ගුරු වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ එකග වී අයවැය යෝජනාවලියට පවා ඇතුළත් වුවද මෙතෙක් ඊට අදාළ චක්රලේඛය නිකුත් වී නැති බව ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අයවැය සම්මත වූයේ දෙසැම්බර් 10 වැනි දින වුවත් තවමත් ගුරු වැටුපට අදාළ චක්රලේඛය නිකුත් වී නොමැති බවකි.
ඒ අනුව ජනවාරි වැටුප වැඩි නොවුණහොත් යළිත් වෘත්තීය ක්රීයාමාර්ගයන්ට අවතීර්ණ වන බවද ඒ මහතා කීය.










