• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මඩ ගැහිල්ල චම්පික-අනුර ප්‍රසිද්ධ විවාදයක්?

November 19, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මඩ ගැහිල්ල  චම්පික-අනුර ප්‍රසිද්ධ විවාදයක්?
Share on WhatsAppShare on Facebook

තමන් සමග විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

එසේ ආරාධනා කරමින් ජවිපෙ නායකයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

හිතවත් අනුර කුමාර දිසානායක මහතාණෙනි,
මිත්‍රශීලී සහ විවෘත සංවාදයක් සඳහා ආරාධනයයි

විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා මෙසේ ඔබ වෙත ආරාධනා කිරීමට අප තීරණය කළේ මෑතක සිට මා ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහල මට්ටමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමහරෙකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන නිසාය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක මට්ටමේ කිහිප දෙනෙකු විසිනුත් එම චෝදනා වක්‍රාකාරයෙන් ස්ථිර කරන නැතිනම් ඒවාට අනුබල දෙන අන්දමේ ප්‍රකාශ කිහිපයක් කරනුද නිරීක්ෂණය කළෙමි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි.

පවත්නා රාජපක්ෂ ආණ්ඩුව විසින් අපේ රට එහි ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇද දමා අවසන්ය. තමන්ගේ ඒ නොහැකියාව සහ එහි නායකයන්ගේ නිමක් නැති වංචා, දූෂණ වසා ගැනීමේ විශ්වාසනීයම ක්‍රමය ලෙස දැන් ආණ්ඩුව විසින් පාවිච්චි කරමින් සිටින්නේ, තම දුර්දාන්ත ක්‍රියා හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව හැකි උපරිමයෙන් අභූත චෝදනා එල්ල කිරීමත් අශික්ෂිත මඩ ප්‍රහාර එල්ල කිරීමත්ය. මේ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවන්නේ, කුප්‍රකට ඇවන්ගාඩ් වංචාව සිදුකළ නිශ්ශංක “සේනාධිපති” නමැත්තාගේ සංවිධානාත්මක මඩ ව්‍යාපාරයට මා මෙන්ම ඔබද එකසේ ගොදුරු වී සිටින නිසාය. එබඳු දූෂිතයන්ට කිසිදු සදාචාරයක් නොමැති නිසාත්, එසේම වංචනිකව කොල්ලකාගත් මහජන ධනය අසීමිත ප්‍රමාණයක් ඇති නිසාත්, ඕනෑම බොරුවක් කිසිදු හිරිකිතයකින් තොරව මහා පරිමාණයෙන් සමාජගත කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලා දැමීම පිණිස පමණක් නොව, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහාද සියලු යුක්තිසහගත සමාජ බලවේග විසින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ, මේ පාදඩ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව එක්සත්ව සහ ශක්තිමත්ව පෙනී සිටිමින් ඒවා සාමාජයීය වශයෙන් පරාජය කර දැමීමයි.

නමුත් අවාසනාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද? අප නිරීක්ෂණය කළ පරිදි නිශ්ශංක සේනාධිපතිගේ කණ්ඩායම විසින් අපට එරෙහිව නිර්මාණය කරන මඩ වීඩියෝ සහ ප්‍රවෘත්ති අභිරුචියෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහුගේ ප්‍රහාරයට අප හා සමානවම ලක්වෙමින් සිටින ඔබ විසින් නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් බවයි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. නිදසුනක් ලෙසට පසුගිය දා ඔවුන් විසින් නිර්මාණය කරන ලද වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ වීඩියෝව දැක්විය හැකිය. එය සියයට සියයක්ම අසත්‍ය කරුණුවලින් යුක්තව සකසා තිබූවකි. නමුත් ඔබ පක්ෂයේ සාමාජිකයෝ එහිදී සේනාධිපතිගේ උද්‍යෝගීමත් ප්‍රචාරකයන් බවට පත්ව සිටියහ. මෙයාකාරයෙන්ම සිදු වූ දිනයක් හෝ නිශ්චිතව සඳහන් නොකරන කුමක්දෝ ගල් අඟුරු වංචාවකට මා සම්බන්ධ යැයි ප්‍රචාරය කරති. යහපාලන කාලයේ සිදු වූ ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් මා මැදිහත් වූයේ මුලින්ම ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළ පුද්ගලයා වශයෙන් විනා චූදිතයා වශයෙන් නොවන බව ඔබ හොඳින්ම දනියි. පසුකලෙක එම සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට මා කැඳවූයේද පැමිණිල්ලේ සාක්ෂිකාරයෙකු වශයෙන්ය. එපමණක් නොවේ. මා පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී හඳුන්වා දුන් දුම් පරීක්ෂණය පවා බොරුවක් පමණක් නොව එයින් මට කොමිස් මුදලක් ලැබුණු බවට ද චෝදනා කරනු දුටුවෙමි. එය පුදුම සහගතය. දුම් පරීක්ෂණය හඳුන්වා දීමෙන් පසුව වායු තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහල ගියේය යන්නත් එම නිසා ශ්වසන රෝග අඩු වූයේය යන්නත් පර්යේෂණ මගින්ම ඔප්පු වී ඇති දෙයකි. එසේම එය සිදු කළේ කොමිස් මුදලක් බලාගෙනය නැතිනම් එයින් මට අයුතු මූල්‍ය වාසියක් ලැබුනේය යන චෝදනාව ඇත්තෙන්ම විහිළු සහගතය. ඔබ හොඳින්ම දන්නා පරිදි පෙර කී සංකල්පය අපේ අමාත්‍යංශය මගින් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක කරන ලද්දේ අප නොව ප්‍රවාහන අමාත්‍යංශය විසිනි. එම චෝදනාව කෙතරම් පදනම් විරහිතද යන්නට ඊටත් වඩා සාක්ෂි කුමටද?

අපට එරෙහිව දූෂිතයන් විසින් නිර්මාණය කරන සහ ජවිපෙ සාමාජිකයන් විසින් ප්‍රචාරණය කරන සියලුම චෝදනාවන්ගේ සැබෑ තත්ත්වය එයය. තම දේශපාලන ප්‍රතිවාදීන්ව හා තරඟකරුවන්ව විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ වරදක් නොවේ. නමුත් එම විවේචනයන් සාධාරණ විය යුතුය. පදනමක් සහිත විය යුතුය. විශේෂයෙන්ම ධනාත්මක සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග සිය ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පවා යුක්තිසහගත විය යුතුය. නමුත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අපට එරෙහිව අන්ත දූෂිත වංචනිකයන් විසින් නිර්මාණය කරන ලද අමූලික අසත්‍යයන් ඔබගේ පක්ෂයේ පහල සාමාජිකයන් විසින් සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය කිරීමය. වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් සුලබව නොවූවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයන් කිහිප දෙනෙකු විසිනුත් මේවාට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් නමුත් කරනු දක්නට ලබීමය.

මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. මෙයින් සිදුවන්නේ එක අතකින් මේ දූෂිත, අඥාන සහ අත්තනෝමතික පාලනයට එරෙහිව හරිනම් එක්සත්ව කටයුතු කළ යුතු බලවේග භේදභින්න වී අනවශ්‍ය කරුණු මත එකිනෙකා කුලල් කා ගන්නා තැනකට පත්වීමය. දැනටමත් ඔබ පක්ෂයේ සාමාජිකයන්ගේ ඒ අසාධාරණ චෝදනා ඉදිරියේ වේදනාවට හා කෝපයට පත්ව සිටින අපේ ආධාරකරුවන් අනවශ්‍ය හා නිශේධනාත්මක ආකාරයෙන් පෙරලා ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති බවක් අපි දකිමු. එය කිසිසේත්ම විය යුතු දෙයක් නොවේ. අනෙක් අතට ඊ ළඟ මැතිවරණය හුදෙක් ආණ්ඩු මාරුවන අවස්ථාවක් නොව ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සාමාජයීය වශයෙන් විප්ලවීය පරිවර්තනයකට භාජනය වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් කර ගැනීමේ වගකීමක් අප සියලු දෙනා සතුය. එවැන්නක් සඳහා ශිෂ්ටසම්පන්න ප්‍රතිපත්තිමය සංවාදයක් අවශ්‍යය. මේ වත්මන් ප්‍රවනතාව නිසා එබන්දකට ඇති ඉඩ අහෝසි වීමේ විශාල අවදානමක් පවතී.

මේ ලිපිය ඔබතුමාට යොමු කිරීම මගින් අප අපේක්ෂා කරන්නේ මේ පිළිබඳව වෙනත් ප්‍රවේශයක් සඳහා වූ යෝජනාවක් කිරීමටය. පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන ලෙස පසුගිය කාලය පුරා මා වගකීම දැරූ අමාත්‍යංශවල කුමන හෝ වංචාවක් හෝ දූෂණයක් සිදු වී ඇතැයි ඔබ අවංකව විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයක් ඔබ හෝ ඔබ හා සමාන මට්ටමේ දැනුමක් හා සංයමයක් තිබෙන වෙනත් සුදුසු නායකයෙකු සමග කරන්නට මම කැමැත්තෙන් සිටිමි. මා යෝජනා කරන්නේ අප බොහෝ විට දැක පුරුදු, අනෙකාව සමතලා කිරීමේ හෝ අපහාසයට හා උපහාසයට භාජනය කිරීමේ වාචික පොරයකට නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයකටය. මෙය සාර්ථක වුවහොත් අපට මෙයින් ඔබ්බටද ගොස් මේ රටේ අනාගතය සම්බන්ධයෙන් වන පුළුල් ප්‍රතිපත්තිමය සංවාදයක් ආරම්භ කළ හැකිවනු ඇත. අපේ සුපුරුදු පාඨයකින් කිවහොත් මේ රට ඉන්නේ හිතෙන රටක් බවට පත් කර ගැනීම සඳහා, විපක්ෂයේ විවිධ දේශපාලන බලවේගයන් අතර ඇති සමානතා හඳුනා ගැනීමටත්, එසේම වෙනස්කම්වල පරතරය අඩු කර ගැනීමටත් මග පාදන එබඳු සංවාදයක් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යය.

මෙයට
පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

ජලනි SHE අරඹයි! තන්තිරිමලේ දුෂ්කර පාසල් 3කට කම්පියුටර් ලබා දෙයි! (VIDEO)

Next Post

විජයදාසගේ පුතාගේ ජීවිතයේ ලොකුම රැවටීම!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.