• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඥානසාර හිමි මුලු රටම කලඹමින් රතන හිමිටයි-ධම්මවිජය හිමිටයි දුන් දුරකතන ඇමතුම්! සමහර වචන ඔන්න අපි කපලා දැම්මා! සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

December 13, 2021
in Exclusive, News
Reading Time: 18 mins read
A A
ඥානසාර හිමි මුලු රටම කලඹමින් රතන හිමිටයි-ධම්මවිජය හිමිටයි දුන් දුරකතන ඇමතුම්! සමහර වචන ඔන්න අපි කපලා දැම්මා! සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!
Share on WhatsAppShare on Facebook

භික්ෂූන් වහන්සේ දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇති කලකිරීම දිනෙන් දිනම වැඩි වන ආකාරයක් පෙනෙන්නට ඇත. ඒ මේ දිනවල අහන්නට දකින්නට ලැබෙන කරුණු කාරණා හේතුවෙනි. භික්ෂූන් වහන්සේ යනු අපේ සමාජයේ වැඩිම ගෞරවාදරයට ලක් වූ පදවියකි. නමුත් දේශපාලනය හේතුවෙන් ඒ ගෞරවය දිනෙන් දින පිරිහී යන බව දැන් බොහෝ දෙනාගේ අදහස වී ඇත.

වර්තමානයේදී ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන භික්ෂූන් වහන්සේ රැසක් සිටියද, පාර්ලිමේන්තුව නියෝජනය සඳහා අවස්ථාව හිමි ඇත්තේ අතුරලියේ රතන හිමියන්ට පමණි. එහෙත් ඒ එකම අසුන භික්ෂුන් වහන්සේ අතර ප්‍රසිද්ධ මත ගැටුමක් ඇති කිරීමට තරම් හේතු වී තිබීම කනගාටුවට කරුණකි. අත්හැරීම පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව රටේ බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි කනගාටුවකි. කලකිරීමකි.

අපේ ජන බල පක්ෂයට හිමි එකම පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමිපාණන් සහ ගලබොඩඅත්තේ ඥානසාර හිමිපාණන් අතර ගැටුම ආරම්භ වූයේ මීට කාලයකට පෙරය. ඥානසාර හිමියන් පවසන්නේ පොරොන්දු වූ ආකාරයෙන් නියමිත කාල සීමාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට රතන හිමියන් කටයුතු නොකළ බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට රතන හිමියන් සූදානම් බවක්ද මේ වන තෙක් පෙනෙන්නට නැත.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් යනු පසුගිය වසර කිහිපය මුළුල්ලේම බොහෝ සිදුවීම් හරහා රට තුළ කතාබහට ලක් වූ හිමි නමකි. බොදු බල සේනා සංවිධානයේ මහලේකම්වරයා ලෙස පසුගිය කාලය පුරාම සිංහල ජාතිය සහ බුදුදහම රැක ගැනීම වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කළහ. ඒ වෙනුවෙන් පෙනී සිටීමේදී එක් අවස්ථාවක සිරගත වීමට පවා උන්වහන්සේට සිදු වූහ. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය. පසුව උන්වහන්සේ විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය. පසුගිය වසර කිහිපය පුරා ඥානසාර හිමියන් කටයුතු කළ ආකාරය අනුව අදටද, සමාජ මාධ්‍ය ඔස්සේ උන්වහන්සේගේ නම භාවිතා කළ නොහැකි තත්ත්වයක් ඇති වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ඥානසාර හිමියන් පෙනී සිටියේ ගෝඨාභය රාපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත් කළ එක් රටක් එක් නීතියක් පිහිටුවීම සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති ධුරය හිමිවූයේද ඥානසාර හිමිපාණන්ටය.

මේ අතර ඥානසාර හිමිපාණන් විසින් භික්ෂුන් වහන්සේ දෙනමකට ඉතා පහත් ආකාරයෙන් බැන වදින හඬ පට කිහිපයක් හේතුවෙන් මේ දිනවල දැඩි ආන්දෝලනයක් ඇති වී ඇත. උන්වහන්සේ මේ ආකාරයෙන් බැන වදින්නේ රත්නපුර මිණිපුර තපෝවනයේ රතන හිමිපාණන් සහ ප්‍රසිද්ධ ධර්ම දේශකයකුවන කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේටය.

මෙම මත ගැටුම සඳහා මුල් වී ඇත්තේ භික්ෂූන් වහන්සේ දේශපාලනය නොකළ යුතු බවට තපෝවනයේ රතන හිමිපාණන් සිදු කළ ප්‍රකාශයක් නිසාය. උන්වහන්සේ එලෙස ප්‍රකාශ කර තිබුණේ යූ ටියුබ් නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමිනි.

සමාජ මාධ්‍ය ඔස්සේ උන්වහන්සේට යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රතන හිමිපාණන් පවසා තිබුණේ දේශපාලනය කිරීම කිසිසේත්ම භික්ෂුන් වහන්සේ නමකට නොගැළෙපෙන බවය.

“ධර්ම විනය අනුව භික්ෂුන් වහන්සේලා දේශපාලනය නොකළ යුතුයි කියලයි අපි කියන්නේ. කිසිසේත්ම භික්ෂුන් වහන්සේලාට දේශපාලනය සුදුසු නැහැ. පැවැදි වුණු අරමුණට භික්ෂුන් වහන්සේ ගමන් කළ යුතුයි. දේශපාලනය ගිහි පිංවතුන්ට අයිති දෙයක්. ඒ වගේම භික්ෂුන් වහන්සේලා දේශපාලනය කිරීමෙන් වෙන්නේ අනාගත සම්බුද්ධ සසුන මහා විශාල අනතුරකට ලක් වෙන එකයි. ඒ නිසා දේශපාලනය කිසිසේත්ම භික්ෂුවකට නුසුදුසුයි.”

තපෝවනයේ රතන හිමිපාණන් අදහස් දැක්වූයේ එසේය. මේ සාකච්ඡාව අතරතුර ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු දැක්වීමටද, උන්වහන්සේ කටයුතු කළහ. ඉන් ටික දිනකට පසුව තපෝවනයේ රතන හිමිපාණන් සහ ගලබොඩඅත්තේ ඥානසාර හිමිපාණන් අතර සිදුවූ දුරකතන සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි විය. එහි අසන්නට ලැබුණේ රතන හිමියන්ගේ ප්‍රකාශය පිළිබඳව ඥානසාර හිමියන් දක්වන ප්‍රතිචාරයය. එම සම්පූර්ණ දුරකතන සංවාදය ප්‍රසිද්ධ මාධ්‍යයක පළ කළ නොහැකි තරම් ඉතා පහත් මට්ටමේ එකකි. සංක්ෂිප්තව එය සටහන් කරන්නේ නම් මෙසේය.

රතන හිමි- ඔව්. අපේ හාමුදුරුවනේ කියන්න.
ඥානසාර හිමි- දැන් තමුසේ මොකක්ද දාලා තියෙන්නේ දේශපාලන චීවරධාරීන් කියලා. ඒ යූ ටියුබ් වීඩියෝ එක මොකක්ද? තොපිට බණ කියන්න….. මේ රට බේරලා තියෙන්නේ කවුද. තොගේ අම්මද? අප්පද? අල්ලල ගහනවා පොළේ. දැන් අයින් කරපං ඔය වීඩියෝ එක. තොපිට බණ කියන්න හරි භාවනා කරන්න හරි මළ මඟුල් ඔක්කොම කරන්න නම්, යකෝ මොකටද අපි මෙච්චර කැප කිරීම් කරන්නේ. ඇහෙනවද තමුසෙට.

රතන හිමි- ඔව්. කියන්න අපේ හාමුදුරුවනේ.
ඥානසාර හිමි- වහාම අයින් කරපිය පරයා වීඩියෝ එක. ගහනවා අල්ලලා පොළොවේ. උඹලා බණ කියනවා නම් ඒක කරපං. ඒක කර ගෙන කාලා හිටපියව්. තොපිට බණ කියන්න හරි, භාවනා කරන්න හරි අම්මගේ රෙද්දවල් කරන්න බොලාට ඉඩ හැදිලා තියෙන්නේ අපි මේ කරන කැප කිරීම නිසා. තේරුණාද? ඇහෙනවාද තමුසෙට?

රතන හිමි- ඔව්. අපේ හාමුදුරුවනේ කියන්න.
ඥානසාර හිමි- කියන්න නෙවෙයි. වහාම අයින් කරනවා. මම හෙට අනිද්දා එන්නම් තමුන්ව හම්බ වෙන්න. තමුන් කොහේද මහණ වුණේ. මහණ වුණේ කොහේද?

රතන හිමි- මහණ වුණෙ තපෝ වනයේ හාමුදුරුවනේ.

ඥානසාර හිමි- මං හම්බ වෙන්නම්. තමුසෙගේ මහ එකා එක්කම. බොලාට මේ නිදහස දුන්නම තමුසෙලා ධර්මය කතා කරනවා. දේශපාලන චීවරධාරීන් කිව්වේ කාටද තමුසේ. මොකක්ද අපි කරලා තියෙන්නේ. වහාම අයින් කරනවා. මතක තියා ගනින්. සිවුරුත් ගලවලා අයින් කරන්නේ පර බල්ලෝ. කාලකණ්ණි. තොපෙයි තම්බින්ගෙයි කිසි වෙනසක් නෑනේ කාලකණ්ණි. තොපි කැලේට වෙලා භාවනා කරගෙන ඒක කරගෙන පලයව්. නිවන් දකින්න බැරි නම් ඕන එකක්. තොපිට නිවන් දකින්න හරි පිණ්ඩපාතේ යන්න හරි ඔය ඔක්කොම කරන්න පුළුවන් අපි මේ බෙල්ල දීපු හින්දා. ඒක මතක තියා ගෙන වැඩ කරනවා. කාලකණ්ණියා. අයින් කරනවා වහාම පරයා. මාව රත්නපුරේට ගෙන්න ගන්න කලින්.”

ඥානසාර හිමියන්ගේ සහ රතන හිමියන්ගේ හඬ ඇතුළත් යැයි කියැවෙන එම හඬ පටයේ ඇතුළත් තොරතුරු අප සටහන් කළේ යම් යම් සංශෝධනයන් සහිතවය. එම සම්පූර්ණ සංවාදයේ සියල්ල මෙහි සටහන් කළ නොහැක. එම හඬ පටය ප්‍රසිද්ධ කර තිබුණේද රතන හිමියන් විහාරාධිපති ධුරය දරන තපෝවනය ආශ්‍රමයට අයත් අමා ශාන්ති තපෝවනය නැමැති යූ ටියුබ් නාළිකාව ඔස්සේය. එම හඬ පටය සමඟ නැවත වරක් භික්ෂූන් වහන්සේ දේශපාලනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමටද උන්වහන්සේ පියවර ගෙන තිබිණි.

මේ අතර අදාළ හඬ පටය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ සඳහන් කර තිබුණේ තමන් වහන්සේට යම් කිසිවෙකු ඒ ආකාරයෙන් චෝදනා කළහොත් රතන හිමි මෙන් නිහඬව නොසිටින බවය. ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට දුරකතන ඇමතුමක් ලබා දී තිබුණේ ඒ පිළිබඳව විමසීම සඳහාය. එම හඬ පටය සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින්මය. මාධ්‍යයේ සඳහන් කළ හැකි ආකාරයට සංස්කරණය කිරීමෙන් පසු එම හඬ පටයේ ඇතුළත් සංවාදය මෙසේය.

ධම්මවිජය හිමි- තෙරුවන් සරණයි.
ඥානසාර හිමි- හෙලෝ.

ධම්මවිජය හිමි- තෙරුවන් සරණයි.

ඥානසාර හිමි- කවුද මේ. කිරුළපනේ ධම්මවිජයද?
ධම්මවිජය හිමි- කිරුළපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ. කවුද මේ?

ඥානසාර හිමි- අර දාලා තිබුණේ පෝස්ට් එකක් රතන වගේ නෙවෙයි මට කතා කරොත් කියලා. මම ඥානසාර හාමුදුරුවෝ. රෙකෝඩ් කර ගන්නකෝ.
ධම්මවිජය හිමි- එහෙමයි. කියන්නකෝ.

ඥානසාර හිමි- රෙකෝඩින් එක දාගන්න. රෙකෝඩින් එක දාගන්න.
ධම්මවිජය හිමි- එහෙමයි. ස්වාමීන් වහන්ස. කියන්න.

ඥානසාර හිමි- තමුසෙගේ රෙකෝඩ් එක දාගන්නවකෝ. තමුසෙගේ රතනයි ඔය….
ධම්මවිජය හිමි- මේ මේ ස්වාමීන් වහන්ස. ඔක්කොටම ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න. ස්වාමීන් වහන්සේ නමකට තමුසේ තමුසේ කියලා කතා කරනවද.

ඥානසාර හිමි- මොකක්ද. මොකක්ද?
ධම්මවිජය හිමි- කතා කරන්න ඉගෙන ගන්න ඔක්කොටම කලින් ස්වාමීන් වහන්සේ නමකට.

ඥානසාර හිමි- මේ උඹ. මේ ඒයි.
ධම්මවිජය හිමි- මේ මේ. ඥානසාර හාමුදුරුවනේ. ඔබ වහන්සේ කවුරු වුණත් මට වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න ඉගෙන ගන්න ඔක්කොටම කලින්.

ඥානසාර හිමි- මේ මේ පිස්සෝ.
ධම්මවිජය හිමි- පිස්සු ඔබ වහන්සේටද, මටද කියලා ඔබ වහන්සේ බලා ගන්න. ඔබ වහන්සේට මම ඒකයි කිව්වේ මම රතන හාමුදුරුවෝ නෙවෙයි කියලා.

ඥානසාර හිමි- අපිත් මේක රෙකෝඩ් කර ගන්නවා ඈ.
ධම්මවිජය හිමි- අනේ කර ගන්න. සාධු සාධු.

ඥානසාර හිමි- හා කියන්න. හොඳයි.
ධම්මවිජය හිමි- කියන්නකෝ දැන්.

ඥානසාර හිමි- දැන් හරිද?
ධම්මවිජය හිමි- කෝ සද්දේ වැහුණද ඔබ වහන්සේගේ.

ඥානසාර හිමි- සද්දෙද?
ධම්මවිජය හිමි- ඔව්. අර කතා කෙරුව මහා සද්දේ.

ඥානසාර හිමි- සද්දේ හම්බ වෙන්න මම තෝව හම්බ වෙන්න එන්නම් ආ. පල…… යන්න.
ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න ඉගෙන ගන්න.

ඥානසාර හිමි- ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්නද. මම ඇවිත් ඔයා මුණ ගැහෙන්නම් ආ..
ධම්මවිජය හිමි- අනේ එන්න. ඕනෑ වෙලාවක එන්න.

ඥානසාර හිමි- අපි ඇවිල්ලම මුණ ගැහෙමු. හොඳේ.
ධම්මවිජය හිමි- හරී. හරී. තෙරුවන් සරණයි.

ඥානසාර හිමි- හා. හා. නෑ. තෙරුවන් සරණ ඕනෑ නැහැ. තොට අල්ලා දෙවියන්ගේම පිහිටයි. අපි ඇවිල්ලම හම්බ වෙමු ආ.
ධම්මවිජය හිමි- හොඳමයි. තෙරුවන් සරණයි.

ඉන් පසුව වූ තවත් සංවාදයක්ද මාධ්‍යයට නිකුත් විය. එම සංවාදය මෙසේය.

ධම්මවිජය හිමි- තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඥානසාර හිමි- සද්දේ මට දාන්න පුළුවන්.

ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් අහන්නකෝ.
ඥානසාර හිමි- පොඩ්ඩක් ඉන්නවා. තමුන්නාන්සේ මහණ වෙලා අවුරුදු කීයද?

ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්ස. ඒක අහන්න එපා. ඔබ වහන්සේ මේ තමුසේ තමුසේ කිය කිය කතා කර කර ඒවා අහන්න එපා.

ඥානසාර හිමි- මම අහන්නේ තමුන්නාන්සේ මහණ වෙලා අවුරුදු කීයද?
ධම්මවිජය හිමි- ඇයි ඔබ වහන්සේ ඒක අහන්නේ මගෙන්. කවුද ඔබ වහන්සේ ඒක අහන්න මගෙන්.

ඥානසාර හිමි- මම අහන්නේ මේ සාසනේ මම මහණ වුණු නිසා.
ධම්මවිජය හිමි- මහණ වුණා නම් ඔක්කොටම කලින් තමුසේ තමුසේ කියලා කතා කරන්නේ නැතිව ස්වාමීන් වහන්සේ වස් කීයද කියලා අහන්න. එහෙම එකක් දන්නේ නැද්ද ඔබ වහන්සේ.

ඥානසාර හිමි- මේක ඔයා කරුණාකරලා.
ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේ එක්ක පුද්ගලික තරහක් නෑ. ඔබ වහන්සේගේ ජාතික සේවයට මම එදා ඉඳන් කැමැතියි. හෙට මැරුණත් ඔබ වහන්සේලාට බයේ මේ භික්ෂුත්වය පාවලා දෙන නිවටයො නෙවෙයි අපි. ඔබ වහන්සේට උපරිම අපිව මරන්න පුළුවන්. මේ සාසනෙයි සිවුරයි නිවට කමට දාන්නේ නැහැ. අනිත් අය එහෙමද දන්නේ නැහැ. මම එහෙම නැහැ.

ඥානසාර හිමි- ඒවා අපිට වෙනම කතා කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ.
ධම්මවිජය හිමි- ඒක තමයි ස්වාමීන් වහන්ස.

ඥානසාර හිමි- හැබැයි මේ ෆේස්බුක්වල ශාසනයක්, ෆේස්බුක්වල නිවනක් අපි දැකලා නැහැ. ඔයා ඉස්සෙල්ලා මේක අහගන්නකෝ. අපි සාමාන්‍යයෙන් අපේ තියෙන ගැටලුවක් අපි ලෝකෙට රටට කියන්නේ නැහැ. හරිද. අපි හාමුදුරුවරුනේ.
ධම්මවිජය හිමි- අනිවාර්යයෙන්.

ඥානසාර හිමි- මගේ ප්‍රකාශයකට හරි තමුන්න්සාගේ ප්‍රකාශනයකට හරි. ඔබ වහන්සේ කියමුකෝ. තමුන්නාන්සේ කියන්න ඕනෑ නැහැ කියමුකෝ. අපි හිතමුකෝ තර්ජයක් කළා කියලා. එතකොට කරන්න මොකක්ද අපේ හාමුදුරුවෝ?
ධම්මවිජය හිමි- මේකයි ස්වාමීන් වහන්ස.

ඥානසාර හිමි- ඉන්නකෝ. ඔයාගෙන් මං අහන්නේ. එතකොට අපි කරන්න ඕනෑ මොකක්ද. අපි කරන්න ඕනෑ පොලිසියට පැමිණිල්ලක් කරන එක.
ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්ස ඒක එක එක්කෙනාට ඩිෆෙන්ඩ්නේ. තර්ජනයක් කළොත් හැමෝම පොලිසි යන්න ඕනෑ කියලා ලෝකේ නියමයක් නැහැනේ.

ඥානසාර හිමි- නැහැ. නියමයක් තියෙනවා.
ධම්මවිජය හිමි- කොහෙද තියෙන්නේ?

ඥානසාර හිමි- ඒක නීතියක්.
ධම්මවිජය හිමි- එහෙනම් බුදුහාමුදුරුවන්ට තර්ජන ආව විදියට පොලිසි ගානේ ගියා නම් හත්වලාමේ උන්වහන්සේට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැනේ.

ඥානසාර හිමි- බුදු රජාණන් වහන්සේගේ කාලයයි මේ කාලෙයි දෙකක්නේ.
ධම්මවිජය හිමි- දෙකක් වුණාට අපි එකම ප්‍රතිපදාවක හැසිරෙන ස්වාමීන් වහන්සේලානේ.

ඥානසාර හිමි- පොඩ්ඩක් ඉන්නකෝ. බුදුහාදුරුවන්ගේ කාලේ ශාසන ප්‍රතිපදායි, දැන් ප්‍රතිපදායි දෙකක්.
ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද නිර්වාණය කාල විමුක්තයි කියලා.

ඥානසාර හිමි- ඔයා මට නිවන් ගැන උගන්වන්න එපා. ඔයාට ගොඩක් කලින් මම මහණ වුණේ.
ධම්මවිජය හිමි- මම ඔබ වහන්සේට උගන්වන්නේ නැහැ. ඒත් බුදුහාමුදුරුවන්ගේ කාලේ එකක්, දැන් කාලේ එකක් කියලා නැහැ.

ඥානසාර හිමි- අනේ ඉතිං තොපි වගේ පිස්සෝ එක්ක කතා කරලා වැඩක් නැහැ.
ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්ස. මම ඔබ වහන්සේ ගැන දන්නවා.

ඥානසාර හිමි- මම උඹව හම්බ වෙන්නම්කෝ ඉස්සෙල්ලා. මම තමුසෙව හම්බ වෙන්නම්කෝ. හම්බ වෙලා මේක විසඳන්නම්කෝ.
ධම්මවිජය හිමි- පුළුවන් වෙලාවක හම්බ වෙන්නකෝ.

ඥානසාර හිමි- පරයෙක් වගේ බුදිය ගනින් පඩත්තලයා. කාලකණ්ණියා.
ධම්මවිජය හිමි- හොඳයි. පුළුවන් වෙලාවක හම්බ වෙන්නකෝ.

ඥානසාර හිමි- හා… හම්බවෙමු. හම්බවෙමු. හම්බවෙමු. බොහොම ඉක්මනින් හම්බවෙමු. මට ඉන්න තැන ලොකේෂන් එක දානවකෝ.
ධම්මවිජය හිමි- ඔබ වහන්සේට ඔච්චර දේවල් කරන්න පුළුවන් නම් හොයා ගෙන එන්න.

ඥානසාර හිමි- නැහැ. නැහැ. නැහැ. බොලා ඉතිං රහත් වෙලානේ. නිවන්නේ මේ ආත්මෙම.
ධම්මවිජය හිමි- අනේ ස්වාමීන් වහන්ස. එහෙම එකක් නෙවෙයි මම කතා කරන්නේ.

ඥානසාර හිමි- නැහැ නැහැ. තමුසේ ඉන්න තැන ලොකේෂන් එක එවනවකෝ මට. මම දැන් හරි එන්න. තොපේ සීමාවේ වැඩ කරපං කාලකණ්ණියා හොඳද. එකක් මතක තියා ගනිං හතර හන්දි කඩනවා බල්ල මට හම්බ උනෝතිං. හොඳයි බලමු. හා. උඹගේ සේනාවත් එක්ක වරෙංකෝ.
ධම්මවිජය හිමි- ඔබ වහන්සේ ඔය කියන ඒවා කරලා පෙන්වන්නකෝ.

ඥානසාර හිමි- කරලා පෙන්නවන්නම්. හරි. හරි. හරි. හරි. කරලා බලමු.
ධම්මවිජය හිමි- හොඳයි. (සිනාමුසුව)

එම සාකච්ඡාවෙන් පසුව සිදුවූ තවත් සාකච්ඡාවක හඬ පටයක්ද පසුව ප්‍රසිද්ධියට පත් වී තිබිණි. එහි ඇතුළත් සංවාදය මෙසේය.

ඥානසාර හිමි- දැන් ඔයා ඒ ටිකට යූ ටියුබ් එකටත් දාලනේ. මට ප්‍රශ්නයක් නැහැ.
ධම්මවිජය හිමි- ඔබ වහන්සේ මාත් එක්ක තරහා වෙන්න එපා. මම කියන එක අහගන්නකෝ.

ඥානසාර හිමි- අපේ හාමුදුරුවෝ පොඩ්ඩක් ඉන්නකෝ. මට තියෙන වේදනාව තේරුම් ගන්න. අපේ හාමුදුරුවනේ. මම දැනටමත් මේ නඩු විසි ගණනක් එක්ක හැප්පෙන්නේ. ඒක එක. දෙක. ඔබ වහන්සේ දන්නවද ඔය රතන හාමුදුරුවෝ කරපු වැඩෙන්. (හඬ පටය කපා ඇත)
ධම්මවිජය හිමි- ඔබ වහන්සේ ඔය විදියට කතා කෙරුවා නම් මම ඒක දාන්නේ නැහැ.

ඥානසාර හිමි- ඔබ වහන්සේට පුළුවන් නම් ඒක අයින් කරන්න. මේක අහන්න. අපේ හාමුදුරුවනේ. ඒක වෙන ටෙන්ෂන් එකක්. ඔය ආරණ්‍යවාසී හැම ස්වාමීන් වහන්සේ එක්කම අපි වැඩ කරනවනේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් විනාඩි දෙකෙන් මේක යූ ටියුබ් දාලා මොකක් ඔයගොල්ලන්ට තියෙන තරගේ අපිත් එක්ක හැප්පෙන්න.
ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්ස. එහෙම කිසිම තරගයක් නැහැ. ඔබ වහන්සේ දැකලා තියෙනවද, මම ඔබ වහන්සේට විරුද්ධව අකුරක් ලියනවා අද වෙනකම්.

ඥානසාර හිමි- නැහැ. නැහැ. එහෙම දකින්න මම ෆේස්බුක්වත් එන්නේ නැහැ. ඇත්ත කතාව.
ධම්මවිජය හිමි- මේකයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මොකුත් දන්නේ නැතිව එක එකාගේ කතා අහලා අපිට ඒ විදියට කතා කරන්න එපා.

ඥානසාර හිමි- පොඩ්ඩක් ඉන්නකෝ. මම කියන්නේ ඒක නෙවෙයි. තර්ජනයක් කළාම ඒක කියන තැනක් තියෙනවා. ඒත් මේක යූ ටියුබ් දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. ෆේස්බුක් දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.
ධම්මවිජය හිමි- ඒක කියන්නම් ස්වාමීන් වහන්ස. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි. අහිංසකව පිළිවෙත් පුරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට කාගෙවත් කුණුහරුප අහන්න වෙන සමාජයක් අපි නිර්මාණය කරන්නේ නැහැ.

ඥානසාර හිමි- ඒක මගේ ප්‍රශ්නයක්නේ.
ධම්මවිජය හිමි- ඒක නෙවෙයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ රතන ස්වාමීන් වහන්සේට කුණුහරුපෙන් බැන්නා වගේ හෙට මහණ වෙන මගේ පොඩි ස්වාමීන් වහන්සේට කුණුහරුපෙන් බනින්නේ නැද්ද?

ඥානසාර හිමි- අදාළ තැනකදී අදාළම දේකට විතරයි හාමුදුරුවනේ ඒ ස්වරය වෙනස් වෙන්නේ.
ධම්මවිජය හිමි- හාමුදුරු නමක් ඉස්සරහා පරිස්සම් කර ගන්න සිහියක් ඔබ වහන්සේට නැත්නම් ඔබ වහන්සේ කරන ජාතික සේවයේ අර්ථය මොකක්ද.

ඥානසාර හිමි- ඒ අර්ථය ධර්මය මම මේවා කර ගන්නම්. ඔයා යූ ටියුබ් එකෙන් ශාසනය හදා ගන්නකෝ. ඔයාට මම මේ බොහොම නිහතමානීව කතා කළේ. ඒ වගේ බාල වැඩ කරන්න එපා හාමුදුරුවනේ. මම ඔයාට ඇවිත් යූ ටියුබ්වල ෆේස්බුක්වල ගැහුවේ නැහැනේ. මම ඇවිත් ඔයාට කෙළින් කතා කළා. අපි හොඳින් කතා කළා.
ධම්මවිජය හිමි- ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මට හොඳින් කතා කළේ නැහැ. තමුසේ කිරුළපන ධම්මවිජයද, මේක රෙකෝඩ් කර ගන්න කියලයි ඔබ වහන්සේ මට කතා කළේ. මම ඔබ වහන්සේගේ අතපල්ලෙන් වැටිලා නැහැනේ. ඔබ වහන්සේගෙන් තමුසේ තමුසේ කියලා අහන්න. ඔබ වහන්සේ අහිතක් හිතන්න එපා.

ඥානසාර හිමි- හා. හා හොඳයි. හොඳයි.

ඒ එම සංවාදයේදී අසන්නට ලැබුණු දේය. මෙම සංවාද කිහිපයම පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය විය. එම සංවාද පිළිබඳව එල්ල වූ විවේචනද බොහෝය. ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ජනප්‍රියත්වයට පත් වූයේ දේශපාලනය සමඟ සෘජුව සම්බන්ධ වීමෙනි. නමුත් තපෝවනයේ රතන හිමියන් සහ කිරුළපන ධම්මවිජය හිමියන් ජනතාවගේ ආදර ගෞරවය දිනා ගත්තේ සුමධුර ධර්ම දේශනා සිදු කිරීම මඟිනි.

වර්තමානයේදී ත්‍රිපිටකය පිළිබඳ උපාධියකින් පවා යුක්ත දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ලෙස කටයුතු කළද, කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයේදී කටයුතු කර ඇත්තේ අභීත රණවිරුවෙකු ලෙසිනි. දැනගන්නට ඇති ආකාරයට උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කිරීමේ සටන අවසන් වීමෙන් අනතුරුවය. එහෙත් ඒ පිළිබඳව කිසිවක් උන්වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයකි.

ධම්මවිජය ස්වාමීන් වහන්සේ මෙන්ම තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේද ජනප්‍රියව ඇත්තේ උතුම් සම්බුද්ධ දේශනාව ඒ ආකාරයෙන් දේශනා කරන ස්වාමීන් වහන්සේ දෙනමක් ලෙසටය. තම වයසට වඩා උන්වහන්සේලා සතු දැනුම් සම්භාරය අති විශාල බව සෑම දෙනාගේම අදහසය. එබැවින් බුද්ධ ශාසනය රැක ගැනීමට නම් එවැනි දැනුම් සම්භාරයකින් යුතු ස්වාමීන් වහන්සේලා රැක ගැනීම ජාතික වගකීමක් බව අපේ අදහසය. පෙර සටහන් කර ඇති සංවාදවලදී මතු වූ කරුණු අනුව ඉතිරිය තේරුම් ගත යුත්තේ ඔබය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අවුරුද්දකින් ක්‍රිකට් ගොඩදාන වැඩේ මහේල බාර ගනී!

Next Post

මෙවර මහ කන්නය වගේම ඊළඟ යළ කන්නයත් විනාශ වෙන ලකුණු! පොහොර ගෙන්වන්න සමාගම් බෑ කියයි!

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.