• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට බඩ ගැන හිතන්න එපාලු! රට ගැන හිතන්නලු! මිනිස්සුන්ට එහෙම කියන්නේ ඥානසාර හාමුදුරුවො!

December 28, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
මිනිස්සුන්ට බඩ ගැන හිතන්න එපාලු! රට ගැන හිතන්නලු! මිනිස්සුන්ට එහෙම කියන්නේ ඥානසාර හාමුදුරුවො!
Share on WhatsAppShare on Facebook

මේ රටේ කිසිදු නායකයෙකු එක නිතියක් රටේ ක්‍රියාත්මක කිරිමට කටයුතු නොකල බවත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිතිය බල ගැන්විමට පියවර ගනිමින් සිටින බව ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවසිය.

එක රටක් එක නිතියක් සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ඒ බැව් පැවසුවේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දි (27) දින හැටන් ප්‍රදේශයේ ජනතාවගේ එම කාර්ය සාධන බලකාය සදහා අදහස් ලබාගැනිමේ අවස්තාවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙසේ පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න පිලිබද යෝජනා අපිට ඉදිරිපත් වුණා.

ඉඩම් ගැටළු , අධ්‍යාපන ගැටළු විශාල වශයෙන් අවධානයට යොමු වුණා.

ජනතාවගේ පොදු අදහස තමයි සංවර්ධන අවස්තාව සියළුම වාර්ගික ජනයාට සමාන ලැබිය යුතුයි කියන එක.

අපේම නිති පද්ධතියක් හදන්න ඕනි , ආනනික නිති පද්ධතියකින් මේ රට හදන්න අපිට බැරිවෙලා තියෙනවා.

විදේශිකයන් ගෙනාව නිති , අණ පනත් ඉවත් කරලා මේ රටේම නිතියක් හදන්න කියලා ජනතාව යොජනා කරනවා.

රජයේ සංවර්ධන අරමුදල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරි කොට්ඨාශ ජනගහණය අනුව සාධාරණව බෙදෙන්න ඕනි කියලා ජනතාවගෙන් කියවුණා.

අනාගතයේ විශාල අනතුරක පෙර නිමිති අපිට පේනවා , පරිසර සම්පත් ආරක්ෂා කර ගැනිමට දැඩි නිති ඉදිරිපත් කරන ලෙසත් , එම නිති ක්‍රියාත්මක කරන ලෙසත් යෝජනා ඉදිරිපත් වුණා.

අපි පාරම්පරා ගණනක් තිස්සේ අපේ උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැක ගන්න සටන් කරපු ජාතියක්.

නිදහසින් පසු බලයට පත් වුණු රජයන් ජාතික ප්‍රතිපත්ති කෙසේ වෙතත් , පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් රට වැටිලා තියෙන තැන අපි හැමෝටම පේනවා.

ජනතාව ඉල්ලුවේ මේ රටට දේශපාලනයට සම්බන්ධ නොවු නිලධාරියෙක් පාකයා වශයෙන් , ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එතුමා ඒක පෙන්නුවා , ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විය යුතුයි කියලා ජනතාවගෙන් තමයි යෝජනාව ආවේ.

කිසිදු නායකයෙක් මේ වගේ එක නිතියක් හදන්න කටයුතු කලේ නැ , කලින් හිටපු පාලකයෝ තිබුණ නිතියෙන්ම තමයි කටයුතු කලේ.

ජනාධිපතිවරයා අනාගත අභිවෘද්ධිය උදෙස් පදනම් සකස් කරමින් ඉන්නවා. ඒවා මහජනතාවට දැන ගන්න ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවා.

අපි මේ කතා කරන ජාතික ගැටළු ජනතාවට මේ දවස් වල ගැටළු නොවන්නට පුළුවන් , ජනතාවට මේ දවස්වල තියෙන්නේ බඩ ගැන ප්‍රශ්නයක් , පොහොර නැ , ගැස් නැ  නමුත් අපි උත්සහ දරනවා මේ අරගලය දිගටම සිදු කරන්න.

මේ ජනාධිපතිවරයාට උවමනාව තියෙනවා , එතුමාට මේක කරන්න ශක්තිය තියෙනවා , අධිෂ්ඨානය තියෙනවා.

අපි කරන්න බලාපොරොත්තු වුණ හුගාක් දේවල් වසංගතය නිසා කරන්න බැරි වුණා.

ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා කෙටි කාලයෙන් ලෝකයම වසංගතයකට මුහුණ පැවා.

ලෝකයේ කිසිදු රටකට බැරි වුණා එන්නත් රටේ සියළුම ජනතාවට ලබා දෙන්න , ඒ රටවල් වහනවා අරිනවා , දඩ මුදල් නියම කරන්න සිදු වෙලා තියෙනවා.

ලංකාවේ තුන්වෙනි මාත්‍රාව ලබාදිලා ඉවරයි ,දුෂ්කර අවස්තා තරණය කරලා තියෙනවා.

ජාතික ප්‍රතිපත්ති සැකසිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා.

කන්න බොන්න මොනවා කරන්නත් රට තියෙන්න ඕනි .

ජනාධිපතිවරයා තනි නායකයෙක් , ඒ නිසා අපි සාමුහික වශයෙන් සහයෝගය ලබා දෙන්න ඕනි රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න.

අතිතයේ මිට වඩා දුෂ්කර අවස්තා අපි පහු කරලා තියෙනවා .

උසාවි නඩු පවත්වාගෙන යාම වෙනම කලාවක් , වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටු වන්නේ නැ කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කියලා තියෙනවා.

බෙදෙන්න ගිය රට අද එක්සේසත් වෙලා තියෙනවා , නනාප්‍රකාර නිති නිසා අපි වෙහෙසට පත් වෙලා තියෙනවා.

පුද්ගල නිති , යටත් විජිත පාලකයන් ආනයනය සදහා ගෙනාව නිති  ලෝකයේ කොහේවත් ක්‍රියාත්මක වෙන්නේ නැ , අපි තාම ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

අච්චාරුවක් වුණ නිතිය වෙනස් කරන්න කාලය හරි , ඒනිසා අපේම නිති පද්ධතියක් අපිට අවශ්‍යයි.

මහජනතාව අතරේ මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් තියෙනවා මේක ජනතාව අතරින්ම එන්න ඕනි එතකොට මේක කල හැකි යනුවෙන් පැවසිය.

මෙම අවස්තාවට ජනාධිපති ජෙෂ්ඨ සහකාර ලේකම් ජිවන්ති සේනානායක මහත්මිය , කමිටු සමාජිකයන් වන  මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ , ජෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ විරවර්ධන ,සංජය මාරපන යන අයද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

SendShareShare
Previous Post

‘හූ’ තැබිල්ල කොළඹ සුපර් මාර්කට්වලටත් පැතිරේ! කොට මහත VIP ප්‍රබලයා බඩු මල්ලත් දාලා මාරුවෙලා!

Next Post

බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවන්න ලංකාව තව ටික කාලයක් ඉල්ලයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.