දරුණු අවපාතයකට මුහුණ දීමෙන් අනතුරුව යළි හිස ඔසවමින් පැවැති සංචාරක කර්මාන්තය යළිත් ඇද වැටීමේ බරපතළ අනතුරක් මේ වනවිට මතුව තිබේ.
ඒ, මේ දිනවල යුරෝපය සහ බටහිර රටවල්වල ශීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රබේදය හේතුවෙනි.
ඒ අනුව ලබන ජනවාරියේ ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් වෙන් කරවාගෙන සිටි සංචාරකයන් මේ වනවිට ඒ සියල්ල අවලංගු කරමින් සිටින බවද දැනගන්නට තිබේ.










