තමන් කින්නියා ප්‍රදේශයේ ඛේදවාචකයට මුල් වූ කලපුවේ පාලමක් සෑදීමට මුල් ගල් තැබූ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.
එහිදී ලන්සා කියා සිටියේ එසේ කර තිබියදී විපක්ෂය නියෝජනය කරන මහරූෆ් මන්ත්‍රීවරයාගේ ඥාතියකු වන කින්නියා නගරාධිපතිවරයා නීතියට පිටින් ගොස් පාරු සේවයක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බවකි.
ඒ අනුව තමන් මේ පිළිබදව විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ඒ මහතා කීය.
කෙසේවෙතත් මීට පිළිතුරු ලබා දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ පාලමට මුල්ගල තැබූ නිමල් ලන්සා මහතා ඊ වගකිව යුතු බවකි.









