දෙවසරකට වැඩි කලක් මේ රටේ දරු පරපුර අධ්‍යාපනය අතින් බලවත් පසුබෑමකට ලක්ව ඇති බවත් ආණ්ඩුවේ අකාර්යක්ෂම, අන්තනෝමතික කටයුතු නිසා රටම බැට කා සිටින අතර දරු පරපුරට ද අත්ව ඇත්තේ එවන් තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වනවිට විවෘත කරන ලද පාසැල්වලට පහසුකම් හා සේවා ගාස්තු ලෙස මුදල් අය කරන තත්ත්වයක් උද්ගතව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, කොරෝනා නිසා බැට කෑ ජනතාවගෙන් පාසැල් සදහා ගාස්තු අයකිරීම ඛේදවාචකයක් බවද පැවසීය. පාසැල් දරුවන්ට බලකොට මුදල් අයකිරීම බලවත් වරදක් බව කී ඒ මහතා, ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමට කටයුතු කොට ඇතැයිද කීය.
මේ මොහොතේ කළයුත්තේ නායකයින් යැයි කියාගන්නා අය කැපකිරීම් කොට දටු පරපුර සහ මව් පරපුර සුරක්ෂිත කිරීම බවද ඒ මහතා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කඩුවෙල රණාල සමගි ජන බලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.












