‘ජීවිතයේ හැමෝම එක්වරක් හෝ රැවටී ඇතිලු. මේ මගේ එක. මම හින්ද රැවටිච්චි පිරිසටත්, කරුණාකරලා සමාවෙන්න. අවංකව ගත් වැරදි තීරණයක්.’
සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සදහන් කොට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම සදහා විශාල මෙහෙයක් සිදු කළ රඛිත රාජපක්ෂ මහතාය.
රඛිත රාජපක්ෂ යනු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයාය.
විජයදාස රාජපක්ෂ මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කිරීඹ සදහා විශාල කැපකිරීමක් කළ අයෙකි.
පහත දැක්වෙන ජායාරූපය යහපාලන ආණ්ඩුව පරාජයට පත් කළ දවසේ ගත් ජායාරූපයක් වන අතර එය රඛිත විසින් සිය ෆේස්බුක් පිටුවට එකි කිරීමට පියවර ගෙන තිබුණේ ඉහත වාක්‍ය ඛණ්ඩයද සමගින්ය.










