• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටත් රහසේ උඩමළුවේ සිදුවන මහා පූජාව…

December 25, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
කාටත් රහසේ උඩමළුවේ සිදුවන මහා පූජාව…
Share on WhatsAppShare on Facebook

ජාති ආගම් කුල මල ගෝත්‍ර මේ ආදී කිනම් පන්තියක වුවද තමන්ගේ ආගම් අනුව තමන්ගේ ජාතීන් අනුව තම තමන්ට ආවේණික විවිධ වූ විශ්වාසයන් වගේම විවිධ වූ පුද පූජාවන් පැවැත්වීමත් සාමාන්‍ය දෙයක්. එම පුද පූජාවන් තමන්ගේ ශ්‍රද්ධාව භක්තිය අනුව විවිධ පල විපාක දෙන බවත් රහසක් නොවේ. එදා මෙදාතුර ඉතිහාසයේ තම තමන් පැවැත්වූ පුද පූජාවන්ගෙන් මහත් පල මහත් ආනිශංස ලැබූවෝත් අනන්තවත් සමාජය තුළදී හමුවීමත් අරුමයක් නොවේ. එනිසා තම තමන්ගේ ආගමට දහමට අනුව කෙනකු කරන පුද පූජාවන් තර්ක විතර්කවලින් තොරව අනුමත කිරීම කාගේත් හිතසුව පිණිස හේතුවන බවද බොහෝ දෙනාගේ සිතුවිල්ල වෙනවාට සැකයක් නැහැ.

මේ ආකාරයට ලොව පුරා මෙන්ම ලංකාවාසී බෞද්ධ සැදැහැවතුන්ද බුදු දහමට අනුව සිය වන්දනාමාන කටයුතු කරමින් බුදුන්වහන්සේ උදෙසා කළ හැකි උපරිම ගෞරවාදරය දක්වන්නේ සුපහන් සිතිනි. එහිදී බුදුන්වහන්සේ උදෙසා දැක්විය හැකි උපරිම ගෞරව දැක්වීමට මෙරට බෞද්ධයෝ සැදී පැහැදී කටයුතු කරති. ඊට සුදුසු දේ ඉතා ගෞරවයෙන් භක්තියෙන් කැපකොට වෙන්කර පූජනීයත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරති.

එවන් ස්ථාන විශාල ප්‍රමාණයක් ලංකා භූමිය පුරා විහිදී ඇති අතර ඉන් අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේට හිමිවනුයේ සුවිශේෂ ස්ථානයකි. අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩවාසය කරන ජයශ්‍රීමහා බෝ සමිඳුන්වහන්සේ එදා මෙදාතුර ඉතිහාසය පුරාමත් වර්තමානයේත් අනාගතයේත් ලබාදී ඇත්තේ ලබාදෙන්නේ සුවිශේෂ ගෞරවාදරයකි. බෝධීන්වහන්සේ වෙනුවෙන්ම ඉදිවූ මළු හතක් මහමෙව්නා උයනේ පිහිටා ඇති අතර ඉතිහාස පොතපතෙහි සඳහන් වන විදියට ක්‍රි.ව. එක්දහස් හත්සිය හතළිස් හතේදී, එනම් මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බෝධීන්වන්සේ වටා ගල් ප්‍රාකාරයක් ඉදිකළ බවයි පැවැසෙන්නේ. ඉතින් ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගන්නට යන බැතිමතුන් මුලින්ම ඇතුළු වන්නේ මේ වැලි මළුවටයි. එය තමයි පළමු මළුව ලෙස සැලකෙන්නේ. දෙවැනි මළුව ලෙස සැලකෙන්නේ විහාර මළුව. මේ මළුවේ තමයි ප්‍රධාන විහාරය පිහිටුවා ඇත්තේ.

ඊළඟට පිහිටා ඇති දේවාල මළුව තුන්වැනි මළුව ලෙස සැලකෙනවා. බොහෝ දුරට බැතිමතුන්ට අවසර තියෙන්නේ තුන්වැනි මළුවට පමණක් ඇතුළු වීමටයි. එනිසා බැතිමතුන්ට මේ තුන්වැනි මළුව සුවිශේෂ තැනක්. ඊළඟට පිහිටා ඇති රන් වැට මළුව හතරවැනි මළුව ලෙසත්, ඊළඟට ඇති පස්වැනි මළුව ප්‍රධාන රන්වැට මළුව ලෙසත් ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට පුද පූජා පවත්වන්න රිදියෙන් කළ පූජාසනය පිහිටා තිබෙන්නේ මේ මළුවේමයි.

මෙහිදී සුවිශේෂ ප්‍රධාන මළුවක් ලෙස හයවැනි මළුව හඳුන්වනවා. එය බෝ මළුව ලෙසත් හඳුන්වනවා. ඊළඟට තමයි වැඩහිඳිනා මළුව පිහිටා තිබෙන්නේ. ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඩහිඳින්නේ ඒ මළුවේයි. එනිසා සත්වැනි මළුවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්.

බෞද්ධ ජනයා සුවිශේෂ පූජනීය ස්ථානයක් ලෙසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙනුවෙන් වසර පුරා විවිධ වූ පුද පූජා කටයුතු සිදුකරන අතර ඉන් සුවිශේෂ පූජාවන් කිහිපයක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් බෝධීන්වහන්සේ උදෙසාම පැවැත්වෙන අතිවිශේෂ පූජාවක් ගැනත් කියැවෙනවා. මෙම පූජාව වසරකට දෙවතාවක් පැවැත්වෙන බවයි පැවැසෙන්නේ. ඒ, නානුමුර මංගල්‍යයේදී සහ වෙසක් පොහොය දිනයේදියි.

කිසිදු සාමාන්‍ය වැසියකුට දැකගන්නට අවසර නැති මේ පූජා කටයුත්ත අතිශය දුර්ලභ පූජාවක් ලෙස සැලකෙනවා. මෙම පූජාවේදී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට චක්‍රවර්ති රජ කෙනකුට හිමි ආයිත්තම් පලඳවනු ලබන අතර ඒ සඳහා පුරාණයේ සිට රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු සුවිශේෂ පිරිස් පූජා කළ රන් සළු, මුතු මැණික් එබ්බවූ රන් රිදී ආභරණ ආදියයි යොදා ගැනේනනේ.

මේ විශේෂ පූජාව සිදුකිරීමේ පූර්ණ වගකීම දරන්නේ අටමස්ථානාධිපතින්වහන්සේ සහ මහා විහාරයේ බෝ මළුව පරම්පරාවේ භික්ෂුන්වහන්සේයි. එමෙන්ම විහාර ගම්මානවල පල්ලිදුර ජනතාව මේ පූජාව සඳහා සුවිශේෂ ශ්‍රම දායකත්වයක් සපයන බවත් පැවැසෙනවා.

ඉතා ගෞරව සහිතව සිදුකෙරෙන මෙම පූජාවට පෙර ප්‍රථම රන්වැට සිවුරුවලින් ආවරණ කිරීමත් සාමාන්‍ය සිරිතක් ලෙසයි සැලකෙන්නේ. එයින්ද මෙම පූජාවේ ඇති සුවිශේෂ බව මනාව පැහැදිලි වන අතර රටට දැයට ලොවට මහත් පල මහත් ආනිශංස ලැබෙන පූජාමය කටයුත්තක් ලෙසද මෙය සැලකෙනවා.

ඉතිහාසයේ පටන් මේ දක්වා බොහො අපල උපද්‍රවයන්හිදී රට දැය ආරක්ෂා වන්නට මේ මහා පූජාවන්ගේ ආශීර්වාදය නොලැබුණා යැයි කාට නම් තර්ක කළ හැකිද? එහෙයින් අදත් හෙටත් මතුවටත් මේ මවුබිම ආරක්ෂා වන්නට මේ පින් හේතු වාසනා වනු නොඅනුමානය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවට මහජන බැංකුවේ සේවා කවුළුවක්…

Next Post

ජීවිත අඳුරු කරන බහිරව බැල්ම…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.