස්සේ එකපාරටම දැනුණා මොකක්දෝ අමුත්තක්. මොකද අපි තාම ඉන්නේ ලංකාවෙනෙ.

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා කාට කියන්නද, කාගෙන් අහන්නද කියලා හිතාගන්න බැරිව ඉන්න කාලෙක අපිට මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න කියලා කියපු හුඟක් කට්ටිය දැන් ඉන්නේ වෙන රටවල. ඒ අතරින් කෙනෙක් තමයි සංජීවනී නෝනත්. අනේ අහිතකින් කියන දෙයක් නෙවෙයි. ඇත්තටම ඒගොල්ලො කියපු දේවල් මේ රටේ දේශපාලනයට හුඟක් බලපෑවා. එතුමිය මීට අවුරුදු දෙකකට කලින් කරපු අපූරු කතාවක් ‘6.55 නිවුස්’ වෙබ් අඩවියක පහුගිය දවසක පළවෙලා තිබුණා.

විනාඩි 19කට ටිකක් වැඩියෙන් කරපු කතාවක් ඒක. ඒ කතාවෙදි ඇය කිව්වේ මීට වඩා අවස්ථාවක් අපට උදාවෙන්නෙ නෑ කියලා. ඒ වගේම මේ රටෙන් කොටසක්දෙ මළුන්ට දෙන්න, නැත්නම් කොටින්ට දෙන්න සූදානමක් තියෙනවත් ඒ කතාවෙ තියෙනවා. අපි දන්නෙ නෑ ඒවා කොහෙන් ලැබුණු සාක්ෂි මත කියපු කතාද කියලා. නමුත් එහෙම කතාවක් කියැවුණා. හැබැයි එහිදී එතුමිය අපූරු කතාවක් කියනවා. ඇල්බට් අයින්ස්ටයින් විද්වතා කියපු කතාවක් කියලයි එය හඳුන්වා දෙන්නේ. යම්කිසි රටක් යම්කිසි වෙලාවක පරිහානියට යනවා නම් ඒ රට පරිහානියට පත්කරන කෙනා විතරක් නෙවෙයි, ඒ පරිහානිය දිහා බලාගෙන කට පියාගෙන ඉන්න අයත් වැරැද්දක් කරනවා කියලා අයින්ස්ටයින් කියපු බවයි ඒ කතාව.

ඔන්න ඔය කතාව ඇහුවට පස්සේ තමයි අපට මේක ආයෙත් ලියන්න ඕනෙ කියලා හිතුණේ. යම්කිසි දෙයක් පරිහානියට පත්වෙනවා නම් ඒ පරිහානියට පත්කරපු කෙනා විතරක් නෙවෙයි ඒ සඳහා උදව් කරපු, සහයෝගය දක්වපු සියලු දෙනා වගේම මේ වෙලාවෙ කටපියාගෙන ඉන්න අයත් වැරැදියි. හැබැයි එහෙම කට පියාගෙන ඉන්නෙ නැතුව ඇමෙරිකාවට හරි වෙන රටකට හරි ගිහිල්ලා මේ රට අමතක කරලා දාන එකත් හරිද වැරැදිද කියලා ඇල්බට් අයින්ස්ටයින් කියලා නෑ. ඒ නිසා අපට කියන්න බෑ ඒක හරිද වැරැදිද කියලා.

කොහොම නමුත් තමන් ඇමෙරිකාවෙ පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාව ගැන කතා කරන එක වැරැදී කියන පොදු තර්කය නෙවෙයි අපි මේ කියන්නේ. ඔය ජනාධිපතිවරණ කාලෙ එතුමිය ලංකාවට ආවෙ ජනාධිපතිවරණයටම වෙන්න ඇති කියලත් අපට හිතෙනවා සමහර තැන්වලදි. මොකද ඒ වෙද්දිත් එතුමිය ඇමෙරිකාවෙ පදිංචියට ගිහිල්ලා අවුරුද්දක් විතර වෙනවා. සාමාන්‍යයෙන් ලංකාව ගැන ලොකු කැක්කුමකින් ඒ වන විටත් කතා කළේ පිටරටවලින් ආපු කට්ටිය. ඒගොල්ලන්ට නම් ඉතින් යන්න තැනක් තියෙන හින්දා බයවෙන්න දෙයක් නෑ. අපි ඉන්නේ ජීවත් වෙන්න කොහොමද කියලා හිතාගන්න බැරිව බයෙන්. අපේ දරුවන්ගෙ මූණු දකිද්දි අපට බය හිතෙනවා හෙට දවසෙ මොනවා සිද්ධ වේවිද කියලා. මිනිසුන්ට බෙල්ලෙ වැල දාගන්න හිතිලා තියෙන්නේ. මිනිසුන්ට කෝච්චියට පනින්නට හිතිලා තියෙන්නේ. මිනිසුන්ට හෙට දවසෙ තමන්ගෙ දරුවො ජීවත් කරවන්න බැරි වෙනකොට කියන්නේ කාටද කියලා හිතාගන්න බැරිව අසරණ වෙච්ච රටක ඉඳලයි අපි මේවා ලියන්නේ. ඒක නිසා මේ වේදනාවෙ දිග පළල තේරුම් අරගන්න දැන් ඇමෙරිකාවෙ ඉන්න මනුස්සයකුට බැරි වේවි. ඒත් මේ රට තියෙන්නේ දැන් පුදුම අගාධයකට වැටිලා. එදා ඒ කියපු සුරංගනා කතා මොනවත් අද නෑ. අපට රටක් ඉතුරු වෙන්න ඕනෙ හින්දයි මේ ගැන කියන්නේ කියපු සංජීවනීලා අද මේ රට ඉතුරුවෙලාද නැද්ද, මේ රටට මොනවා වෙලාද කියලාවත් හොයලා බලනවද දන්නෙ නෑ.

එතුමිය එක තැනක කියනවා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් ඔන්න මෙන්න කියලා ජීවිතය බේරගත්ත කෙනෙක්ය තමන් කියලා, ඒ වගේම ඇගේ මිතුරියක් මේ බෝම්බයට අහුවෙනවා. ඒත්, පුදුමෙ කියලා කියන්නේ සංජීවනී නෝනා ඒ වේදනාව ඔයාට එදා දැනුණු තරමටම දැන් නොදැනෙනවාද කියන ප්‍රශ්නෙ. මොකද තවමත් පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ නිකන් හිඟන්නගෙ තුවාලෙ වගේ එකක් විතරයි. ඕනෑ වෙච්ච වෙලාවට කසලා කසලා ලේ අරගෙන ‘අම්මෝ රිදෙනවා වේදනාවයි’, ‘පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මහා ඛේදවාචකයක්…’ කියලා කියන පාලකයෝ අදටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා කවුද කියන එක ගැන හරියට රටට හෙළිදරව් කරලා නෑ.

රටේ ඕනෑ තරම් අපරාධ සිද්ධවුණාට පස්සේ පැය 24න් හොයන දක්ෂ පොලිසියක්, දක්ෂ බුද්ධි අංශයක්, දක්ෂ රහස් පොලිසියක් ඉන්න රටක තවමත් පාස්කු ප්‍රහාරය සිදුවෙච්ච විදිය ගැන හරි හෙළිදරව්වක් නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වැරැදිකාරයකුට තවම දඬුවම් කරන්න බැරි වෙලා. එදා ඔයාට තිබුණු වේදනාව අදත් එදා වගේම ඉතිරිවෙලා තියෙනවද? මවුපියො, දරුවො, වැඩිහිටියො, නෑදෑ හිතවත්තු සුසානභූමි දිහා බලාගෙන හූල්ලනවා. ඒත් මේ රටේ නොඉන්න මිනිසුන්ට මේ දුක වේදනාව දැනෙන්නේ නෑ. ඇත්තටම ආපු කඳුළුවලට වඩා දේශපාලන වුවමනාවලට උනපු කඳුළුවල බර අඩුයි කියලා අපි දන්නවා. එදා එතුමිය වැඳලා ඉල්ලනවා අපේ රටේ කාන්තාව හැම දේම යැපෙන තත්ත්වෙකට පත්කරන්න එපා කියලා.

ඒත් මැතිනිය අද කවුද වැඳලා ඉල්ලන්නේ කුස්සියෙ ගෑස් ටැංකිය පුපුරන්න එපා කියලා. අම්මලා දෙන්නෙක් මේ ලියන මොහොතෙදිත් ගෑස් ටැංකි පුපුරලා මියගිහින්. කුස්සියෙ ගෑස් ටිකට හරි ප්‍රමිතියක් දෙන්න බැරි රටක ඔබතුමියලා වගේ වීර කාන්තාවො සිය දහස් ගානක් මතුවෙලා වේදිකාවල හඬ තළන්න ඕනෙ. කෑගහන්න ඕනෙ. උගුර ලේ රහ වෙනකන් කෑගහලා, ‘අපිව බේරාගනියෝ’ කියලා කෑගහන්න කෙනෙක් නැති එකේ සාපෙ අපේ රටට වැදිලාද කියලා වෙලාවකට හිතෙනවා.

එදා ගෑනුන්ට සනීපාරක්ෂක තුවා දෙනවා කිව්වාම ඔබතුමිය කිව්වේ ඒ කතාව. හැබැයි ඒ කතාව මේ ආණ්ඩුවම සනීපාරක්ෂක තුවා බෙදන තැනට පත්වෙලා. ඇමෙරිකාවෙ කැලිෆෝනියාවලට මේ සද්දෙ ඇහෙන්නෙ නෑ කියලා අපි දන්නවා. මේ දුක දැනෙන්නෙ නෑ කියලත් අපි දන්නවා. ඒත් ඉතින් මේ රට ඇතුළෙ තියෙන ප්‍රශ්නය හරියට තේරුම් අරගන්න බැරි බොහෝ අය වේදිකාවල නාඩගම් නටනකොට ඒක තේරුම් අරගන්න බැරි අපි වගේ හරක් මේ රටේ ඉන්න එකයි වැරැද්ද. ඇඟිල්ල දික්කරන්න ඕනෙ මේ රටේ මහජනතාවට. එක එක හාල්පාරුවො, කලාකාරයො කියලා පුම්බලා උන්ට ඕනෙ ඕනෙ විදියට කතා කරනකොට උන්ට රැවැටිලා ඡන්දෙ දුන්නු අපියි වැරැදි. මේ මොහොතේ අපි මේ කියන්නේ දේශපාලනයක් ගැන නෙවෙයි. මේ රට තියෙන්නේ ඉතා අර්බුදකාරී තත්ත්වෙක. රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම තියෙන්නේ අර්බුදකාරී තත්ත්වෙක. මුළු ලෝකෙම අර්බුදකාරී තත්ත්වෙන් මුදාගන්න පුළුවන් නායකයා කවුද කියන්න අපි කාවවත් යෝජනා කරන්නේ නෑ. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දෙ දිනන්නෙ නැතිව, සජිත් ප්‍රේමදාස මහත්තයා දිනුවා නම් මේක සුරපුරයක් වේවි කියලා අපි කියන්නෙත් නෑ. අපි විකල්ප ගැන කියනවා නෙවෙයි. දේශපාලකයො තමන්ගෙ බලය ලබාගැනීම සඳහා කරන සෙප්පඩ විජ්ජාවලට වඩා අප්‍රසන්නයි කලාකාරයො නටන නාඩගම.

එතුමිය නම් කියන්නේ සනීපාරක්ෂක තුවා ලබාදෙන්න පිරිමින්ට හොඳ ජවයක් හොඳ ශක්තියක් තියෙනවා කියලා. මම එදා එතුමිය කියපු වචනවලින්මයි කියන්නේ. ඔය ජවය ශක්තිය මේ මිනිසුන්ට නෑ. මිනිසුන්ට ජීවත් වෙන්න විදියකුත් නෑ. ඒ නිසා සනීපාරක්ෂක තුවා ගැන කතාකරන එක නතර කරමු. හැබැයි අපේ රටේ ආණ්ඩු පත්කරන්න වේදිකාවලට ගොඩවෙන බොහෝ අය නළු නිළියො බව ජනතාව සිහිතබාගත යුතුයි. ඒ නැටුම් නටන නළු නිළියො ඡන්දෙන් පස්සේ බල්ටි ගහලා තම තමන්ගෙ සුරංගනා ලෝකවල දිව්‍ය සැප විඳිද්දී අපි තෙල් ටිකක් ගහගන්න බැරිව වේදනාවට පත්වෙලා ඉන්නවා. අපිටයි සීනි ටිකක් හොයාගන්න බැරිවෙලා තියෙන්නේ. අපිටයි පරිප්පු ටිකක් මිලදීගන්න බැරිවෙලා තියෙන්නේ. මිරිස් කිලෝව රුපියල් 1000 වෙනකොට, බොම්බයි ලූනු කිලෝ එක රුපියල් 400 වෙනකොට අපේ අම්මලා තාත්තලයි හූල්ලන්නේ. අපේ පැටවුන්ටයි කන්න දෙන්න බැරි. අපේ දරුවන්ටයි කිරිපිටි නැත්තේ. ඒක තේරුම් අරගන්න. මේ ලිපි ලියන්නේ ඒ වෙනුවෙන්. කවුරුත් වැරැදියි කියන්නවත්, කාටවත් චෝදනා කරන්නවත් නෙවෙයි. අපිටත් ඉල්ලන්න තියෙන්නේ අපිත් එක්ක පැටලෙන්න නීතියෙන් කටයුතු කරන්න, අපිව අසරණ කරන්න ලෑස්ති වෙන්න එපා. අපිට ආයෙ හව්හරණක් නෑ. එහෙම රටක අපි වැරැදි නම් අපිට සමාවෙන්න. නිවැරැදි කිරීම් කරන්න දෙයක් නෑ. මේ වචනවල මොනව හරි වැරැද්දක් තියෙනවා නම් දහස්වාරයක් සමාවෙන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද අපිට ආයෙ වැටෙන්න වළක් නැති නිසා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කබ්රාල් හරිම සතුටින් තියපු ට්විටර් පණිවුඩය!

Next Post

පෝලිම් පෝලිමට එක්වූ අලුත්ම පෝලිම!

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.