යාපනයේ ‘ආවා’ කණ්ඩායමේ නායකයා යැයි කියා ගත් අරුන් සිද්ධාර්තන් නැමැත්තා අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
පසුගිය කාලය පුරාම ඔහුට එරෙහිව පැමිණිලි ගණනාවක් පොලිසිය වෙත ලැබී තිබුණු අතර පොලිසිය එම කරුණු අධිකරණයටද වාර්තා කර තිබිණ.
නමුත් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිද්ධාර්තන් කටයුතු කර නොතිබීම හේතුවෙන් ඔහුට විරුද්ධව අධිකරණය මගින් වරෙන්තුද නිකුත් කර තිබිණ.
එමෙන්ම තමන් බලය ගත් දිනෙක නල්ලූර් කෝවිල සමතලා කොට එහි මහජන වැසිකිළියක් ඉදිකරන බවට සිද්ධාර්ථන් කර තිබූ ප්‍රකාශයක්ද එහි භාරකාර මණ්ඩලය විසින් පොලිසියට පැමිණිලි කොට තිබිණ.










