• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

රැකගන්න තුන්හෙළේ කුමරු නෑව රණමුරේ

November 14, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
රැකගන්න තුන්හෙළේ කුමරු නෑව රණමුරේ
Share on WhatsAppShare on Facebook

සංචාරක ජීවිතය සැබැවින්ම එක් අතකට ඉතාමත් පුදුම සහගත හරි අපූර්ව අත්දැකීමකි. විවිධ පුද්ගලයන්, විවිධ ජාතීන්, විවිධ කුල මල, සිරිත් විරිත් හමුවනවා සේම ඇස ඉවතට නොගෙන සිටිය හැකි සුන්දරම තැන් අහඹු ලෙස හමුවන වෙනම ජීවිතයකි. ‘ඇවිදිමු ලංකා’ අපට මෙම සති අන්තයේ සංචාරයේදීද ඇස් අදහාගත නොහැකි සැබැවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර තැනක් නෙත ගැටිණි.

මේ සතියේ අපි පුස්සැල්ලාව මොනරකන්ද තරණය කරන්න හිතුවා. බොහෝ සංචාරකයන් ගිහින් තියන ඒ වගේම ගොඩක්ම ප්‍රසිද්ධ මොනරගල ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. අපි මොනරගල කන්ද යනකොට ඇත්තටම සුන්දර වෙල් යායක් මැදින් ගමන් කරන්න සිද්ධ වුණා. කොච්චර ලස්සනද කියනවා නම් මොනරගල යන ගමන පැත්තකින් තියලා මේ වෙල් යාය ළඟ අපි ටිකක් නතර වුණා. ඈතින් පෙනෙන ගැරඬිගිනි ඇල්ලත්, පහළින් පෙනෙන කොත්මලේ ජලාශයත්, ගම වට කර ගත් කඳු පන්තියත්, ගත සිඹින සීත සුළඟත්, හෙල් මළු ක්‍රමයට තිබෙන වෙල් යායත්, සිතට හරි ප්‍රබෝධයක් එක් කළා.

ඒ ළඟම තිබුණු කටු මැටි කඩෙන් කිතුල් හකුරු එක්ක කහට කෝප්පයක් තොල ගාන ගමන් මුදලාලි මාමා අපිව පොඩි කදේකට අල්ලගත්තා. “ඔය මහත්තුරු කොහෙද, කොහෙද මේ යන්නේ,” තව තව ප්‍රශ්න ගොඩයි. අපි යන ගමන ගැනත් මේ දැක්ක ලස්සන නිසා ටිකක් නතර වුණ බවත් අපි ඒ මාමා එක්ක කිව්වා. “මහත්තයෝ දන්නවාද මේ දුටුගැමුණු රජජුරුවන්ගෙන් අපිට ලැබුණු උරුමය. අර ඒ ඇත්තෝ නාපු තැන.” එක වර මුවට සිනාවක් ආවද ආයාසයකින් එය පාලනය කර ගත්තේ ගමේ ගෑනුන් දෙන්නෙක් නාන තැනක් අපිට පෙන්නපු නිසා. අපි එක්නෙකාගේ මුහුණ බලා ගත්තේ සැබැවින්ම මේ කතාව ඇත්ත නැත්ත දන්නේ නැති නිසා. “රණමුණේ පීල්ල. ආන්න අහට්ට ගොහින් බලනවා හොඳා.” මුදලාලි මාමා මේ කියන දේ ඇත්තද බලන්නත් එක්ක අපි වෙල් යායට ගිහින්ම විස්තර හොයන්න ගත්තා.

කතාව සැබෑවකි. විස්මිතව නිර්මාණය කළ ජල පීල්ල අපට හමු විය. අදටත් නම කියූ පමණින් භක්තියක් උපදින යුදකාමී ජාතිමාමක හැඟුමෙන් ඔද වැඩුණු හෙළදිව පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතියා බවට පත් දුටුගැමුණු කුමරුන් සිය පිය රජුට මවගේ ස්ත්‍රී ආභරණ යැවූ බවත් ඉන් උදහසට පත් පිය රජුගෙන් කුමරුන් සඟවා තැබීමට විහාරමහා දේවීන් වහන්සේ අදහස් කළ බවත් ඉතිහාසයේ සඳහන් කතා පුවතකි. විහාර මහා දේවීන් වහන්සේ කුමරා සඟවා තැබීමට අදහස් කර ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේය. මොනරගල නම් කන්ද පාමුල පුසුල්පිටිය විහාරස්ථානය අසල සොඳුරු ප්‍රදේශයේ ජීවත් වූ ගැමුණු කුමාරයා වාසය කළ නිවස වීරසූරිය ගෙදර ලෙස හැඳින් වූ බවත් ගම්වැසියෝ පවසති. එහි වෙසෙන අතරතුර ගැමුණු කුමාරයා අත්හැර තිබූ පුරන් වෙල් යායක් අස්වැද්දූ බවද ඉතිහාසයේ සඳහන් වේ. එම වෙල් යාය අදටත් කිසිදු පලදාවේ අඩු වීමක් නැතිව ඉතා සශ්‍රීකව අස්වැන්න දෙන බව ගම්වැසියෝ පවසති.

එම වෙල් යායේ ඉහළ කෙළවර පිහිටි මේ අභිමානවත් ගල් පීල්ල කුමරුන් සහ දුටුගැමුණු රජුගේ අග මෙහෙසිය බවට පත් වූ කළුමැණිකා ඇතුළු ගම්වැස්සෝ අතීතයේ සිට ස්නානය කළ බවට අපට කරුණු කියා දුන්නේ ගමේ ජීවත්වන පැරණිම අයෙකි. සියුම්ව ක්‍රමවත් ව කැපූ ගල් පඩි සහිත ඉපැරැණි ගොඩනැගිල්ලක්ද පීල්ල අසලම දක්නට ලැබේ. එය අදටත් ගම්වැසියන් ප්‍රයෝජනයට ගනියි. පීල්ලට ඉහළින් පිහිටි විශාල වෘක්ෂයක යටින් නැඟෙන පාරිශුද්ධ උල්පතකින් මතුව ගලා එන සිහිල් දිය දහරාවෝ ස්නානය කරන කවරකුගේ වුවද වෙහෙස නිවා මානසික සුවයක් අත් කරදීමට තරම් පොහොසත්ය. අද වන විට කොන්ක්‍රීට් යොදා පීල්ල නවීකරණය කර ඇති බව දුටිමි. වෙල් යායට පහළින් ප්‍රධාන මාර්ගයත් ඊට පහළින් තවත් මෙවන් ම වෙල් යායකුත් ඊටත් පහළින් කොත්මලේ මහා ජලාශයත් දක්නට ලැබේ. ප්‍රෞඪ ඉතිහාසයකටත් සොබා අසිරියෙන් අනූන බවටත් උරුමකම් කියන මේ ගැමි මිහිරියාව විඳින්නට ඔබ එහි සංචාරය කළ යුතුමය. ඉතින් ගිහින් එන්න සොඳුරු තැනක ආස්වාදය විඳ ගන්න. නුවර ඉඳන් ගම්පොළ උලපනේ මාර්ගයේ මාවෙලට එනකොට මාවෙල නගරයට මීටර 500කට පමණ කලින්ද, නුවරඑළිය ඉඳන් එන සංචාරකයෙක්ට නුවර මාර්ගයේ පැමිණ තවලම්තැන්නෙන් හැරී නවනගරය හරහා මාවෙල පසුකරමින් මීටර 500 පමණ යනවිටද මේ මනරම් ස්ථානය හමුවනු ඇත. මේ එක්කම ඒ ආසන්නයේම කොත්මලේ ජලාශය, මහවැලි මහා සෑය, ජලාශයට යටව ගිය කලකට පමණක් මතුවන කඩදොර විහාරය මෙන්ම දුටුගැමුණු රජුගේ කඩුව සඟවා ඇතැයි විශ්වාස කෙරෙන තැන් ද ඔබට නැරඹීමට හැකිය.

ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

මෛත්‍රීගේ මිනීමරු සමාව අත්හිටුවන්නැයි අලුත් ජනපති‌ගෙන් ඉල්ලන්න යයි

Next Post

OPPO Reno2 F අලෙවිය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ වේ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.