ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් එම ප්‍රභේදය රටට ඇතුළුවීම ප්‍රමාද කරගත හැකි බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න අද පැවැති මාධ්‍ය හමුවකදි සඳහන් කළාය.
මේ සදහා කාලවේලාව පවතින බැවින් දැන්ම තියා ඊට සූදානම් විය යුතු බවද ඇය සදහන් කළාය.










