• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෑට රෑට ඇවිදින වෙද ගෙදර අමුතු ප්‍රතිමාව…

December 26, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
රෑට රෑට ඇවිදින වෙද ගෙදර අමුතු ප්‍රතිමාව…
Share on WhatsAppShare on Facebook

පය පැටලී වැටීමෙන් පාදයේ අස්ථියක් බිඳුණු චන්ද්‍රලතාව වෙද ගෙදරට රැගෙන ආවේ පවුලේ සමීපතමයන් කිහිප දෙනකුගේ මැදිහත්වීමෙනි. ඇයව පරීක්ෂා කර බෙහෙත් වට්ටෝරුවක් පාදයට තබා වෙලුම් පට්ටා යෙදූ වෙද මහතා ඊට අවශ්‍ය තවත් බෙහෙත් වට්ටෝරුවක් ලියා ඥාතීන් අතට දුන්නේ පසුවදාට රැගෙන එන ලෙස දන්වමිනි. එහෙත චන්ද්‍රලතාටත් වෙද මහතාගේ නිවෙසේ නතරවී ප්‍රතිකාර ගැනීමට අවස්ථාව හිමිවිය.

පාදයේ අපහසුතාව නිසාම වෙද ගෙදර කෙළවර වූ ලෙඩ වාට්ටුවේ ඇඳක දිගාවී සිටීමට ඇයට සිදුවිය. එතැන සිට බලන විට ඇයට එක එල්ලයට වෙද ගෙදර බෙහෙත් කාමරය පෙනුණේය. එහි කොනක තිබූ තරමක් මිටි අමුතු මිනිසකුගේ රුවට සමාන ප්‍රතිමාව නිතර නිතර ඇගේ නෙත ගැටුණේය. එහි යම් ගුප්ත බවක් අමුත්තක් ඇති වග ඇයට නිතරම සිතුණු අතර වෙද ගෙදරට එන්නට පෙර කොහේදී හෝ තමා මේ ප්‍රතිමාව දුටු බව ඇයට මතකයක් විය. එදින රාත්‍රිය උදාවෙද්දී බෙහෙත් කාමරයේ චිමිනි ලාම්පු එළියෙන් ඇය සුපුරුදු ප්‍රතිමාව දුටුවද හිටි හැටියේ එය අතුරුදන්ව ඇති වග ඇයට පෙනුණේ රාත්‍රී නවය දහය පමණ වෙද්දීය. එය ඔසවා වෙනත් තැනක තබන්නට කෙනකු පැමිණි වගක් ඇයට මතක් වූයේද නැත. ඇතැම් විට තමාගේ මනෝ විකාර යැයි සිතා ඇය දෙනෙත් පියාගත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දීය.

පසු දින උදය කාලයේ යළිත් සුපුරුදු ලෙසම ප්‍රතිමාව ඇගේ නෙත ගැටුණේය. මේ ආකාරයට දින කිහිපයක් පුරා වෙද ගෙදර රැඳී ප්‍රතිකාර ගත් චන්ද්‍රලතා සුවවී නිවෙසට ගියේ තමාගේ නෙත ගැටුණු අමුතු අද්භූත ප්‍රතිමාව ගැන මතකයේ තබාගෙනය.

කාලය සෙමින් ගෙවී ගියේය. දිනක් චන්ද්‍රලතා දර කැඩීමට කැලයට ගියේ සිය පවුලේ සමීපතම සහෝදරියකද කැටුවය. දෙදෙනා දර කඩමින් සිටියදී බෙහෙත් පැළ ගොන්නක්ද අතැතිව අමුත්තකු ඔවුන් දෙස මොහොතක් බලා හිඳ යන්නට ගියේය.

‘වෙද ගෙදර කෙනෙක් වෙන්ටෑ’ චන්ද්‍රලතාගේ සහෝදරිය කීවාය. චන්ද්‍රලතාගේ මතකයේ තිබූ රුව ගැන ඇය කල්පනා කළද හරි හැටි මතකයක් ආවේ නැත.

මේ ආකාරයට දින කිහිපයකදීම මෙවැනි අත්දැකීම් ලද චන්ද්‍රලතා වෙනත් වුවමනාවකට වෙද ගෙදරට යද්දී පෙර දිනයක බෙහෙත් පැළ ගෙන ආ පුද්ගලයාත්, ප්‍රතිමාවේ රුවත් සමාන යැයි ඇය හඳුනාගත්තාය. මේ අතරේ නිතර නිතර වෙද ගෙදරට ආගිය චන්ද්‍රලතාට හදිසියේ අමුතු අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවූයේ සිය නිවෙසේදීය.

එදින රාත්‍රියේ ඇය නින්දට යෑමට ප්‍රථම දොර වසා දමද්දී සිය නිවෙසේ ඉදිරිපස මිදුලේ සිටින අමුත්තා දුටුවාය. ඒ, වෙද ගෙදර ප්‍රතිමාවට සමාන අමුත්තා බව ඇය හඳුනාගත්තාය. තරමක් තිගැස්මෙන් දොර වසාදැමූ ඇය සිය සහෝදරියට මේ බව පැවැසුවේ තිගැස්මෙනි.
‘මිනිහා මනමාලකමට එනවා ඇති. අපි වෙද මහත්තයට කියමු…’

සහෝදරියගේ යෝජනාව හොඳ වුවද චන්ද්‍රලතා එය ප්‍රතික්ෂේප කළේ යටි සිතේ මෝදුවූ අමුතු හැඟීම නිසාය. ඇගේ සිතේද මේ අමුත්තා ගැන යම් හැඟීමක් ඇතිව තිබුණේය.

ඔය අතරේ වෙද ගෙදර බෙහෙත් කොටන කාරිය කරන්නට චන්ද්‍රලතාට අවස්ථාව හිමිවූ අතර එදින සිට ඇය වෙද ගෙදර බොහෝ රාත්‍රීන් ගතකළාය. එවැනි දිනයක රාත්‍රියේ චන්ද්‍රලතාට තම යහනේ කවුරුන් හෝ සිටින බව දැනී අවදි වූයේ තිගැස්මෙනි. ප්‍රතිමාවට සමාන අමුත්තා වහා ක්‍රියාත්මකව තමා අසලින් ඉවත්ව යන අයුරු චන්ද්‍රලතා දුටුවාය. ඇගේ සිතේ ඔහු ගැන ආදරයක්ද උපදිමින් තිබිණි.

ඔය ආකාරයට චන්ද්‍රලතා මේ අමුතු ගෝලයාට හිතින් පෙම් කළාය. රාත්‍රියට ඔහු තමා නිදන තැනට ආවද, නොදන්නා ලෙස ඉන්නට ඇය පුරුදු වූවාය.

පසු කලෙක නිතර නිතර ඇයට දැනුණේ තමා ගැබ්ගෙන ඇති බවකි. උදෑසනට ඔක්කාරය පවා සිදුවිය. එහෙත් වෙද මහතා ඇයව පරීක්ෂා කර බලා එවැන්නක් නොමැති බවට සහතික විය.
ඔය අතරේ තවත් රහසක් චන්ද්‍රලතා දැනගත්තාය. වෙද මහතාට සොයාගැනීමට අපහසු ඖෂධ වර්ග සොයාදීමත් වෙද මහතාට අවශ්‍ය අපහසු රාජකාරි කරන්නේ මේ අමුතු අමුත්තා බව ඇය තේරුම් ගත්තාය. මේ අමුතු පුද්ගලයා ගැන ඒ කාලයේ සිටම කටකතා පැතිර යන්නට පටන්ගත්තේය.

හිටි හැටියේ වෙද මහතා මියගිය අතර අමුතු අමුත්තාද අතුරුදන් වූ බව චන්ද්‍රලතා දැනගත්තාය. එදා සිට බෙහෙත් කාමරයේ ප්‍රතිමාවක්ද නොවීය. වෙද මහත්තයා පිල්ලියකින් හෝ භූතයකුගෙන් වැඩගත්තා යැයි ඇය තේරුම් ගෙන සිටියද ඒ ගැන කියන්නට නොගියාය.

වර්තමානය වෙද්දී එම වෙද පරපුරේ වත්මන් පුරුකද වෙද හෙදකම් කරන්නේය. එහෙත් ඔහුගේ මුත්තා කළ ඒ විස්මිත හපන්කම් ඔහු අතින් සිදුනොවන මුත් ගම්මුහු තවමත් එම වෙද පරම්පරාවේ හපන්කම් කියති. චන්ද්‍රලතාගේ පරම්පරාවේද අද සිටින්නේ තුන්වැනි පරපුරය. එදා චන්ද්‍රලතා අත්විඳි ඒ අත්දැකීම අද සිටින පරපුරට විඳින්නට ඉඩක් නැත. එහෙත් වෙද පරපුරේ හපන්කම් හා බැඳුණු අපූරු කටකතා තවමත් ගම්මුහු නිතර කතාවෙති.

‘ඔය වෙද මහත්තයගෙ මුත්තා යක්කුන්ගෙන් පෙරේතයන්ගෙන් ගෙදර තියාගෙන වැඩගත්ත කෙනෙක්ලු…’

තවමත් බොහෝ දෙනා කියනු නිතර නිතර ඇසෙයි.

සත්‍ය කතාවක් ඇසුරිනි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවේ මන්නාරම ශාඛාව නව ස්ථානයකට…

Next Post

එක්කෙනා දෙන්නා කරන කේන්දරේ හත…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.