• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර කට්ටඬියා මට්ටු කරන නොපෙනෙන බලවේගය…

December 13, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
හොර කට්ටඬියා මට්ටු කරන නොපෙනෙන බලවේගය…
Share on WhatsAppShare on Facebook

රත්නපුරයට ආසන්න ප්‍රදේශයක අලුතින් පදිංචියට ආ පුද්ගලයකු සිටියේය. ඔහු කෙටි කලක් එහි පදිංචිව සිට ඉන් පසු නිවෙස අසල විශාල බෝඩ් ලෑල්ලක් සවිකර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු පටන් ගත්තේ තමා පාරම්පරිකව ලද යන්ත්‍ර මන්ත්‍ර ඇසුරින් ජනතාවට පිහිටක් සෙතක් සැලසිය යුතුය යන අදහස ගම්මුන් අතර ප්‍රකට කරමිනි. මුලින්ම ගමේ සියලු දෙනාට කිසිදු මුදලක් නොගෙන නිවාස ආරක්ෂා වැනි කටයුතු කර දුන්නේ ගම්වැසියන්ගේ හොඳ හිතත් ආරක්ෂාවත් දිනාගන්නා අරමුණ ඇතිවය. ඔහුගේ ආරක්ෂාවත් නිසා ඇතැම් අයට යම් සහනක් සැලසුණු බවද අසන්නට ලැබිණි. එවැන්නෝ කට්ටඬි මහතාගේ ගුණ වැයූ අතර එකා දෙන්නාගේ කටකතා අතරින් මේවා ප්‍රචාරයවී ගමින් ගමට ප්‍රචාරය යද්දී කට්ටඬි මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ අයකු බවට පත්විය. ඔහුට රට වටෙන්ම යන්ත්‍ර මන්ත්‍ර වැඩ ගලාගෙන ආවේය. ඒ අතරේ පුවත්පත්වල විශාල ප්‍රමාණයේ දැන්වීම පළ කළ හෙතෙම ඒවායෙන්ද යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලට අවස්ථාව උදාකර ගත්තේය.

ටික කලකින් විශාල මුදල් සම්භාරයක්ද හිමිකර ගත් කට්ටඬි මහතා කා අතරත් අතිශය ප්‍රසිද්ධ චරිතයක් විය. රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඔහු සොයා ආවේය. එහෙත් හෙතෙම කිසිදු යන්ත්‍ර මන්ත්‍ර කටයුත්තක් ඉගෙන නොගෙන නොතිබූ අයකු බව දන්නේ ඔහුගේ සමීපතමයන් පමණක් වීම නිසා කිසිදු ගැටලුවක් ඇති නොවූ අතර ඉතා කෙටි කලකින් ලක්ෂ ගණනක වාහනයක් පවා ගන්නට හෙතෙම මුදල් උපයා ගත්තේ මේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලිනි.

මේ අතරතුරේ කුලියාපිටිය ප්‍රදේශයේ අයකු ඔහු සොයා ආවේ සිය නිවෙසේ යම් දෝෂයක් ඇති බව කියමිනි. නිවෙසේ ඇත්තේ හූනියමක් යැයි පැවසූ කට්ටඬි මහතා ඒ සඳහා ශාන්තිකර්මයක් කර හූනියම සොයා ඉවත් කළ යුතු බවත් දැනුම් දුන්නේය. ඊට අවශ්‍ය පුද පූජා භාණ්ඩද අනෙකුත් කළමනාද තම ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂ එකහමාරක්ද කතිකා කරගත් කට්ටඬි මහතා දිනයක් යොදාගෙන අදාළ නිවෙසට ගියේ සිය ගෝල බාලයන්ද සමගය. මෙවැනි බොහෝ තැන්වලදී සිය ගෝලබාලයන්ට ඒ ඒ අයට අයිති රාජකාරි පවරා තිබිණි. මෙහිදීද විශේෂ රාජකාරියක් පැවරූ ගෝලයකු සිටි අතර ඔහුට තිබුණේ කට්ටඬි මහතා කලින් සකසාදී තමා ළඟ සඟවාගෙන සිටි යන්ත්‍රය සහිත මංජුසාව අදාළ නිවෙසේ කඩුල්ල ළඟ වැළලීමය. ඊට අමතරව නිවෙස පිටුපසද වැළලීමට එවැනිම යන්ත්‍රයක් ලබාදී තිබිණි. මෙයට අමතරව හූනියම ඉවත් කර නිවෙසට වින කරන ප්‍රේතයා පලා යන විට කිරි ගසක අත්තක් කඩාගෙන යන බව නිවැසියන්ට ඇඟවීමට ඒ අසල කොස් ගසක අත්ත කැඩීමේ කාර්යයටද දෙදෙනකු පත්කර සිටියේය.

මෙය වංචනික ක්‍රියාවක් බව නොදත් නිවැසියන් ඉතා ගරුසරු ඇතිව කටයුත්තතට සම්බන්ධ වී සිටි අතර කට්ටඬි මහතා ශාන්තිකර්මය පටන් ගෙන හෝරාවකට පමණ පසු අසල තිබූ පන්දමක් ගෙන අමුතු නැටුමක් පටන් ගත් අතර සියල්ලෝම එදෙස බලා සිටියේ විමතියෙනි. මේ තම ගෝලබාලයන්ට කරන සංඥාවක් බව අනෙක් අය දැන නොසිටි අතර ගෝල පිරිස ලහි ලහියේ තම කටයුතු සඳහා යොමුවිය. ඔවුන්ගේ අඩුව අනෙක් පිරිසට නොදැනුණේ ඔවුන් එම ස්ථානයේ වැඩිපුර රැඳී නොසිටි නිසාමය. කඩුල්ල ළඟ යමක් වැළලූ ගෝලයකු එතැනින් ඉවත්ව යද්දී ඒ අසලට තවත් අඳුරු රුවක් ළංවිය. එතැන පොළොව ඇවිස්සූ අඳුරු රුව සැණෙකින් නොපෙනී ගියේය.
මේ ආකාරයටම ගේ පිටුපසද යමක් වැළලූ ගෝලයකු එතැනින් ඉවත් වෙද්දී පෙර කී අඳුරු රුව එතැනට ළංවිය. ඊළඟට එතැනත් මොන මොනවාදෝ කළ අඳුරු ඡායාව සැණෙකින් නොපෙනී ගියේය.

කට්ටඬි මහතා මන්ත්‍ර ජපයෙන් පසු ආවේශවී නිවෙසේ කඩුල්ල ළඟත්, නිවෙස පිටුපසත් හූනියම් වළලා ඇති බවත්, ඒවා ඉවත් කිරීමට ගෙහිමියාට තමා සමග එන ලෙසත් දැනුම් දුන්නේය. ඒ අනුව ගෙහිමියා සමග පිටත්වූ කට්ටඬි මහතාද අදාළ ස්ථාන වෙත ගොස් පොළොව හාරා හූනියම් දෙක අතට ගත්තේය. යළිත් ආපසු සුපුරුදු ස්ථානයට පැමිණ යළිත් ශාන්තිකර්මය පටන් ගත්තේය. ඒ අනුව කට්ටඬි මහතා හූනියමේ ඇත්තේ මිනී අළු විය හැකි බවත්, ඊටම බලගැන්වූ ප්‍රේත ආත්මයක් නිවෙසේ ඇති බවත් පවසා ඔහුව එළවා දැමීමට තමන් සූදානම් බවද ආරූඪයෙන්ම කීවේය. ඉන් පසු මහ හයියෙන් මතුරා ගිනි පන්දමකින් පොළොවට කිහිප වතාවක්ම ගැසුවේය. එහි ගිනි පුපුරු සීසීකඩ විසිරී යද්දී බුදු අම්මෝ යැයි හඬක් සමග අත්තක් කැඩී යන හඬක්ද ඇසිණි.

එම ස්ථානයට ගිය පිරිසට දකින්නට ලැබුණේ කට්ටඬියාගේ ගෝලයන් දෙදෙනකු කොස් අත්තට යටවී වැටී සිටින බවකි. ඒත් සමගම මිනී අළු ඇති බව කියූ හූනියම් දෙකේ ඇත්තේ තමන් පෙර දින මිලට ගෙන කට්ටඬි මහතාට දුන් දෙහි ගෙඩි දෙකක් බවත්, ගෙහිමියා සහ පිරිස වටහා ගත්තේය. සියල්ල වටහා ගත් පිරිස කට්ටඬියාට සහ ගෝලයන්ට පහරදී පොලිසියට අල්ලා දීමට කටයුතු කළ අතර පසු කලෙක ඔහු යන්ත්‍ර මන්ත්‍ර කටයුතු නවතා දේවලයක් පටන් ගත් බවක්ද ප්‍රචාරය විය.

සත්‍ය කතාවකි

නම් ගම් මනඃකල්පිතයි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඇයි තාමත් දරුවෙක් නැත්තේ?

Next Post

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල රක්ෂණ සහකරු AIA ඉන්ෂුවරන්ස්…

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.