• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්-ප්‍රේමදාස-චන්ද්‍රිකා-මහින්ද පාර්ලිමේන්තුව වැහුවේ ආණ්ඩු බේරගන්නයි – එපා එවුන් එළවන්නයි! ගෝඨා ගේම ගැහුවේ කවුරු එළවන්නද?

December 23, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ජේ.ආර්-ප්‍රේමදාස-චන්ද්‍රිකා-මහින්ද පාර්ලිමේන්තුව වැහුවේ ආණ්ඩු බේරගන්නයි – එපා එවුන් එළවන්නයි! ගෝඨා ගේම ගැහුවේ කවුරු එළවන්නද?
Share on WhatsAppShare on Facebook

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දෙසැම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ 2022 වසරේ ජනවාරි මස 18 වැනිදාය. ජනාධිපතිවරයා මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට කටයුතු කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවය. 2020 වසරේ අගෝස්තු මාසයේදී පිහිටුවූ ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඒ ආකාරයෙන් නිමාවට පත් විය.

පාර්ලිමේන්තු වාරවසාන කිරීම යනු සරලව ගතහොත් පාර්ලිමේන්තු කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබා ගැනීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එලෙස වාරවසාන කරනු ලබන කාලය මාස දෙකකට නොවැඩි විය යුතුය. එමෙන්ම ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන් පෙර සඳහන් කළ දිනයට පෙර විශේෂ ගැසට් පත්‍රයක් හරහා පාර්ලිමේන්තුව කැඳවිය හැක.

පාර්ලිමේන්තුව වාරවසාන කිරීමේදී සිදුවන ප්‍රධාන වෙනස්කමක් වන්නේ එතෙක් පැවැති තේරීම් කාරක සභා සහ කමිටුවල බලය අහෝසි වීමය. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව වාරවසාන කිරීම හේතුවෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ කමිටු 16ක බලය අහෝසි වී ඇත. එසේ වුවද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට විශේෂ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, සම්බන්ධීකාර කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාවල බලය පාර්ලිමේන්තුව වාරවසාන කිරීම හරහා අහෝසි වන්නේ නැත. එමෙන්ම දැනට ක්‍රියාත්මක නව ඡන්ද ක්‍රමයක් සැකසීමේ තේරීම් කාරක සභාවේ සහ කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීමේ තේරීම් කාරක සභාවේ කටයුතුද මෙවර පාර්ලිමේන්තුව වාරවසාන කිරීම හරහා නතර නොවන බව දැනගන්නට ඇත.

මෙවර පාර්ලිමේන්තුව වාරවසාන කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යන කමිටුවල බලය මේ වන විට අහෝසි වී ඇත. නැවත පාර්ලිමේන්තුව රැස්වීමේදී මේ කමිටු සඳහා නව සාමාජිකයන් පත් කළ යුතුය.

පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට පෙර මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සහ වාචික පිළිතුරු අපේක්ෂා නොකරන වශයෙන් ඉදිරිපත් කර තිබූ සියලු ප්‍රශ්න, මන්ත්‍රී පෞද්ගලික යෝජනා යන සියල්ල මේ වන විට අහෝසි වී ඇත. එමෙන්ම ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කර තිබූ පනත් කෙටුම්පත් ආදී සියල්ලද පාර්ලිමේන්තුව වාරවසාන කිරීම හරහා අහෝසි වී ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව වාරවසාන කර ඇති අවස්ථාවේදී වුවද, කතානායකවරයා තම කටයුතු අඛණ්ඩව කර ගෙන යා යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යන්නේ මේ වන විට අවස්ථා 50කදී පමණ පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට අග්‍රාණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් කටයුතු කර ඇති බවය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් 1978 වසරෙන් පසුව පමණක් පාර්ලිමේන්තු සැසිවාර 25කට වඩා පවත්වා ඇත.
පාර්ලිමේන්තුව වාරවසාන කිරීම බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයෙන් පැවත එන සම්ප්‍රදායක් වුවද, 1978 වසරෙන් පසු අපේ රටේ ජනාධිපතිවරුන් එය යොදා ගෙන ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහාය. ඉතිහාසය පිරික්සීමේදී එය වඩාත් හොඳින් තේරුම් ගත හැකිය. එමෙන්ම රට ආර්ථික සහ දේශපාලන වශයෙන් අස්ථාවර වූ අවස්ථාවලද පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට පාලකයන් කටයුතු කර ඇත.

1978 වසරේ සිට 1988 වසර දක්වා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ සැසිවාර හතක් පවත්වා ඇත. ඒ සෑම අවස්ථාවකදීම පාහේ පාර්ලිමේන්තුව වාරවසාන කර ඇත්තේ රට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙනි. ඒ අතරින් එක් අවස්ථාවක පාර්ලිමේන්තුව වාරවසාන කළේ ජනමත විචාරණය සඳහාය. අනෙක් අවස්ථා සඳහා හේතු වූයේ ජුලි වර්ජනය, කළු ජූලියෙන් පසුව ඇති වූ වාර්ගික ගැටුම්, දේශපාලන පක්ෂ තහනම් කිරීම, පුවත්පත් තහනම් කිරීම වැනි කරුණුය.

1989 වසරේ සිට 1994 වසර දක්වා පැවැති ශ්‍රී ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තුවද ක්‍රියාත්මක වූයේ සැසිවාර පහකටය. එම සැසිවාර අතර පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට බලපෑ ප්‍රධාන දේශපාලන කාරණාවක් ලෙස හැඳින්විය හැක්කේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට ගෙන ආ දෝෂාභියෝගයය. තමන්ට විරුද්ධව දෝෂාභියෝගය අස්සන් කරන බව දැනගත් මොහොතේම ඊට ඉඩ නොදී පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම අදටත් ප්‍රසිද්ධ රහසකි. ඊට අමතරව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් අනතුරුවද දෙවැනි පාර්ලිමේන්තුවේ තවත් සැසියක් නිමා කිරීමට සිදු විය.

1994 වසරේ සිට 2000 වසර දක්වා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ තෙවැනි පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වූයේ සැසි වාර තුනක් පමණි. එහෙත් අනතුරුව වසරකට ආසන්න කාලයක් පමණක් පැවැති ශ්‍රී ලංකාවේ සිවුවැනි පාර්ලිමේන්තුව තුළද සැසිවාර තුනක් ක්‍රියාත්මක වීම විශේෂ කාරණයකි. ශ්‍රී ලංකාවේ මෙතෙක් වැඩිම කාලයකට ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු වාරවසාන කිරීම සිදු වූයේද එම කාලය තුළය. ඒ දින 60 කාලයක් සඳහා පාර්ලිමේන්තුව වාරවසාන කිරීමට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කටයුතු කිරීම මතය. ඒ වන විට චන්ද්‍රිකා රජය තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබුණු අතර රට තුළ දැඩි ආර්ථික අර්බුදයක්ද ඇති වී තිබිණි. මාස දෙකක කාලයක් පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දමා චන්ද්‍රිකා රජය උත්සාහ ගත්තේ දේශපාලන අර්බුදයට පිළියම් සෙවීමටය. ජනතා විමුක්ති පෙරමුණ සමඟ පරිවාස ආණ්ඩුවකට අවතීර්ණ වීමට පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව කටයුතු සම්පාදනය කර ගත්තේ එම කාලය තුළය.

2001 වසරේ සිට 2004 වසර දක්වා ක්‍රියාත්මක වූ පස්වැනි පාර්ලිමේන්තුවේ වාරවසාන කිරීම සිදු වූයේද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ තනි කැමැත්තටය. ඒ ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වීම හේතුවෙනි. අවසානයේ තම විධායක බලය භාවිතා කරමින් එම ආණ්ඩුව විසුරුවා හැරීමටද ජනාධිපතිනිය කටයුතු කළාය.
2004 වසරේ සිට 2010 වසර දක්වා ක්‍රියාත්මක වූ හයවැනි පාර්ලිමේන්තුව තුළද සැසිවාර හයක් ක්‍රියාත්මක විය. කරූ ජයසූරිය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසක් ආණ්ඩුවට එක්වීම වැනි විශේෂ දේශපාලන පෙරළි රැසක් සිදු වූයේ එම සැසිවාර අවසන් කළ අවස්ථාවලදීය. එමෙන්ම 2009 වසරේ යුද ජයග්‍රහණය සැමරීම සඳහා දින දෙකක කාලයකට පාර්ලිමේන්තුව වාරවසාන කිරීමටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.

රටේ දේශපාලන අර්බුද නොමැති අවස්ථාවල පාර්ලිමේන්තු වාරවසාන කිරීම අවශ්‍ය නොවන බව පැහැදිලිව පෙනී යන්නෙ 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ හත්වැනි පාර්ලිමේන්තුව පිළිබඳ විමසා බැලීමේදීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ 2/3ක බලයක් සහිතව ක්‍රියාත්මක වූ එම පාර්ලිමේන්තු කාලය තුළ එක් වතාවක් හෝ පාර්ලිමේන්තුව වාරවසාන කර නොතිබීම කැපී පෙනෙන කරුණකි.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ අටවැනි පාර්ලිමේන්තුව තුළද සැසිවාර තුනක් පවත්වා ඇත. 2015 වසරේ සිට 2020 වසර දක්වා ක්‍රියාත්මක වූ එම පාර්ලිමේන්තුවේ වාරවසාන කිරීම සිදු කළේද දේශපාලන අර්බුද හේතුවෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෙන ආ විශ්වාසභංගය, දින 52ක කාලයකට පිහිටුවූ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආණ්ඩුව වැනි කරුණු කාරණා එම වාරවසාන කිරීම්වලට හේතු විය.

ඉන් පසුව බිහි වූ ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව වසරකුත් මාස හතරක කාලයකට පසුව වාරවසාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් තීරණය කර ඇත. විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා එම තීරණය ගනු ලැබුවේද, රට තුළ ආර්ථික සහ දේශපාලනික අර්බුද රාශියක් ඇති වී තිබෙන මොහොතක වීමය.
යුගදනව් බලාගාරය සම්බන්ධ ගැටලුව හේතුවෙන් ආණ්ඩු පක්ෂයේම කණ්ඩායම් තුළ දැඩි මතගැටුමක් ඇති වී තිබෙන බවක් පෙනෙන්නට ඇත. විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තවත් මන්ත්‍රීවරු 40ක පමණ පිරිසක් ඊට එරෙහිව කටයුතු කිරීමේ සූදානමක් පවතින බවද දැන ගන්නට ඇත.

යුගදනව් බලාගාර ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ දැඩි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කටයුතු කළේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කළේ එම ප්‍රකාශයට රජයේ පාර්ශ්වයෙන් කිසිදු පිළිතුරක් ලබා නොදී තිබූ පසුබිමකය.
පාර්ලිමේන්තුව වාරවසාන කිරීමෙන් පසුව ඒ ප්‍රශ්නයට නැවත පිළිතුරු ලබා ගැනීමට නම් එය නැවත ඇසිය යුතුව ඇත.

එමෙන්ම සීනි වංචාව, ගෑස් අර්බුදය වැනි බරපතළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කමිටු වාර්තා බොහොමයක් මේ සතිය තුළදී ලැබීමට නියමිත බවද වාර්තා වේ. පාර්ලිමේන්තුව වාරවසාන කළේ ඒවා හෙළි වීම වැළැක්වීම සඳහා බවටද චෝදනාවක් දැන් විපක්ෂයෙන් එල්ල වෙමින් ඇත.

මේ අතර පාර්ලිමේන්තුව නැවත රැස්වීමේදී ප්‍රධාන තේරීම් කාරක සභා කිහිපයක සභාපතිවරුන් වෙනස් වීම පිළිබඳ කතාබහක්ද දැන් ආරම්භ වී ඇත. ඒ අනුව වාර්තා වන්නේ පාර්ලිමේන්තු වාරවසාන කිරීම හරහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය චරිත හේරත්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් එම ධුරවලින් ඉවත් කිරීමේ සූදානමක්ද පවතින බවය. එම කමිටු සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකු පත් කිරීම රජයේ අරමුණ බවද වැඩිදුරටත් දැන ගන්නට ඇත.

මේ සැකය තවත් වැඩිවන්නේ පසුගිය සතියේදී අවස්ථා කිහිපයකදීම රජයේ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කිරීමට හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටයුතු කිරීම මතය. එම තනතුරු සඳහා රජය විවේචනය නොකරන මන්ත්‍රීවරුන් පත් කිරීම රජයේ සූදානම බවද දැනගන්නට ඇත.

කොයි හැටි වෙතත් මේ සියල්ල පිළිබඳව හරි හැටි දැන ගත හැක්කේ ලබන ජනවාරි 18 වැනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමෙන් පසුවය.

දැනට තීරණය කර ඇති පරිදි එදින උදෑසන 10ට උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් අනතුරුව අවශ්‍ය නම් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. පාර්ලිමේන්තුව රැස්වන දිනය ජනවාරි 18 වැනිදාට යෙදී තිබුණද, එම දිනය වෙනස් වේද, නැද්ද යන්නද තවම ප්‍රකාශ කළ නොහැක. ඒ මේ ගැසට්ටුවද රිවර්ස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවන නිසාය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඩොලර් අර්බූදය උග්‍රයි! ව්‍යාපාර වෙන රටකට අරන් යන්න වේවි! ප්‍රධාන පෙළේ වාණිජ මණ්ඩල 10ක් ආණ්ඩුවට අනතුරු අඟවයි!

Next Post

සංචිතය ඩොලර් බිලියන 3ට නගින බව මහබැංකුව කියයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.