ජනාධිපතිවරණ සමයේ වඳ දොස්තර කතාවක් ඇදගෙන බලය ලබා ගැනීමට දියත් කළ චිත්‍රපටය අද වෙන විට හෙළිදරව් වී ඇති බවත්, බොරුවෙන් වංචාවෙන් සහ මුලාවෙන් බලය ලබා ගත් ආණ්ඩුව අද වන විට ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බලය ලබාගැනීම උදෙසා ජාතිවාදය ආගම්වාදය සමාජය තුළ වපුරමින් කළ කටයුතු සියල්ල එකින් එක මේ වන විට මුළු රටම දැන ගනිමින් සිටින බවද ඒ මහතා පැවසීය. වෛද්‍ය ෂාෆි ඉලක්ක කොටගනිමින් ජනාධිපතිවරණ සමයේ ගෙනගිය දැවැන්ත ප්‍රචාරණයේ ඇත්ත තත්ත්වය අද වන විට හෙළිදරව් වන්නේ අදාල වෛද්‍යවරයාට සිංගර් වැටුප් පවා ගෙවන ලෙස නිර්දේශ නිකුත් වෙමින් බව ද ඒ මහතා පැවසීය.










