ලබන වසරේ රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට තමා සහිතක වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් වලින් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් මේ වන විට වගාකර තිබිම හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇති වන බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය.
මේ අතර පවතින අර්බුධ විසදීම සදහා කළ යුත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරුන් ඉවත් කිරිම නොව විෂය භාර අමාත්‍යවරයා ඉවත් වීම බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා සදහන් කර තිබේ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රකාශ කළේ එක් ලේකම්වරයෙකුට අඛණ්ඩව කටයුතු කිරිමට නොහැකි දෝෂයක් කෘෂිකර්ම අමාත්‍යංශයේ පවතින බවය.










