• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලයක් හංගගෙන ඉඳලා එකපාරටම එළියට දැම්මෙ ඇයි? ලෝකෙ ලොකුම නිල් මැණිකෙ හිමිකරු සුරංග ‘මව්රට’ට කතා කරයි!

December 21, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කාලයක් හංගගෙන ඉඳලා එකපාරටම එළියට දැම්මෙ ඇයි? ලෝකෙ ලොකුම නිල් මැණිකෙ හිමිකරු සුරංග ‘මව්රට’ට කතා කරයි!
Share on WhatsAppShare on Facebook

ලංකාවෙන් මතුවූ ‘බ්ලූ සැපයර් (කොරන්ඩම්)’ තනි ගලේ මැණික පසුගියදා හොරණින් ලොවටම දැනෙන දැවැන්ත පුවතක් ලෙස එළිදුටු අතර එය බරින් කිලෝග්‍රෑම් 310ක් හා කැරට් ලක්ෂ 15ක් ලෙස දැක්විණි. එය ‘ආසියාවේ රැජින’ ලෙසද නම් කෙරිණි. පසුගියදා කහවත්තේ පවුලකටද එවැනිම කිලෝග්‍රෑම් 510ක් හා හිටපු ඇමැති හා මෙරට ප්‍රමුඛම ව්‍යාපාරිකයකු වන අර්ල් ගුණසේකරගේ කිලෝ 94ක් බරැති ‘බ්ලූ සැපයර් කොරන්ඩම්’ ගල්ද සමාජගත විය. කහවත්තේ මැණික් ගල මේ වන විට ලොව ප්‍රමුඛම මැණික් රසායනාගාරයක් වන ස්විස්හි ‘ගුබ්ලින්’හි පරීක්ෂණ මට්ටමේ පවතින අතර අර්ල්ගේ මැණික් ගල මැණික් අධිකාරිය භාරයේ පවතී. මෙම මැණික් ගල් හමුවූ විට එය රට පෙළන ඩොලර් ප්‍රශ්නයටද විසඳුමක් බව ප්‍රකාශ වුවද තවම එම එකදු ගලක් හෝ මුදල් කිරීමට මෙරට සමත්වී නැත. එවැනි පසුබිමක මතුවන මැණික් ජනතාව චූන් කරනා සූක්ෂ්ම දේශපාලන ව්‍යාපෘති බවටද විග්‍රහ කරන අය බහුලය. එමෙන්ම මෙසේ කලඑළි බහින මහා මැණික් ගල්වලට උපහාසාත්මක ප්‍රතිචාර දක්වන්නන්ද සුලබ වී ඇත.

මීට පෙර අර්ල් මෙන්ම කහවත්තේ ගල් ගැනද ගවේෂණාත්මක ලිපි දෙකක් වගකීමෙන් යුතුව අන්තර්ජාලයට මුදාහැරි මා ‘ආසියාවේ රැජින’ ගැනද නිවැරැදි තොරතුරු එළිදැක්වීමට තීන්දු කළේ එයද ජාතික කාර්යයක් සේ සිතාය.

අදාළ මැණිකේ හිමිකරු චමිල සුරංග මහතාය. ඔහු, මැණික් ක්ෂේත්‍රයේ වසර 15ක අත්දැකීම් ඇති මැණික් විද්‍යා ගවේෂකයෙකි. ජෙමලොජි ඉන්ස්ටිටියුට් ඇන්ඩ් රිසර්ච් ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් ආයතන දෙකක් රත්නපුර හා හොරණ පවත්වාගෙන යයි. ඉන් මැණික් වර්ග ගැන සහතික නිකුත් කරන අතර මැණික් පරීක්ෂා කරන පරීක්ෂණාගාරයක්ද ඔහු සතුය. තවද මැණික් විද්‍යාවට අදාළ ඩිප්ලෝමා පාඨමාලාද පවත්වාගෙන යයි. තවද ‘මැණික් විශ්වකෝෂය’ ග්‍රන්ථය ලියූ ලොව පළමු පෙළ මැණික් විද්‍යාඥයකු වන ආචාර්ය පාලිත ගුණසේකර මහතාගේ ශිෂ්‍යයකුද වේ. ඔහු මැණික් 03ක් හා එක් ඛනිජයක් ලොවට හඳුන්වාදී පේටන්ට් බලපත්‍ර ලබා ඇති අයෙකි. ඔහුගේ ඉහත ග්‍රන්ථය එළිදැක්වීමට පවා අප කතානායක චමිල සුරංග මහතා විශේෂ මෙහෙවරක් සිදුකොට ඇත.

‘ආසියාවේ රැජින’ බළන්ගොඩ ප්‍රදේශයෙන් හමුවූවක් වන අතර ඔහු ඇතුළු කණ්ඩායමක් ඒ ගැන පුළුල් විමර්ශනයක් සිදුකරමින් සිටී.

ලොව ඝනත්වයෙන් වැඩිම පාෂාණය දියමන්ති වේ. එහි දෙවැනි ස්ථානය හිමිවන්නේ මෑතකදී මෙරටින් හමුවූ කොරන්ඩම්වලටය. මැණික් අධිකාරිය මෙම ගලේ කැබැලි අටක් සූක්ෂ්මව ඉරා එහි සංයුතිය සියුම්ව පරීක්ෂා කොට එළඹුණු නිගමන මත අදාළ සහතික නිකුත් කොට තිබේ.

මා යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චමිල සුරංග මහතා ඉතා චතුර ලෙස දැක්වූ ප්‍රතිචාර කෙබඳුදැයි පහත පිළිතුරුවලින් සනාථ වෙයි.

‘මේ ගල එළිදැකීම පිටුපස කිසිම දේශපාලන ගේම් එකක් නෑ, ගල ලැබිලා ටික කලක්. ඒත් අද මේ රටේ විදේශ විනිමය නැතුව දැඩි අසීරුවක ඉන්න නිසා මා දන්නා මැණික් හා ඛනිජ විද්‍යාවෙන් රටට යමක් කරන්නයි ගල මේ වෙලාවෙ කරළියට ගෙනාවෙ…’ ඔහු කතාවට මුලපිරුවේය.

‘ලෝකයේ වටිනාකමක් දෙන්න බැරි ස්වභාවික සම්පත් තියෙනවා. මේ කොරන්ඩම් එකත් එවැන්නක්. මීට පෙර හමුවුණේ මැණික් පොකුරු ගල්. ඒත් අපේ එක ලොව විශාලතම තනි ගලයි. අපි මැණික් ගැන විශේෂඥ දැනුමක් තියෙන ජාතියක් නිසා විදේශයකදි මේ ගල තක්සේරු හෝ පරීක්ෂාවකට යායුතු නැති බව මගේ ස්ථාවරයයි…’

‘මෙවැනි ඓතිහාසික ගල් ලොව විශේෂ දේ එකතු කරන අයට හෝ ලොව සුවිශේෂ දේ තැන්පත් කරන කෞතුකාගාරයකටයි වටින්නේ. මේ ගලේ අභ්‍යන්තරයේ ඉතා වටිනා තනි නිල් මැණික් පදාසයක් තියෙනවා. ගල ඉරා එම වටිනා කොටස් විශාල මුදලකට අලෙවි කරමු යැයි ඇතැම් විද්වතුන් යෝජනා කළා. ඒ යෝජනාවට මා තරයේ විරුද්ධයි. මන්ද ස්වර්ණාභරණවලට අවශ්‍ය කුඩා ගල් මෙරටින් ඕනෑ තරම් හමුවෙනවා. ඒත් මගේ මේ ගල ඉතා දුර්ලභයි. මෙවැනි දේ ලෝක උරුමයක් නිසා මේක කැබැලි කිරීම ස්වභාවධර්මයට එරෙහි ක්‍රියාවක්. මේ රට ලොව බබළවන්න හා ලෝකයට දකින්න මේ ගල ලොව කොතැනක හෝ සදාකාලික ලෙස රඳවා තැබීම මගේ සිහිනයයි. මුදලට වඩා මට ඒක වටිනවා…’ ඔහු එසේ කීවේ ඉතා හැඟුම්බරවය.

‘ඒ නිසා ලෝකය තිබෙනතාක් පවතින තැනකට ඉහළම ඉල්ලුමට මම මේක දෙනවා. දැනටත් ඩොලර් මිලියන 100ක ලන්සුවක් ලැබී තිබෙනවා. මේ ගලට ලොව පුරා රටවල් එකසිය ගණනක ජනමාධ්‍ය 7,000ක් දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබෙන නිසාත්, මේ ලිපියත් අන්තර්ජාලයෙන් ලෝකයටම යන නිසාත් වඩාත් හොඳ ලන්සුවක් අපේක්ෂා කරනවා.’

‘මෙවැන්නක් ලැබුණාම ලංකාවෙ බහුතරය රට ගැන සිතා හෝ ඊට සහාය දෙනවා වෙනුවට අපහාස උපහාස කිරීම ඉතා කනගාටුදායකයි. කහවත්තේ ගලටත් ඒකම වූ බව ඔබ ඒ ගල ගැන අන්තර්ජාලයට එක් කළ ලිපියෙන් සනාථ කොට තිබූ බව මට මතකයි. මෙවැනි ගලකට නිසි වටිනාකම ලැබුණොත් එම ප්‍රතිලාභ රටටත්, ඒ හරහා ජනතාවටත් ලැබෙන බව තේරුම් නොගැනීම අවාසනාවක්. මේ ගල් තව ඔසවා තැබීමටයි ජනතාව ක්‍රියා කළ යුත්තේ කියල මම කියන්නේ ඒකයි…’

‘පොඩි කතාවක් කියන්නම්. නරකාදියට යන වැරැදිකරුවන් අශූචි වළවල්වලට දානවා. ඒ ඒ රටවලට වෙනම වළවල් තියෙනවා. හැම වළකටම ආරක්ෂකයො හිටියත් ලංකාවෙ වළට එහෙම නෑ. ඒ ඇයි කියලා යම රජුගෙන් ඇහුවාම ඔහු හොඳ උත්තරයක් දී තිබෙනවා. ලංකාවෙ එකෙක් අශූචි වළෙන් ගොඩ යන්න හදනකොට ඇතුළෙ එවුන් උගෙ කකුලෙන් ඇදල වළටම දාන නිසා ඒ වළට සිකියුරිටි ඕනෙ නෑ කියලයි යම රජු කියල තියෙන්නේ. මේ ගල් ගැන විද්‍යාත්මකව කිසිත් නොදැන හා අඩු ගානේ ගල් නොදැක ගල්මුල් ගහන අයටයි මම ඒක කිව්වේ. මේ ගල ගැන ඕනෑම කෙනෙක් එක්ක විවෘත සංවාදයකට ඇවිත් ගලේ වටිනාකම ඔප්පු කරන්න මම සූදානම්…’ චමිල සුරංග මහතා කතාව නිම කළේ එම අභියෝගයද සමාජගත කරමිනි.

රටේ පිනට මතුවූ අර්ල් ගුණසේකරගේ, කහවත්තේ පවුලේ හා චමිල සුරංග ඇතුළු සියලු දෙනාට මිහිකත දෙවඟන ලබාදුන් වස්තූන්වලට ලොව ඉහළම මිල ලැබී රටත් ජනතාවත් ඉක්මනින් සුවපත් වේවා යන මගේ පැතුම ජාතියේම සමස්ත ප්‍රාර්ථනාව වී එය ඒ අයුරින්ම ඉටුවේවා යැයි ඉතසිතින් පතමි.

අශෝක ජයතුංග

SendShareShare
Previous Post

රත්තරන් මාල කඩලා වැඩක් නැහැ වගේ! වැලිමඩ එකම පවුලේ හත්දෙනෙක් හේන්වල එළවළු හොරකමේ ගිහින්!

Next Post

විමල් යළිත් කැබිනට් රහස් හෙළි කරයි! යුගදනවි ගැන කවුරුත් නොදත් රහස් රැසක් හෙළිකරයි! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.