• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැනෝ පොහොරවලින් කෝටි ගාණක වංචාවක් වෙලා කියලා ඉන්දියාවෙන්ම ඔප්පු කළා! දැන් මොකද මහින්දානන්ද කියන්නේ! රහස් පොලිසිය දැන් මොකද කරන්නේ! (VIDEO)

November 19, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
බරපතළ දෙයක් අද හෙළිවුණා…! උසාවි නියෝග නැතිව CID අධ්‍යක්ෂ පුද්ගලයන්ගේ දුරකතන දත්ත ලබා ගන්නවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවට තමන් විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය බවට දැන් සනාථ වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (නොවැම්බර් 19) දින “නැනෝ යූරියා වංචාව හා අදාල ඉන්දීය සමාගම ඒ පිළිබඳ කරුණු දැක්වීම” සඳහා පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

2021.11.03 දින තමන් විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේ දී හෙළිදරව් කරන ලද කරුණු අනුව ඔක්තෝබර් මස 18 වැනි දින කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බව රණවක මහතා විසින් පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව කරන ලද හෙළිදරව්වෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී තමන්ට අවමාන සහගත ලෙස අපහාස කරමින් ප්‍රකාශයක් සිදු කළ බව ද හෙතෙම සඳහන් කළේය.

විශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලබා දෙමින් රණවක හිටපු අමාත්‍යවරයාෆේ ප්‍රකාශය අසත්‍ය බවටත්, මෙහි තිබෙන්නේ නැනෝ නයිට්‍රජන් බවටත්, එලෙසම මෙහි වංචාවක් සිදුව නැති බවටත් අලුත්ගමගේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ගොනු කළේය.

“දැන්  ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනිල් යාදව් මහතා ඊයේ මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වූවා. ඒ මාධ්‍ය හමුවේදී මවිසින් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු වෙන ආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙන එන පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක්.”

නැනෝ තත්ත්වයේ පවතින දේ ස්වභාවික නොවන අතර ඒවා නිෂ්පාදනය කළ යුතුය. එවැනි නිෂ්පාදෛතයන් ස්වාභාවික පොහොරක් නොවන අතර එය අනිවාර්යයෙන් ම රසායනික පොහොරක් වේ. මන්ද එය නිෂ්පාදනය කරන්නේ රසායනික ද්‍රව්‍ය හරහා ය.

“මෙහි පොහොර මිලි ලීටර් පන්සීයක මිල ඉන්දියානු රුපියල් 240 ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි. ලීටරයක් ඉන්දියානු රුපියල් 480 ක් කියලා. එතකොට මේක වෙන්නේ ඩොලර් 06 කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මේ අනුන්ට චෝදනා කරන මේ පුද්ගලයා මේ ගෙනෙන ලද පොහොර ගෙන එනවයි කියලා කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණේ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම හරහා. නමුත් ඔහු මේක ගෙනාවේ වෙනත් පුද්ගලික පිරිසකගේ ට්‍රස්ට් එකක් හරහා ඒ ගැන ප්‍රකාශ කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ. ඒකෙන් මිල ගණන් කැඳවනවා කියලා විතරයි. ඊළඟට මේ පොහොර ලීටර් මිලියන 2.1 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් 52 ක මුදලක් වැය කරන බව ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ලීටරයක්,  ඩොලර් 25 කට ආසන්න මුදලක් තමයි ගෙන්නන්න යන්නේ. ඉතින් ඒ හරහා තමයි මේ මහා වංචාව සිද්ධවෙන්නේ. මං පෙන්නලා දුන්නා. ගොවි පවුල් දස ලක්ෂයකට රුපියල් අටදාහ ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකයින් විසින් ගොවි ජනතාවගේ පොහොර තහනම් කරලා ලබාදීපු එම නැනෝ පොහොර වලින් කොල්ල කාගෙන ඇති බව.”

මින්පසුව මතුවන සංකූලතා කෙසේ වෙතත් මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරය. ඒ නිසා රහස් පොලීසියට ගිය මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතුය. කවුද මේ ජාවාරම පිටිපස්සේ හිටියේ?

“මේ ඊනියා සමාගම සිය ගිණුම සකස් කරලා තියෙන්නේ. 2021.10.18 වෙනිදාමයි. කැබිනට් පත්‍රිකාව ආපු දවසෙමයි. 19 වෙනිදාම මේ කටයුතු කරලා තියෙනවා. ඊට පසුව මේ ගිණුම වසා දමලා තියෙනවා. මේ වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි. තරාතිරම නොබලා රාජ්‍ය ඇමතිද? ඇමතිද? මීට සම්බන්ධ ඊට වඩා ඉහල ඇත්තෝද? ඒ සියලු දෙනාට නීතිය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටිනවා ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකෙට ප්‍රකාශ කළ යුතුයි. රජය මේ ගැන මැදිහත් නොවුනත් අනාගතය අනිවාර්යෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මේ රටේ ජනතාව, මේ රටේ ගොවි ජනතාව දැන් පෙළගැසිය යුතු බව, ඉතාම පැහැදිලියි.”

චීනයෙන් ගෙන එන ලද කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නයේ දී ගෙවීම් කටයුතු කරන්නේ මහ බැංකු අධිපතිවරයාට ය. මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපතිවරයාටත්, සාමාන්‍යාධිකාරීවරයාටත් විශාල තදියමක් පවතින බව පෙනේ.

“මේ පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය පිටිපස්සේ හිටිය ප්‍රධානියා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ඥාතියෙක්. ඉතින් මේ බව දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ ලේකම්වරයත් ඒක පිළිඅරගෙන ඉවරයි. දැන් යම්කිසි ආකාරයකට මෙහි සඳහන් මේ අහිතකර බැක්ටීරියා විශේෂය තිබෙනවා නම් මෙහි පාඩුව දැරිය යුත්තේ මේ සමාගම මිසක් මහජන බැංකුව හෝ කෘෂිකර්ම අමාත්යාංශය නොවෙයි. එහෙමනම් රජයට කරන ලද මේ පාඩුව වහාම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ඥාති සහෝදරයා විසින් රජයට පියවිය යුතු විතරක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් සිදු වෙච්ච අනෙකුත් කාරණා වලට නීතිය ඉදිරියේ විය යුතුයි.”

මේ කාබනික කොම්පෝස්ට් පොහොර ටොන් එකක සාමාන්‍ය වටිනාකම රු. 230 කි. ටොන් 98,000 ක් ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 44 ක් වැය වේ. ඩොලරය රු. 230 ක් ලෙස සළකා බැලුවහොත් මේ කොම්පෝස්ට් පොහොර ටොන් එකක් සඳහා රු. 103,000 ක් වැය වේ.

“මේ රටේ විශාලම කාබනික අංගනය පොහොර අංගනය, කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන ගියේ, අපේ මහනගර අමාත්‍යාංශයෙන්, අපි, තොග ගානේ ටොන් එකක් ලබා දුන්නේ රු. 4200ට. ඒ වගේම, නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් එක්කහු කරලා පැකට් කරලා වික්කේ රුපියල් 30කට කිලෝව. ඒ කියන්නේ ටොන් එක රු. 30,000 කට ගන්න පුළුවන්කම. හැබැයි තොග වශයෙන් ගත්ත හැම කෙනාටම ටොන් එක රු. 4000 ට වික්කේ. දැන් කොහොමද ඒකෙත් ගැහිල්ල? ඒකෙත් ගැහිල්ල 1 ට 25 ගැහිල්ලක්.”

මේ පිළිබඳව චීන රජය කරන මැදිහත් වීම කණගාටුදායකය. මෙය සමාගම් දෙකක් අතර ප්‍රශ්නයක් මිස චීන රජය සහ ලංකා රජය අතර ප්‍රශ්නයක් නොවේ.

නොවැම්බර් 17 වැනිදා ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව පිළිබඳ වාර්තාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණ. එහි කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය යුතු කරුණ යටතේ හතර ඈ වගන්තිය යටතේ 2021 ජූලි 22 ගත් තීරණයක් අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ රු. මිලියන 350 ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 ක ක්‍රියාත්මක කිරීම සඳහා එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ කාබනික පොහොර ව්‍යාපෘතියක් සඳහා ලබා දී තිබේ.

“කෝප් කමිටුව ඉදිරියේ පිළිගත්තා අදාල ආයතනයේ සභාපතිවරයා පනතට අනුව ඒකට කිසිම නීතිමය හැකියාවක් නෑ කියලා පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වෙනුවෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කියලම ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගේ අමාත්‍යාංශයක්ම තියෙනවා. එහෙම තිබියදී එකට පනතෙන් කිසිම ඉඩකඩක් ලබා දීලා නෑ කියලා. කැබිනට් මණ්ඩලයට යම් යම් අනුමැතීන් දෙන්න පුළුවන්. නමුත් පනත් උල්ලංඝනය කරන්න කැබිනට් මණ්ඩලයට හැකියාවක් නෑ. ඒ බව හොඳින්ම මතක තබා ගත යුතුයි. ඒ අනුව මේ ගනුදෙනුවත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ගනුදෙනුවක්.”

එමෙන්ම  එම නිර්මාණය කරන ලද පොහොර පසට යොදන්න සුදුසුද නැද්ද යන්න පිළිබඳ ප්‍රමිති වාර්තාවක් තිබේ ද යන්න රණවක මහතා විසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

“ටොන් 20000 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා ඒ සභාපතිවරයා පිළිගත්තා. ඒ අනුව ගත්තත් මිලියන 350 ක් වියදම් කරලා ඒකෙන් කොටසක් වියදම් කරලා නැහැයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ටොන් 20000 කට ආසන්න ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙන ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා. ටොන් එකක් එතනත් රු. 17000 ක් ගිහින් තියෙනවා. කොහොම ගැහිලිද?”

“අපිව නිහඬ කරවන්න නඩු දාලා, චෝදනා කරලා, මඩ ගහලා හොර මංකොල්ලකාරයින් විසින්, අයථා උපයාගත් ධනය යොදාගෙන නාලිකාවල චිත්‍රපට හදලා අපිව නතර කරන්න බෑ. මේ වංචාවට එරෙහිව අපි එදත් රාජපක්ෂලාට එරෙහිව නැගී සිටියා. අදත් ඒ ක්‍රියාදාමය එනවා. රාජපක්ෂලාට විතරක් නෙවෙයි යහපාලන කාලේ සිද්ධ වෙච්ච හොරකම් වලටත් වෙන කවුරුහරි කරන ක්‍රියාදාමයන්ටත් එරෙහිව යුක්තිය වෙනුවෙන් අපි ඉදිරියේදීත් නැගී සිටින බව ප්‍රකාශ කරමින් සියලුම ජනතාවට මේ පිළිබඳව අවදියෙන් නැගී සිටින්න කියලා ඉල්ලනවා” පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා මුළු මහත් ජාතියෙන්ම ආයාචනයක් කළේය.

SendShareShare
Previous Post

පොලිසියෙ ඉන්න සියලුම ඔඩොක්කු කුක්කන් උසාවියට ගෙනියන්න තීන්දුවක්! නම් ලයිස්තුව දැන් හදනවලු! (VIDEO)

Next Post

ගොවි උද්ඝෝෂණය හමුවේ මෝඩි දණ නමයි! නීති 3ක් රිවස් කරයි! ‌සමාවත් ඉල්ලයි! ගෝඨා මොනවා කරයිද?

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.